Home // About Us
ආයතනික කළමනාකරණය
ශක්තිමත්ව ඉදිරියට යමින්.
සාර්ථකත්වයට කැප වෙමින්.
සෙනරත් බණ්ඩාර
කළමණාකර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී
සෙනරත් බණ්ඩාර
කළමණාකර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී

සෙනරත් බණ්ඩාර මහතා බැංකුකරණ වෘත්තිකයෙකි. ලංකා බැංකුවේ වසර 30කට වැඩි විශිෂ්ට වෘත්තීය ජීවිතයකට හිමිකම් කියන ඒ මහතා විශ්‍රාම ලැබුවේ එහි සාමාන්‍යාධිකාරි/ප්‍රධාන විධායක නිලධාරි ලෙස සේවය කරමින් සිටිය දී ය.

ඔහු ලංකා බැංකුවේ අනුබද්ධ හා ආශ්‍රිත සමාගම් කිහිපයක සහ ඊට අමතරව සීමාසහිත ලංකා ක්ලියර් (පෞද්) සමාගම, ණය තොරතුරු කාර්යාංශය සහ සීමාසහිත ලංකා මූල්‍ය සේවා කාර්යාංශය යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයන්හි සේවය කර ඇත.

ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකයෙකු ලෙස ද සේවය කර ඇත¦ තායිලන්තයේ බැංකොක් නුවර පදනම් කර ගෙන ක්‍රියාත්මක කලාපීය සංගමයක් වන ආසියා ශාන්තිකර ග්‍රාමීය කෘෂිකර්ම ණය සංගමයේ (APRACA) සභාපතිවරයා ලෙස ද සේවය කර ඇත¦ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ උපසභාපතිවරයා ලෙස ද සේවය කර ඇත¦ ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ අතීත සභාපතිවරයෙක් ද විය.

බණ්ඩාර මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් බැංකු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි විධායක ඩිප්ලෝමාවක් ද ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් ව්‍යාපාරික පාසලෙන් උසස් කළමනාකරණ වැඩසටහනක් ද හිමි කර ගෙන ඇත. බණ්ඩාර මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකි.

 

P S මාදවන්
ප්‍රධාන මෙහෙයුම් නිලධාරි
P S මාදවන්
ප්‍රධාන මෙහෙයුම් නිලධාරි

ප්‍රභූ මාදවන් මහතා කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (UK) හි සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙහි සහකාර සාමාජිකයෙකු වේ. එමෙන්ම ඔහු වාණිජවේදී උපාධිධාරියෙකුද වේ. මූල්‍ය, විගණන, ගිණුම්කරණ හා බදුකරණ යන ක්ෂේත්‍රයන්හි වසර 19කට අධික අත්දැකීම් ඔහු සතු වේ. ඔහු සීමාසහිත කාගිල්ස් සිලෝන් පුද්ගලික සමාගමෙහි අධ්‍යක්ෂකවරයෙකි.

තලාල් මාසුක්
ප්‍රධාන උපායමාර්ගික නිලධාරී
තලාල් මාසුක්
ප්‍රධාන උපායමාර්ගික නිලධාරී

තලාල් මර්සුක් එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයකු වන අතර වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරකයකුද වේ. ඔහුට කොටස් පර්යේෂන, සමාගම් මූල්‍ය, ආයෝජන තක්සේරු, ආයෝජක සබඳතා, සැලසුම් කිරීම සහ ක‍්‍රමෝපායයන් පිළිබඳව වසර 10 ක අත්දැකීම් තිබේ. 2012 වසරේ කාගිල්ස් සමූහයට සම්බන්ධවීමට පෙර තලාල් CT CLSA Securities පුද්ගලික ආයතනයේ පර්යේෂණ කණ්ඩායම මෙහෙයවීය. ඔහුට සිල්ලර සහ පාරිභෝගික භාණ්ඩ, නිෂ්පාදන අංශය, බැංකු සහ මූල්‍ය, කෘෂිකර්ම සහ විදුලි සංදේශ ද අතුලූව  විවිධ ක්ෂේත‍්‍ර ගණනාවක අත්දැකීම් තිබේ.

