මුල් පිටුව // Treasury
භාණ්ඩාගාර සේවා
Strategic investments,
better returns!
011 7 640 640
ස්ථානීය ගිවිසුම්

ස්ථානීය ගිවිසුම් යනු මොනවාද?

ස්ථානීය ගිවිසුම් යනු වඩාත් මූලික හා ජනප්‍රිය විදේශ විනිමය නිෂ්පාදනයයි. එය යම් මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයක්  වෙත හුවමාරු කර ගනිමින් මිලදී ගැනීමට හෝ විකිණීමට ඇති ගිවිසුමකි.

 

දැනට පවතින ‘ස්ථානීය විනිමය අනුපාතය’ මත පදනම් වූ මිලක්මත (එක් මුදල් ඒකකයකට සාපේක්ෂව තවත් මුදල් එකකකයක වටිනාකම) එම දිනයේදීම ඔබ විසින් ගිවිසුම පියවිය යුතුය.

 

මෙහි ප්‍රතිලාභ / අවදානම් මොනවාද?

ඔබට අවශ්‍ය ලෙස ස්ථානීය වෙළඳපොල මගින් ඔබගේ ආයතනයට ව්‍යවහාර මුදල මිලදීගැනීමට හෝ විකිණීමට අවස්ථාව ලබා දුන්නද, එක වෙළඳ දිනකදී වුවද ස්ථානීය විනිමය අනුපාත චලනයන් අතිශය අනපේක්ෂිතය. අනාගත විදේශ මුදල් අවශ්‍යතාවයන් සඳහා ස්ථානීය වෙළඳපොල මත රඳා පැවතීම අතිශය සමපේක්ෂනීය වේ.

විදේශ ව්‍යවහාර මුදල් වටිනාකම්වල අනවශ්‍ය වෙනස්කම් ඇතිවීමේ අවදානම කෙරෙහි ඔබේ සමාගමේ මුදල් ප්‍රවාහය නිරාවරණය විය හැකිය.

 

උදාහරණයක් ලෙස,

ඔබ එක්සත් ජනපදයේ සමාගමකින් භාණ්ඩ ලේඛනයක් මිලදී ගන්න අතර ඒ සඳහා ගෙවීම් මාස තුනක් ඇතුලත සිදු කල යුතුය. ඔබ දැනට පවතින ස්ථානීය විනිමය අනුපාතයෙන් එක්සත් ජනපද ව්‍යවහාර මුදල් මිලදී ගැනීමට ගෙවීම් සිදුකල යුතු අවසාන දිනය දක්වා සිටීමට තීරණය කරයි.

 

ඉදිරි ගිවිසුම්

ඉදිරි ගිවිසුම් යනු මොනවාද?

ඉදිරි ගිවිසුම් මගින් අනාගතයේදී පියවීම සඳහා කලින් නිගමනය කල අනුපාතයක් හා දිනයකදී ඔබට එක් ව්‍යවහාර මුදල් ඒකකයකට එරෙහිව තවත් මුදල් ඒකකයක් මිලදී ගැනීමට හෝ විකිණීමට ඉඩ ලබාදේ.

 

ස්ථානීය ගිවිසුම් මෙන් නොව, ඉදිරි ගිවිසුම් අනාගතයේදී සිදුකරනු ලබන ගනුදෙනුවක් සඳහා මිලක් වෙන් කර ගැනීම තුලින් විනිමය අනුපාතික උච්චාවචනය වීමේ අවදානම ඉවත් කරයි. මෙය ඔබගේ අපේක්ෂිත විදේශ විනිමය ගනුදෙනු ආරක්ෂා කිරීම ලෙස හඳුන්වයි.

 

මෙහි ප්‍රතිලාභ / අවදානම් මොනවාද?

ඔබේ අනාගත මුදල් ප්‍රවාහය පිලිබඳ අනාවැකි පළකිරීම හා ආරක්ෂාකර ගැනීම මගින් විදේශයන්හි ව්‍යාපාර කටයුතු කිරීමේ අවිනිශ්චිතභාවය ඉවත් කර ගතහැකි වනු ඇත. මේ තුලින් ඔබ විදේශ විනිමය වෙළඳපොල තුල අහිතකර සංචලනයන්ගෙන් ආරක්ෂා වී ඇති අතර, එමෙන්ම හිතකර ව්‍යවහාර  මුදල් සංචලනයන්ට සහභාගී වීමටද අවස්ථාව නොලැබෙනු ඇත.

