මුල් පිටුව // පුද්ගලික // ඉතුරුම් ගිණුම්
විශ‍්‍රාම ඉතුරුම් ගිණුම
011 7 640 640
හැදින්වීම

කාගීල්ස් බැංකු විශ‍්‍රාම ඉතුරුම් ගිණුම විශේෂයෙන් විශ‍්‍රාමිකයින් සදහා නිර්මාණය කර ඇත. ගිණුම් හිමියාට තමන්ගේ විශ‍්‍රාම වැටුප පේ‍්‍රෂණ්‍ය පහසුකම් සැලසීම සදහා මෙම ගිණුම විශේෂ වූ විශේෂාංග සහ ප‍්‍රතිලාභ ලබා දෙයි.

සුදුසුකම්

-ශ‍්‍රී ලංකික පුරවැසියෙකු වීම
-රජයේ විශ‍්‍රාමික හෝ වැන්දඹු/වැන්දඹු පුරුෂ (විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හරහා කාලාත‍්‍රයාගේ විශාම වැටුප ලබන)
-වලංගු ජාතික හැදුනුම්පතක් (NIC) හිමි වයස අවුරුදු 75 දක්වා වූ අයෙකු වීම

සුවිශේෂතා

– තෝරාගත් දිනවල කාගිල්ස්  සුපිරි වෙළඳසැල්වල බෙහෙත් වට්ටෝරු සඳහා 7.5% දක්වා වට්ටමක්

– “විශ්‍රම” සන්නාමය සහිත ජීවිත කාලය පුරා නොමිලේ ඩෙබිට් කාඩ්පතක්

–  පෙර අනුමත ක්‍රෙඩිට් කාඩ්පතක්

– නව පොඩිහිටියෝ ඉතුරුම් ගිණුම සඳහා අමතර තෑග්ගක්

– නොමිලේ විද්‍යුත් ප්‍රකාශන පහසුකම

– නොමිලේ විශ්‍රාමිකයින්ගේ බැංකු පොත

– නොමිලේ ඔන්ලයින් බැංකු සහ ජංගම බැංකු පහසුකම

– නොමිලේ කෙටි පණිවුඩ සේවාව

– දිවයින පුරා ලියාපදිංචි කාගිල්ස් ෆුඩ් සිටි අලෙවිසැල් 530කින් වසරේ දින 365ම උදේ 8 සිට රාත්‍රී 10 දක්වා මුදල් තැන්පත් කිරීම සහ ආපසු ගැනීම නොමිලේ.

පොළී අනුපාතය

-සම්මත ඉතුරුම් අනුපාතය + 2% බෝනස් පොළී

අවශ්‍ය ලියකියවිලි

– නිසි පරිදි සම්පූර්ණ කරන ලද ඉතුරුම් ගිණුම් අයදුම්පත
– ජාතික හැදුනුම්පත (NIC)
– විශ‍්‍රාම වැටුප් හැදුනුම්පත හෝ වෙනත් තහවුරු ලේඛන
– පදිංචි ලිපිනයට අදාල මෑත කාලීන උපයෝගිතා බිල්පතේ/බැංකු ප‍්‍රකාශයේ පිටපතක් ( ලිපිනය ජාතික හැදුනුම්පතට වඩා වෙනස් නම්)

නියමයන් හා කොන්දේසි

-අවම මූලික තැන්පතුව රුපියල් 500/- කි

-ඒකාබන්ධ ගිණුම් සඳහා අවසර නොලැබේ

-ගිණුම් හිමියාට නාමිකයෙකු පත් කළ හැකිය. කෙසේ වෙතත්, කිසිදු තත්වයක් යටතේ නාමිකයාට වෙනත් ප‍්‍රතිලාභ හිමි නොවේ

-රජයේ විශ‍්‍රාම වැටුප පැවරිය යුතු අතර මාසිකව ගිණුමට බැර කළ යුතුය. අඛණ්ඩව මාස 3 විශ‍්‍රාම වැටුපක් නොලැබෙන අවස්ථාවකදී ගිණුම සාමාණ්‍ය ඉතුරුම් ගිණුමක් බවට පරිවර්තනය කෙරෙන අතර “විශ‍්‍රාම” ඉතුරුම් ගිණුමට අදාළ සියලූ ප‍්‍රතිලාභ නවත්වනු ඇත

-ඖෂධාගාර(ෆාමසි) බිල්පත් සදහා වට්ටම් කාගීල්ස් ෆුඞ් සිටි පිරිනැමීම් සම්බන්ධ කාගීල්ස් සුපිරි වෙළදසැල් නිර්දේශිත ඖෂධ සදහා ලබා දෙනු ඇත

-ඖෂධාගාර (ෆාමසි) වට්ටම් වරින් වර බැංකුව විසින් සාමාලෝචනය කරනු අතර,මසකට දෙවරක් (විශ‍්‍රාම වැටුප් දින)පමණක් අදාළ වේ. උපරිම වට්ටම දිනකට රුපියල් 1,000 වනු ඇත

-බාලවයස්කරුවන් සදහා වන ත්යාගය සදහා සුදුසුකම් ලැබීමට, විශ‍්‍රාමිකයා ඔවුන්ගේ ඉතුරුම් ගිණුමෙන් ස්ථාවර නියොග සකස් කළ යුතුය. වාරික 12 සාර්ථකව ලැබීමෙන් පසු බාලවයස්කරුවාට සන්නාමගත පාසල් බෑගයක් පිරිනැමෙනු ඇත

-ඕනෑම අවස්ථාවක කාගීල්ස් බැංකුවේ “විශ‍්‍රාම” ඉතුරුම් ගිණුමට අදාළ නිෂ්පාදන විශේෂාංග/දීමනා සහ නියමයන් සහ කොන්දේසි වෙනස් කිරිමට, එකතු කිරිමට හෝ සංශෝධනය කිරිමට ඇති බලය කාගීල්ස් බැංකුව රදවා තබා ගනී

-සාමාන්‍ය ඉතුරුම් ගිණුම් වලට අදාළ අනෙකුත් සියලූම සාමාන්‍ය නියමයන් සහ කොන්දේසි සහ මෙහෙයුම් ක‍්‍රියාවලි “විශ‍්‍රාම” ඉතුරුම් ගිණුමට අදාල වේ

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR

For security, use of Google's reCAPTCHA service is required which is subject to the Google Privacy Policy and Terms of Use.

Inquiry Form