චන්ද්‍රදාස අමරසිංහ
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - සාමාන්‍ය හා ව්‍යාපාර බැංකුකරණය
චන්ද්‍රදාස අමරසිංහ
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - සාමාන්‍ය හා ව්‍යාපාර බැංකුකරණය

චන්ද්‍රදාස අමරසිංහ මහතා සංවර්ධන බැංකුකරණය, ශාඛා බැංකුකරණය, සිල්ලර බැංකුකරණය, සමාගම් සහ අක්වෙරළ බැංකුකරණය පිළිබඳව වෘත්තිකයකු ලෙස වසර 30 කට වැඩි පළ පුරුද්දක් ලබාතිබේ. කාගිල්ස් බැංකුවට සම්බන්ධවීමට පෙර ඔහු ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වශයෙන් කටයුතු කළ අතර එහිදී සිල්ලර, අලෙවි සහ ජාල කළමනාකරණ කටයුතු අධීක්ෂණය කළේය.  ඔහු ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්  විද්‍යාවේදී සහ විද්‍යාපති උපාධි ලබාගත්තේය. ඔහු ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයකු වන අතර  ශ‍්‍රී ලංකාවේ වෘත්තීය බැංකුකරුවන්ගේ ආයතනයේ හිටපු සභාපතිවරයාද වේ.

අමෙන්ද්‍ර ද සිල්වා
සමාගම් ලේකම්
අමෙන්ද්‍ර ද සිල්වා
සමාගම් ලේකම්

2018 මැයි මස 1 වන දින සමාගම් ලේකම් ලෙස පත් කරනු ලැබූ ඇය, බැංකුකරණ ක්ෂේත්‍රයෙහි වසර 20කට අධික අත්දැකීම් සහිත අයෙකි. ඇය නීතිඥවරියක වන අතර අන්තර්ජාතික අනුකූලතා සංගමයෙහි අනුකූලතා පිලිබඳ ඩිප්ලෝමාවක්ද ලබා ගෙන ඇත. මීට පෙර ඇය ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකුවෙහි නෛතික නිලධාරියෙකු ලෙස සහ හැටන් නැෂනල් බැංකුවෙහි නීති අංශ (ආයතනික) කළමනාකාර ලෙස කටයුතු කර ඇත. බැංකුව සමග සම්බන්ධ වීමට පෙර, ඇය ජාතික සංවර්ධන බැංකුවෙහි අනුකූලතා අංශය මෙහෙයවන ලදී.

සජීවනී සෝලංගාරච්චි
සහකාර සාමාන්‍යාධිකාරී - නෛතික
සජීවනී සෝලංගාරච්චි
සහකාර සාමාන්‍යාධිකාරී - නෛතික

සජීවනී සෝලංගාරච්චි මෙනවිය, වෘත්තියෙන් නීතිඥවරියක් වන අතර වානිජ්‍ය, ආහාර වෙළඳාම, ආහාර සේවා, නිෂ්පාදන සහ  පැවරීම යන අංශයන්හි නීතිමය විශේෂඥතාවන්ද ඇතුළුව නීති ක්ෂේත්‍රයෙහි වසට 17කට අධික අත්දැකීම් රැසක් ඇය සතු වේ.

එමෙන්ම ඇය කොළඹ විශ්වවිද්‍යාලය මගින් කලා උපාධියක්ද ලබාගෙන ඇත.

ඇය 1999 වර්ෂයේදී ජනාධිපති නීතිඥ W. ජයරත්න මහතා යටතේ කනිෂ්ඨ නීතිඥවරියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලද අතර 2003 වසරේදී නීති නිලධාරිනියක් ලෙස කාගිල්ස් (සිලෝන්) PLC සමග සම්බන්ධ විය.

2012 වර්ෂයේදී සීමාසහිත කාගිල්ස් බැංකුව සමග සම්බන්ධ වන විට, ඇය කාගිල්ස් සමූහයෙහි නෛතික අංශ ප්‍රධානී ලෙස කටයුතු කළාය.

අජිත් අල්ලිරාජා
සහකාර සාමාන්‍යාධිකාරී - වෙළඳ
අජිත් අල්ලිරාජා
සහකාර සාමාන්‍යාධිකාරී - වෙළඳ

වෙළඳ ප්‍රධානි ලෙස කටයුතු කරනු ලබන අජිත් අල්ලිරාජා මහතා 1989 වර්ෂයේදී ANZ Grindlays බැංකුව සමග සිය වෘත්තියමය ජීවිතය ආරම්භ කර ඉන් අනතුරුව 2001 වසරේදී Standard Chartered බැංකුව සමග සම්බන්ධ විය.