 

 

 

 

උදාහරණයක් ලෙස,

 

ඔබ එක්සත් ජනපදයේ සමාගමකින් භාණ්ඩ ලේඛනයක් මිලදී ගන්න අතර ඒ සඳහා ගෙවීම් මාස තුනක් ඇතුලත සිදු කල යුතුය. මාස තුනකට පසු ගෙවීම් සිදු කිරීම සඳහා ඔබ හුවමාරු අනුපාතයන් ස්ථාවර අගයක රඳවා තබන ඉදිරි ගිවිසුම් වෙන් කර ගැනීමට තීරණය කරයි.

භාණ්ඩාගාර බැඳුම්කර

භාණ්ඩාගාර බැඳුම්කර යනු මොනවාද?

ස්ථාවර කාල සීමාවක් තුල ස්ථාවර පොළී අනුපාතයක් ලබා දෙනු ලබන,  ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරනු ලබන නිත්‍යානුකූල ලේඛනයකි. අදායම් බදු වලට යටත් නොවන  බැවින් බොහෝදෙනෙකු මෙම බැඳුම්කර සඳහා ආකර්ශනීය වේ.

 

මෙහි ප්‍රතිලාභ / අවදානම් මොනවාද?

ආයෝජනයේ විශාලත්වය නොසලකා, ආයෝජනයේ සෑම අංශයක්ම රජය විසින් සහතික කර ඇති බැවින්, භාණ්ඩාගාර බැඳුම්කර වල පැහැරහැරීමේ අවදානම ශුන්‍ය වේ.

 

සුදුසුකම්

  1. නේවාසික පුද්ගලයින්,
  2. ශ්‍රී ලංකාව තුල ස්ථාපිත ආයතන,
  3. විදේශ අරමුදල්, කලාපීය අරමුදල් හෝ අන්‍යෝන්‍ය අරමුදල් ඇතුළුව විදේශ ආයතනික ආයෝජකයින්,
  4. ශ්‍රී ලංකාවෙන් පිටත ස්ථාපිත ආයතන,
  5. ශ්‍රී ලංකාව තුල හෝ පිටත ජිවත්වන විදේශීය පුරවැසියන්,
  6. ශ්‍රී ලංකාව තුල ජිවත් නොවන ශ්‍රී ලාංකිකයින් යන අයට භාණ්ඩාගාර බැඳුම්කර සඳහා අයදුම් කල හැක.

 

ඔබ ඉහත ‘c’ සිට ‘f’ දක්වා සඳහන් කර ඇති ආයෝජකයින්ගේ ඛාණ්ඩයකට අයත් නම්, ඔබ සුරැකුම් ආයෝජන ගිණුම හරහා ආයෝජනය කල යුතු අතර, ශ්‍රී ලංකා මහා බැංකුවෙන් උපයෝජ්‍යතාවය විමසා බැලීමෙන් පසුව ඒ සඳහා සුරැකුම්පත් වෙන්කරනු ලැබේ.

 

භාණ්ඩාගාර බැඳුම්කර පිහිටුවීම

ඔබගේ අභිමතය පරිදි බැංකු ශාඛාවක් වෙත ගොස්,බැංකු නිලධාරියෙකු සමග ඔබගේ අවශ්‍යතාවය පිලිබඳ සාකච්ඡා  කල හැක.

 

භාණ්ඩාගාර බැඳුම්කර සඳහා අදාළ පොළී අනුපාතය මෙම වෙබ් අඩවියේ ගාස්තු හා තීරු බදු පිටුව හරහා නිරීක්ෂණය කලහැක. අදාළ අයදුම්පත්‍රය සම්පුර්ණ කර බැංකු ශාඛාව වෙත ලබා දෙන්න. ඔබගේ ජාතික හඳුනුම්පත්‍රය, ගුවන් ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය බැංකුව වෙත රැගෙන යාමට සිහිතබා ගන්න. එය ඔබව හඳුනාගැනීම සඳහා අවශ්‍ය වනු ඇත.

 

ආපසු ලබාගැනීම්

භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව වෙත විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් කල පසු,ඔබගේ භාණ්ඩාගාර බැඳුම්කර, වෙළඳපොල අනුපාත මත පදනම්ව වට්ටම් කරනු ඇත.

 

අදාළ කොන්දේසි හා නියමයන්

මෙම සේවාවට අදාළ තොරතුරු සහ කොන්දේසි හා නියමයන් කාලානුරුපීව වෙනස්වීම් වලට භාජනය විය හැක.