ඔහු බැංකුකරණය පිලිබඳ පුළුල් දැනුමක් ලබා ගනිමින්, වසර 28කට අධික කාලසීමාවක් ජාත්‍යන්තර හා දේශීය බැංකු රැසක අත්දැකීම් ලබාගෙන ඇත.

ඔහුගේ බැංකු සේවා කාලය තුල වෙළඳ, අවදානම් කළමනාකරණ, විගණන, මෙහෙයුම් හා ක්‍රෙඩිට් කාඩ්පත් යන අංශයන්හි විවිධ වූ කළමනාකරණ තනතුරු දරා ඇත.

අජිත් මහතා, 2015 වසරේදී කාගිල්ස් බැංකුව සමග සම්බන්ධ වීමට පෙර ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිලිබඳ වසර ගණනාවක අත්දැකීම් සහිතව, ශ්‍රී ලංකා Standard Chartered බැංකුවෙහි වෙළඳ සේවා ප්‍රධානී තනතුර දැරීය.

ලසන්ත මහේන්ද්‍රරාජා
සහකාර සාමාන්‍යාධිකාරී - පාරිභෝගික බැංකුකරණ, ව්‍යාපාර බැංකුකරණය, වාණිජ සේවා
ලසන්ත මහේන්ද්‍රරාජා
සහකාර සාමාන්‍යාධිකාරී - පාරිභෝගික බැංකුකරණ, ව්‍යාපාර බැංකුකරණය, වාණිජ සේවා

ලසන්ත මහේන්ද්‍රරාජා මහතා ව්‍යාපාර බැංකුකරණය, වාණිජ සේවා, ආයතනික
බැංකුකරණය, පාරිභෝගික සහ සුළු පරිමාණ ණය, මධ්‍ය සංස්ථා, ලීසිං සහ
ශාඛා බැංකුකරණය යන ක්ෂේත්‍රහි වසර 14කට අධික අත්දැකීම් රැසක් හිමි
අයෙකි.
ලසන්ත මහතා යූනියන් බැංකුව පීඑල්සී සමග සිය වෘත්තීය ජීවිතය ආරම්භ කල
අතර ඉන් අනතුරුව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග සම්බන්ධ විය.
ලසන්ත මහතා Cardiff Metropolitan විශ්වවිද්‍යාලය (UK) මගින් මුල්‍යකරණය පිලිබඳ
විශේෂිත ව්‍යාපාර පරිපාලනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති අතර මේ
වන විට කැලණිය විශ්වවිද්‍යාලයෙහි ව්‍යවසායකත්ව මුල්‍යකරණය පිලිබඳ ව්‍යාපාර
පරිපාලනය යටතේ ආචාර්ය උපාධිය ලැබීම සඳහා සූදානම් වෙමින් සිටී.

ඉන්දික ප්‍රනාන්දු
ප්‍රදාන තොරතුරු නීළදාරී
ඉන්දික ප්‍රනාන්දු
ප්‍රදාන තොරතුරු නීළදාරී

ඉන්දික ප්‍රනාන්දු මහතාට තොරතුරු තාක්ෂණය පිළිබඳ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති අතර ඔහු ඔස්ට්‍රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලයෙන් තොරතුරු කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය  ලබා ඇත. ජාතික සංවර්ධන බැංකුවේ වසර 13ක සේවයෙන් පසු ඉන්දික මහතා 2015 වසරේදී සීමාසහිත කාගිල්ස් බැංකුවට සම්බන්ධ විය. ඔහු 2000 වසරේදී ABN Amro  බැංකුවෙන් සිය බැංකු වෘත්තිය ආරඹා ඇත. ජාතික ලෙතරැයි මණ්ඩලයෙන් සහ සවුදි ඇරම්කෝ ඇමරිකන් තෙල් සමාගමෙන් ඔහු ලද පළපුරුද්දත් සමග තම තොරතුරු තාක්ෂණ  පළපුරුද්දට තවත් වසර අටක් එක්කර ගනී.