එමනිසා, නවතම තොරතුරු හා දැනට පවතින කොන්දේසි හා නියමයන් දැන ගැනීම සඳහා ලඟම ඇති බැංකු ශාඛාව අමතන්න.

භාණ්ඩාගාර බිල්පත්

භාණ්ඩාගාර බිල්පත් යනු මොනවාද?

අවුරුද්දකට වඩා අඩු කාලපරිච්ඡේදයක් සඳහා ස්ථාවර පොළී අනුපාතයක් ලබාදෙන, ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අනුග්‍රහිත කෙටි කාලින ණය බැඳීමකි. අදායම් බදු වලට යටත් නොවන  බැවින් බොහෝදෙනෙකු මෙම බිල්පත් සඳහා ආකර්ශනීය වේ.

 

මෙහි ප්‍රතිලාභ / අවදානම් මොනවාද?

ආයෝජනයේ විශාලත්වය නොසලකා, ආයෝජනයේ සෑම අංශයක්ම රජය විසින් සහතික කර ඇති බැවින්, භාණ්ඩාගාර බිල්පත් වල පහරහැරීමේ අවදානම ශුන්‍ය වේ.

 

සුදුසුකම්

 

  1. නේවාසික පුද්ගලයින්,
  2. ශ්‍රී ලංකාව තුල ස්ථාපිත ආයතන,
  3. විදේශ අරමුදල්, කලාපීය අරමුදල් හෝ අන්‍යෝන්‍ය අරමුදල් ඇතුළුව විදේශ ආයතනික ආයෝජකයින්,
  4. ශ්‍රී ලංකාවෙන් පිටත ස්ථාපිත ආයතන,
  5. ශ්‍රී ලංකාව තුල හෝ පිටත ජිවත්වන විදේශීය පුරවැසියන්,
  6. ශ්‍රී ලංකාව තුල ජිවත් නොවන ශ්‍රී ලාංකිකයින් යන අයට භාණ්ඩාගාර බිල්පත් සඳහා අයදුම් කල හැක.

 

ඔබ ඉහත ‘c’ සිට ‘f’ දක්වා සඳහන් කර ඇති ආයෝජකයින්ගේ ඛාණ්ඩයකට අයත් නම්, ඔබ සුරැකුම් ආයෝජන ගිණුම හරහා ආයෝජනය කල යුතු අතර, ශ්‍රී ලංකා මහා බැංකුවෙන් උපයෝජ්‍යතාවය විමසා බැලීමෙන් පසුව ඒ සඳහා සුරැකුම්පත් වෙන්කරනු ලැබේ.

 

භාණ්ඩාගාර බිල්පත් පිහිටුවීම

ඔබගේ අභිමතය පරිදි බැංකු ශාඛාවක් වෙත ගොස්,බැංකු නිලධාරියෙකු සමග ඔබගේ අවශ්‍යතාවය පිලිබඳ සාකච්ඡා  කල හැක.

 

භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ පොළී අනුපාතය මෙම වෙබ් අඩවියේ ගාස්තු හා තීරු බදු පිටුව හරහා නිරීක්ෂණය කලහැක. අදාළ අයදුම්පත්‍රය සම්පුර්ණ කර බැංකු ශාඛාව වෙත ලබා දෙන්න. ඔබගේ ජාතික හඳුනුම්පත්‍රය, ගුවන් ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය බැංකුව වෙත රැගෙන යාමට සිහිතබා ගන්න. එය ඔබව හඳුනාගැනීම සඳහා අවශ්‍ය වනු ඇත.

 

ආපසු ලබාගැනීම්

භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව වෙත විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් කල පසු,ඔබගේ භාණ්ඩාගාර බිල්පත්, වෙළඳපොල අනුපාත මත පදනම්ව වට්ටම් කරනු ඇත.

 

අදාළ කොන්දේසි හා නියමයන්

මෙම සේවාවට අදාළ තොරතුරු සහ කොන්දේසි හා නියමයන් කාලානුරුපීව වෙනස්වීම් වලට භාජනය විය හැක.

 

එමනිසා, නවතම තොරතුරු හා දැනට පවතින කොන්දේසි හා නියමයන් දැන ගැනීම සඳහා ලඟම ඇති බැංකු ශාඛාව අමතන්න.

 

 

 

 

ප්‍රති මිලදීගැනුම් ගිවිසුම් සහ ප්‍රති විකුණුම් ගිවිසුම්

ප්‍රති මිලදීගැනුම් ගිවිසුම් සහ ප්‍රති විකුණුම් ගිවිසුම් යනු මොනවාද?