 

රාජිනී ප්‍රභාකරන්
සහකාර සාමාන්‍යාධිකාරී - ණය පරිපාලනය සහ භාණ්ඩාගාර කටයුතු
රාජිනී ප්‍රභාකරන්
සහකාර සාමාන්‍යාධිකාරී - ණය පරිපාලනය සහ භාණ්ඩාගාර කටයුතු

රාජිනී ප්‍රභාකරන් මහත්මිය හැටන් නැෂනල් බැංකුව සහ  කැනඩාවේ ටොරොන්ටෝ හි UFJ බැංකුව සමග කටයුතු කරමින් පාරිභෝගික බැංකුකරණය, භාණ්ඩාගාර, ජාත්‍යන්තර මෙහෙයුම්, ව්‍යාපෘති කළමනාකරණය සහ පද්ධති හා පාලන ක්‍රියාත්මක කිරීම් පිලිබඳ වසර 30කට අධික අත්දැකීම් රැසක් ලබා ඇත.

ඇය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ ආශ්‍රිත සාමාජිකාවක් වන අතර ශ්‍රී ලංකා වෘත්තියමය බැංකුකරුවන්ගේ සංගමයේ ජීවන සාමාජිකාවක් වේ.

එමෙන්ම ඇය ACI – මූල්‍ය වෙළඳ සංගමයේ ACI මෙහෙයුම් සහතිකයද හිමි කරගෙන ඇත.

කාගිල්ස් බැංකුව සමග සම්බන්ධ වීමට පෙර, ඇය හැටන් නැෂනල් බැංකුවෙහි භාණ්ඩාගාර මෙහෙයුම් – ප්‍රධාන කළමනාකාරවරිය ලෙස කටයුතු කළාය.

චර්මනී කුලතුංග
මානව සම්පත් අංශ ප්‍රධානී
චර්මනී කුලතුංග
මානව සම්පත් අංශ ප්‍රධානී

මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වසර 15කට වැඩි පළපුරුද්දක් ඇති චාමනී කුලතුංග මහත්මිය ඇඟලුම් නිෂ්පාදන, තෙරෙතුරු තාක්ෂණය, විදුලි සංදේශ සහ බැංකුකරණය වැනි විවිධ ක්ෂේත්‍ර වල කටයුතු කර ඇත. හේමාස් සමූහ ව්‍යපාරයෙන් සිය වෘත්තීය ජීවිතය ඇරඹූ ඇය, අනතුරුව ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා -Textured Jersey Lanka (මාස් හෝල්ඩිංග්ස් ආයතනයේ සහෝදර සමාගමක්) ආයතනයේ සහ සීමාසහිත භාරතී එයාටෙල් ලංකා සමාගමෙහි සෙවය කළ අතර පසුව සීමාසහිත ඉන්ෆෝමැටික්ස් ඉන්ටනැෂනල් සහ එච්සෙනිඩ් සොෆ්ට්වෙයා ඉන්ටනැෂනල් (hSenid Software International) යන තොරතුරු තාක්ෂණ ආයතන දෙකෙහි සමස්ත මානව සම්පත් නායකත්ව තනතුරු දරමින් එම ආයතන වල ඡේෂ්ඨ උපායමාර්ගික නායකත්ව කණ්ඩායම් නියෝජනය කර ඇත. කාගිල්ස් බැංකුව හා සම්බන්ධවීමට පෙර අවසන්වරට යූනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී. හි සේවය කළාය. කළමනාකරණ උපාධියක් සහිතව, මානව සම්පත් සංවර්ධනය පිළිබඳ වෘත්තීය සුදුසුකම් ලබා සිටින ඇය, මානව සම්පත් මෙහෙයුම්, කුසලතා සංවර්ධනය, සේවක නියැලීම්, සේවක සබඳතා සහ උපායමාර්ගික මානව සම්පත් කළමනාකරණය යන කළමනාකරණ පරාසයන් තුල අත්දැකීම් රැසක් ලබා ඇත. කම්කරු නීති හා රෙගුලාසි පිළිබඳ මනා දැනුමක් ඇති ඇය, කාර්මික සබඳතා සහ කම්කරු විනිශ්චයසභා නඩු කළමනාකරණය කිරීමේ විශේෂඥතාවය ඔප්පු කර ඇත. නිපුණතා සිතියම්ගත කිරීම, HAY මාර්ගෝපදේශ අනුව රැකියා ඇගයීම, සමබර ලකුණු කාඩ්පත වැනි නවීන මානව සම්පත් පිලිවෙත් පිළිබඳව ලබා ඇති අත්දැකීම් ඇයගේ වෘත්තීය ජයග්‍රහණයන් අතර වේ.

චමිලා අබේසූරිය
අයකර ගැනීම් ප්‍රධානී
චමිලා අබේසූරිය
අයකර ගැනීම් ප්‍රධානී

චමිලා අබේසූරිය මෙනවිය වෘත්තියමය බැංකුකාරිණියක වන අතර වසර 15කට ආසන්න කාලයක් බැංකු ක්ෂේත්‍රයෙහි කටයුතු කර ඇත.

රැස් කර ගැනීම් හා අයකර ගැනීම් පිලිබඳ පුළුල් දැනුමක් ඇය සතු වේ.

චමිලා මෙනවිය, කාගිල්ස් බැංකුව සමග සම්බන්ධ වීමට පෙර HSBC ශ්‍රී ලංකා, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ පෑන් ඒෂියා බැංකුව යන ආයතන සමග කටයුතු කර ඇත.

ඇය ඕස්ට්‍රලියාවේ Edith Coven විශ්වවිද්‍යාලය මගින් ව්‍යාපාර පරිපාලනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබාගෙන ඇත.

දුෂ්‍යන්තන් සෝමසුන්දරම්
විකුණුම් ප්‍රධානී
දුෂ්‍යන්තන් සෝමසුන්දරම්
විකුණුම් ප්‍රධානී

මධ්‍යම විකුණුම් ප්‍රධානී දුශ්‍යන්තන් සෝමසුන්දරන් මහතා වසර 10ක කළමනාකරණ පළපුරුද්දක් සහිතව වසර 13ක කාලයක් බැංකු කේෂ්ත්‍රයේ කැපීපෙණෙන කාර්යසාධනයක් පෙන්වූ පළපුරුදු විකුණුම් වෘත්තිකයෙකි. නේෂන් ට්‍රස්ට් බෑන්ක් පී.එල්.සී. හි සිය වෘත්තීය ජීවිතය ඇරඹූ සෝමසුන්දරම් මහතා ඉන් පසුව සීමාසහිත කාගිල්ස් බැංකුවෙහි සේවයට පැමිණ ව්‍යාපාර සබඳතා කළමනාකරණය, කණ්ඩායම් කළමනාකරණය, විකුණුම් සහ අලෙවිකරණය යනාදී කේෂ්ත්‍රවල නිපුණත්වයක් පෙන්වූ  අයෙකි. ඔහු ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (PCM) සාමාජිකයෙකු වන අතර, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ කළමනාකරණ කේම්බ්‍රිජ් විද්‍යාලය මගින් පවත්වනු ලබන මැලේසියාවේ ආසියා ඊ-විශ්වවිද්‍යාලයේ අලෙවිකරණය පිළිබඳ විද්‍යා ශාස්ත්‍රපති (MSc.) උපාධියක්ද, එම විශ්ව විද්‍යාලයේම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධියක් ද ලබා ඇත.

දිල්හානි ගජනායක
මුල්‍ය ප්‍රධානි
දිල්හානි ගජනායක
මුල්‍ය ප්‍රධානි

දිල්හානී ගජනායක මහත්මිය ශ්‍රී ලංකා වරගත් ගණකාධිකාරී ආයතනයේ සහ-සාමාජිකාවක වන අතර, ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරණ (විශේෂ) විද්‍යාවේදී උපාධියේ (B.Sc.) පළමු පෙළ සාමාර්ථයක් ද කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය ශාස්ත්‍රපති උපාධියද (MBA) ලබා ඇත. සිය අධ්‍යාපන හා වෘත්තීය ජීවිතය පුරාවටම විශිෂ්ඨ දස්කම් පෙන්වූ ඇය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිවරුන්ගේ ආයතනයේ 1 වන අවසාන විභාගයේදී පළමු පෙළ කුසලතා සම්මානයත්, අවසන් වසරේදී ඉහලම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය (GPA) සහ කළමනාකරණ  ගිණුම්කරණ කේෂ්ත්‍රයේ විශිෂ්ඨතම විද්‍යාවේදී ශිෂ්‍යාව වෙමින් CIMA රන් පදක්කමෙන් පිදුම් ලැබීමට සහ ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති උපාධියේ (MBA) ආයෝජන කළමනාකරණ සහ ව්‍යාපාර සංඛ්‍යාලේඛණ විෂයයන් යටතේ හොඳම කාර්යසාධනය වාර්තා කිරීමට සමත්වීම ඇතුලු ඇගයීම් සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ඇයට ලංකා කොමර්ෂල් බැංකුව පී.එල්.සී. සහ ජාතික සංවර්ධන බැංකුව පී.එල්.සී. යන බැංකු දෙකෙහි වසර දහයක වෘත්තිය පළපුරුද්ද ඇතුලුව මුල්‍ය වාර්තාකරණය, විගණනය සහ බදුකරණය පිළිබඳ වසර 17කට වැඩි පළපුරුද්දක් ඇත. කාගිල්ස් බැංකුවට සම්බන්ධ වීමට පෙර දිල්හානී ගජනායක මහත්මිය ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළඳපොළේ ඉහළම නියාමන ආයතනය වන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ මුල්‍ය  අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කළාය.