 

යම් කිසි කාල සීමාවක් සඳහා එකඟවූ පොළී අනුපාතිකයකට භාණ්ඩාගාර බැඳුම්කර හෝ බිල්පත් වලට එරෙහිව පාරිභෝගිකයෙකුගෙන් කෙටි කාලීනව අරමුදල් ණයට ලබා ගැනීමට බැංකුව විසින් එකඟ වීමයි. ගනුදෙනුකරු විසින් ආයෝජකයන්හට රජයේ සුරැකුම්පත් විකුණනු ලබන අතර, කල්පිරිමේදී ඒවා නැවත මිලදී ගනී.

 

සුරැකුම්පත් විකුණනු ලබන පාර්ශවය (අනාගතයේදී ඒවා ප්‍රති මිලදී ගැනීමට එකඟ වෙමින්) සඳහා එය ප්‍රති මිලදීගැනුම් ගිවිසුමක් වන අතර, ගනුදෙනුවේ අනෙක් පසින් සිටින පාර්ශවය (සුරැකුම්පත් මිලදී ගනිමින් ඒවා අනාගතයේදී නැවත විකිණීමට එකඟ වන)  සඳහා එය ප්‍රති විකිණුම් ගිවිසුමකි.

 

මෙහි ප්‍රතිලාභ / අවදානම් මොනවාද?

 

ද්‍රවශීලතාවය – ප්‍රති මිලදී ගැනුම් ගිවිසුම් එක දිනයකින් මුදල් ආයෝජනය කිරීමේ හැකියාව ලබා දෙමින්, ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීමේ උත්සාහයේ තීරණාත්මක සංරචකයක් බවට පත්වේ.

 

ප්‍රතිලාභ වාසිය – සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික මුදල් වෙළඳපොල නිෂ්පාදනයන්ට වඩා ප්‍රති මිලදී ගැනුම් ගිවිසුම් මගින් අමතර ප්‍රතිලාභ ලබාදේ.

 

නම්‍යශීලිතාවය

ප්‍රති මිලදී ගැනුම් ගිවිසුම් වල ප්‍රාග්ධනය, අරමුදල් ගලා එන ආකාරයට අනුව ඉහල හෝ පහල යන ලෙස සකස් කලහැකිය.

 

සුදුසුකම්

 

කාගිල්ස් බැංකුවෙහි ඉතුරුම් හෝ ජංගම ගිණුමක් පවත්වාගෙන යන තනි පාරිභෝගිකයන් හෝ ශ්‍රී ලංකාව තුල ස්ථාපිත ආයතනයන් සඳහා ප්‍රති මිලදී ගැනුම් ගිවිසුම් ලබා ගත හැක.

 

ප්‍රති මිලදීගැනුම් ගිවිසුම් සහ ප්‍රති විකුණුම් ගිවිසුම් පිහිටුවීම

ඔබගේ අභිමතය පරිදි බැංකු ශාඛාවක් වෙත ගොස්,බැංකු නිලධාරියෙකු සමග ඔබගේ අවශ්‍යතාවය පිලිබඳ සාකච්ඡා  කල හැක.

ප්‍රති මිලදීගැනුම් ගිවිසුම් සඳහා අදාළ පොළී අනුපාතය මෙම වෙබ් අඩවියේ ගාස්තු හා තීරු බදු පිටුව හරහා නිරීක්ෂණය කලහැක. අදාළ අයදුම්පත්‍රය සම්පුර්ණ කර බැංකු ශාඛාව වෙත ලබා දෙන්න. ඔබගේ ජාතික හඳුනුම්පත්‍රය, ගුවන් ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය බැංකුව වෙත රැගෙන යාමට සිහිතබා ගන්න. එය ඔබව හඳුනාගැනීම සඳහා අවශ්‍ය වනු ඇත.

අදාළ කොන්දේසි හා නියමයන්

මෙම සේවාවට අදාළ තොරතුරු සහ කොන්දේසි හා නියමයන් කාලානුරුපීව වෙනස්වීම් වලට භාජනය විය හැක.

එනනිසා, නවතම තොරතුරු හා දැනට පවතින කොන්දේසි හා නියමයන් දන ගැනීම සඳහා ලඟම ඇති බැංකු ශාඛාව අමතන්න.

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.

“Yesterday is a cancelled cheque, tomorrow is a promissory note, today is the only cash you have, so spend it wisely” – Kay Lyons

Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form