ගයන්ත විජේකෝන්
අනුකූලතා අංශ ප්‍රධානී
ගයන්ත විජේකෝන්
අනුකූලතා අංශ ප්‍රධානී

ගයන්ත විජේකෝන් මහතා ශ්‍රී ලංකාවෙහි Standard Chartered බැංකුව සමගින් සිය බැංකුකරණ වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලද අතර ඉන් අනතුරුව වසර 16ක් විදේශීය රටක සේවය කරන ලදී.  Emirates NBD (වත්කම් අතින් මැද පෙරදිග විශාලතම බැංකුව) සහ HSBC ඇතුළු ගෝලීය බැංකු රැසක සේවය කරමින් අනුකූලතා අංශයට අදාලව විවිධ වූ තනතුරු දරමින් කටයුතු කර ඇත.  කාගිල්ස් බැංකුව සමග සම්බන්ධ වීමට පෙර අවසාන වශයෙන් HSBC හි MENAT කලාපය (මැද පෙරදිග, උතුරු අප්‍රිකාව හා තුර්කිය) සඳහා මූල්‍ය අපරාධ අනුකූලතාව / මූල්‍ය අපරාධ තර්ජන අවම කිරීම් යන අංශයන්හි කළමනාකරණ තනතුරු දරන ලදී.

සමන්ත පාගොඩ
ප‍්‍රධානී, ව්‍යාපාර බැංකුකරණය
සමන්ත පාගොඩ
ප‍්‍රධානී, ව්‍යාපාර බැංකුකරණය

හැටන් නැෂනල් බැංකුවෙන් සිය වෘත්තීය බැංකු දිවිය ආරම්භ කළ සමන්ත පාගොඩ මහතා එහි වසර 23ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත. විශේෂයෙන්ම ඔහුට පුද්ගලික මුල්‍ය සේවා, ක්‍ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ආයතනික ණය සේවා, ප‍්‍රතිසාධනය, ශාඛා සහ ප‍්‍රාදේශීය බැංකුකරණය, ව්‍යාපාර සංවර්ධනය, මානව සම්පත් කළමනාකරණය සහ පරිපාලනය යන ක්‍ෂෙත‍්‍රයන්හි මනා පළපුරුද්දක් ඇත.

ඔහු එක්සත් රාජධානියේ වොල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන්  ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති (විශේෂ දක්ෂතා) MBA(Merit) උපාධිය ලබා ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔමේගා සංස්ථාපිත ආයතනයෙන් බැංකුකරණ සංනිවේදනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ පරිපාලනය පිලිබඳ පශ්චාත් උපාධි ආයතනයෙන් විධායක කළමනාකරණ සංවර්ධනය පිළිබඳ සහතික පත‍්‍රය ද, ඇමෙරිකානු උසස් අධ්‍යාපන විද්‍යාලයෙන් ආයතනික හැසිරීම සහ මානව සම්පත් (OB & HRM) පිළිබඳ ඩිප්ලෝමා සහතිකය සහ බැංකුකරණය සහ මුල්‍යකරණය පිළිබඳ ඩිප්ලෝමා සහතිකය ද ලබා ගෙන ඇති සමන්ත පාගොඩ මහතා ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ (AIB) ආශ්‍රිත සාමාජිකයෙකකි.

කෞෂි ප‍්‍රනාන්දු
කාඩ්පත් සේවා අංශයේ ප‍්‍රධානී
කෞෂි ප‍්‍රනාන්දු
කාඩ්පත් සේවා අංශයේ ප‍්‍රධානී

කෞෂි ප‍්‍රනාන්දු මහත්මියට ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ක්‍රෙඩිට් කාඩ් මුල්‍ය/මෙහෙයුම් සහ බැංකු සහ මුල්‍ය අංශයේ පාරිභෝගික සේවා පිළිබඳව වසර 18කට වැඩි පලපුරුද්දක් ඇත. ඇය 2005 වසරේදී නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, කාගිල්ස් බැංකුවේ සේවයට පෙර ඇමෙරිකන් එක්ස්ප‍්‍රස් කාඩ්පත් මධ්‍යස්ථානයේ සේවය කළාය.

 

ප‍්‍රනාන්දු මහත්මිය එංගලන්තයේ බෙඩ්ෆෝඩ්ෂයර් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය ද, ව්‍යාපාර විධායක නිලධාරීන්ගේ සංගමයෙන් (ABE) ඩිප්ලෝමා සහතිකය ද, ලන්ඩන් ව්‍යාපාරික පාසලෙන් මුල්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා සහතිකය ද ලබා ගෙන ඇත.

 

කුසල කරුණාරත්න
අභ්‍යන්තර විගණන අංශයේ ප‍්‍රධානී
කුසල කරුණාරත්න
අභ්‍යන්තර විගණන අංශයේ ප‍්‍රධානී

කුසල කරුණාරත්න මහතා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් බැංකු සහ මුල්‍ය ක්‍ෂෙත‍්‍රයේ වසර 22ක පළපුරුද්ද සහ අත්දැකීම් ඇති අයෙකි. ඔහු අප බැංකුවට සම්බන්ධ වීමට පෙර මාලදිවයිනේ මොරිෂස් කොමර්ෂල් බැංකුවේ මුල්‍ය කළමනාකරු වශයෙන් සේවය කර ඇති අතර ඊට පෙර ශ්‍රී ලංකා කොමර්ෂල් බැංකුවේ සේවය කර ඇත. ඔහු එක්සත් රාජධානියේ  වරලත් කළමනාකරණ ආයතනයේ (CIMA-UK) සහ ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ (IBSL) ආශ්‍රිත සාමාජිකයෙකි. ඔහු වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී වරුන්ගේ සංගමයේ (CGMA) සාමාජිකයෙකි. කුසල, කාඩිෆ් මෙට්ට‍්‍රපොලිටන් විශ්වවිද්‍යාලයෙන් (එක්සත් රාජධානිය) විශිෂ්ඨ සාමාර්ථයක් සහිතව මුල්‍ය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය (MBA) ලබා ඇත. ඔහුගේ ප‍්‍රවීණත්වය තොරතුරු පද්ධති විගණනය, Forensic පරීක්‍ෂණ යනාදිය දක්වා තවදුරටත් පුළුල් වේ. ශ්‍රී ලංකා අභ්‍යන්තර විගණක කවුන්සිලය ((Institute of Charted Accounts of Sri lanka )) වෙතින් තොරතුරු පද්ධති විගණනය පිළිබඳ ඩිප්ලෝමා සහතිකය සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) වෙතින් භාණ්ඩාගාර මෙහෙයුම් පිළිබඳ සහතිකය ද ඔහු දිනා ඇත.

 

විමල් කරුණාආරච්චි
අවදානම් කළමනාකරණ අංශයේ ප‍්‍රධානී
විමල් කරුණාආරච්චි
අවදානම් කළමනාකරණ අංශයේ ප‍්‍රධානී

විමල් කරුණාආරච්චි මහතා වසර 18 කට වැඩි දීර්ඝ කාලීන මනා පළපුරුද්දක් සහිත වෘත්තීය බැංකු කරුවෙකි. විවිධ නිලයන් දරමින් බැංකු කිහිපයකම සේවය කර ඇති ඔහු, ඒකාබද්ධ අවදානම් කළමනාකරණය සහ පාලනය, සාමාන්‍ය බැංකුකරණය සහ ආයතනික/සුළු හා මධ්‍ය පරිමාණ ණය පිළිිබඳ නිශ්චිත පළපුරුද්දක් සහිත අයෙකි. කාගිල්ස් බැංකුවට සම්බන්ධවීමට පෙර ඔහු ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ ප‍්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරියා ලෙස සේවය කරමින් බැංකුවේ සහ ඊට අනුබද්ධ ආයතනවල සමස්ත අවදානම් කළමනාකරණ කාර්යය සිදුකරන ලදී. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික මුල්‍ය අංශය පිළිබඳ විද්‍යාපති (MSc.)  උපාධියක්ද, ඉන්දියාවේ වරලත් මුල්‍ය විශ්ලේෂකයින්ගේ ආයතනයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත‍්‍රපති (MBA) උපාධියක්ද දිනා ඇත. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් (IBSL) බැංකු සහ මුල්‍ය පිළිබඳ ඩිප්ලෝමාමාවක් සහ භාණ්ඩාගාර සහ අවදානම් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද විමල් කරුණාආරච්චි මහතා ලබා ඇත.

 

දර්ශණ ජයසූරිය
ඩිජිටල් අංශයේ ප‍්‍රධානී
දර්ශණ ජයසූරිය
ඩිජිටල් අංශයේ ප‍්‍රධානී

දර්ශණ ජයසූරිය මහතා වසර 30 කට වැඩි කාලයක් පුරා කීර්තිමත් දේශීය සහ ජාත්‍යන්තර සමාගම්වල වසර 30 කට වඩා වැඩි කාලයක කීර්තිමත් වෘත්තීය පරිචයක් සහිත පළපුරුදු තොරතුරු තාක්ක්‍ෂණ වෘත්තිකයෙකි. ඔහු ප‍්‍රමුඛ පෙළේ විදුලි සංදේශ සේවා සමාගම් වන එයාටෙල් ලංකා සහ සෙල්ටෙල් ලංකා යන ආයතනවල ප‍්‍රධාන තොරතුරු නිලධාරී/තොරතුරු තාක්‍ෂණ ප‍්‍රධානී ලෙස වසර 17ක සේවා කාලයක් සපුරා ඇත. ඔහුට ටෙලිකොම්, මෘදුකාංග සංවර්ධනය සහ බැංකු කර්මාන්තයට අදාළ තොරතුරු තාක්‍ෂණ බලප‍්‍රදේශයන්, තොරතුරු ආරක්‍ෂාව සහ පාලනය පිළිබඳ පුළුල් පළපුරුද්දක් ඇත. ඔහු විදේශීය ගෝලීය මෘදුකාංග සමාගම්වල මෘදුකාංග සංවර්ධනය පිළිබඳ ප‍්‍රධාන භූමිකාවන් හීි නිරත වී ඇත.

ජයසූරිය මහතා නෝර්වේහි ට්‍රොන්ඩ්හෙයිම් විද්‍යා සහ තාක්‍ෂණික විශ්ව විද්‍යාලයෙන් විද්‍යාපති උපාධිය ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය ද ලබා ඇති අතර, ඉන්දියානු තාක්‍ෂණික ආයතනයෙන් සහ ව්‍යාපාර පිළිබඳ ඉන්දියානු  විද්‍යාලයෙන් ඩිප්ලෝමා සහතික දිනා ඇත.

චින්තක ජයනාත්
භාණ්ඩාගාර ප්‍රදානි
චින්තක ජයනාත්
භාණ්ඩාගාර ප්‍රදානි

1996 දී සෙලාන් බැංකුව සමඟින් සිය බැංකු ජීවිතය ආරම්භ කළ, භාණ්ඩාගාර ප‍්‍රධානී චින්තක ජයනාත් මහතා, බැංකු හා මූල්‍ය ක්ෂේත‍්‍රයේ වසර 27 කට වැඩි පළපුරුද්දක් ඇති අයෙකි. 2023 දී සීමාසහිත කාගිල්ස් බැංකුවට සම්බන්ධ වීමට පෙර ජ්‍යෙෂ්ඨ තනතුරු දරමින් භාණ්ඩාගාර ඉදිරිපස කාර්යාලයේ සේවය කර ඇති ජයනාත් මහතා, ඔහුගේ බැංකු සේවා කාලය තුළ ශාඛා, භාණ්ඩාගාර කාර්යාලයන්හි පසුගිය වසර 17 තුළ සේවය කර ඇත. ඔහු ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ^IBSL& ආශ‍්‍රිත සාමාජිකයෙකි. ඔහු වේල්ස් විශ්ව විද්‍යාලයේ ^UK& ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය ^MBA& ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ^IBSL& ව්‍යවහාරික බැංකුකරණය සහ මූල්‍ය පිළිබඳ ඩිප්ලෝමාවල භාණ්ඩාගාර කළඹ සහ අවදානම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, ණය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව සහ ACI ගනුදෙනු සහතිකය ලබා ඇත.

Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form