Home // About Us
අධ්‍යක්ෂක මණ්ඩලය
අභිමානවත් මග පෙන්වීමක්.
විශිෂ්ඨ නායකත්වයක්.
අශෝක පීරිස්
සභාපති(ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ)
අශෝක පීරිස්
සභාපති(ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ)

අශෝක පීරිස් මහතා ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය අලෙවිකරණ සහ නිෂ්පාදන ක්ෂේත්‍රයන් ගණනාවක ඉතා පුළුල් අත්දැකීම් ලබා ඇත. දැනට ඔහු කාගිල්ස් (සිලෝන්) PLC ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ලෙසද කාගිල්ස් ආහාර සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා වශයෙන්ද කටයුතු කරනු ලබයි. ඔහු මීට පෙර සිංගර් ශ්‍රි ලංකා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මුල්‍ය නිලධාරී ලෙසද සිංගර් ආසියා හි ප්‍රධාන මූල්‍ය නිලධාරී සහ ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ සිංගර් සමූහයේ අධ්‍යඬකවරයෙක් වශයෙන් ද කටයුතු කළේය. ඔහු තවත් සමාගම් ගණනාවක පාලක මණ්ඩල තනතුරු හොබවා ඇති අතර හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂක වරයෙක් සහ එහි විගණන කමිටුවේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කර තිබේ. ඔහු ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයකු වන අතර එක්සත් ජනපදයේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයකු සහ සහතික කරන ලද ගෝලීය කළමනාකරණ ගණකාධිකාරිවරයකු වේ.

සෙනරත් බණ්ඩාර
කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී
සෙනරත් බණ්ඩාර
කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී

සෙනරත් බණ්ඩාර මහතා බැංකුකරණ වෘත්තිකයෙකි. ලංකා බැංකුවේ වසර 30කට වැඩි විශිෂ්ට වෘත්තීය ජීවිතයකට හිමිකම් කියන ඒ මහතා විශ්‍රාම ලැබුවේ එහි සාමාන්‍යාධිකාරි/ප්‍රධාන විධායක නිලධාරි ලෙස සේවය කරමින් සිටිය දී ය.

 

ඔහු ලංකා බැංකුවේ අනුබද්ධ හා ආශ්‍රිත සමාගම් කිහිපයක සහ ඊට අමතරව සීමාසහිත ලංකා ක්ලියර් (පෞද්) සමාගම, ණය තොරතුරු කාර්යාංශය සහ සීමාසහිත ලංකා මූල්‍ය සේවා කාර්යාංශය යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයන්හි සේවය කර ඇත.

 

ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකයෙකු ලෙස ද සේවය කර ඇත¦ තායිලන්තයේ බැංකොක් නුවර පදනම් කර ගෙන ක්‍රියාත්මක කලාපීය සංගමයක් වන ආසියා ශාන්තිකර ග්‍රාමීය කෘෂිකර්ම ණය සංගමයේ (APRACA) සභාපතිවරයා ලෙස ද සේවය කර ඇත¦ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ උපසභාපතිවරයා ලෙස ද සේවය කර ඇත¦ ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ අතීත සභාපතිවරයෙක් ද විය.

 

බණ්ඩාර මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් බැංකු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි විධායක ඩිප්ලෝමාවක් ද ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් ව්‍යාපාරික පාසලෙන් උසස් කළමනාකරණ වැඩසටහනක් ද හිමි කර ගෙන ඇත. බණ්ඩාර මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකි.

මේරියන් පේජ්
ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂක
මේරියන් පේජ්
ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂක

මේරියන් පේජ්  මහත්මිය, 1990 වසරේ කොළඹ කොටස් වෙළඳපොල (CSE) ලිහිල්කරණය කිරීමේ සිට Credit Lyonnais, Smith New Court, Lehman Bros යන ආයතන මෙන්ම දැනට සේවය කරන Asiabox උපදේශන සේවා ආයතනයෙහිද සේවය කරමින්, ශ්‍රී ලංකාව විදේශ ආයතනික ආයෝජකයින්ගේ (FIIs) ආයෝජන කේන්ද්රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමෙහි පුරෝගාමියෙකු ලෙස කටයුතු කරන ලදී. වසර 30කට අධික කීර්තිමත් වෘත්තීය ජීවිතය සහ ආසියානු මූල්‍ය වෙළඳපොල තුල ලද දිගු කාලීන අත්දැකීම් හා මැදිහත්වීම සමගින් ඇය ගෝලීය වශයෙන් ප්‍රමුඛ පෙලේ කළමණාකරුවන් සමග ශක්තිමත් සබඳතා ජාලයක් ගොඩනගා ගෙන ඇත.   

 

ඇය දැනට සිංගප්පූරුවේ සිටින අතර විදේශීය ආයතනික අරමුදල් කළමණාකරුවන්ට ශ්‍රී ලාංකීය ආයතන සම්බන්ධීකරණය කිරීමේ ඉදිරියෙන්ම සිටින්නීය. පේජ් මහත්මිය 1992 දී පිහිටුවීමට මූලික වූ CT CLSA සමාගම් සමූහයේ උපදේශකවරියකි.

 

මේරියන් පේජ් මහත්මිය එක්සත් ජනපදයෙහි වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයෙහි අධිසාමක සාමාජිකාවකි.

යුධිෂ්ත්‍රන් කනගසබේ
ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂක
යුධිෂ්ත්‍රන් කනගසබේ
ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂක

යුධී කනගසබේ මහතා ශ්‍රී ලංකා  වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයෙහි (CA ශ්‍රී ලංකා) අධිසාමක සාමාජිකයෙකු වේ. PricewaterhouseCoopers ආයතනයෙහි ශ්‍රී ලංකා සහ මාලදිවයින් හා සිංගප්පූරුව යන රටවල වසර 35කට අධික අත්දැකීම් සමගින් PricewaterhouseCoopers – ශ්‍රී ලංකා සහ මාලදිවයින් හි ජේෂ්ඨ හවුල්කරුවකු ලෙස 2017 වර්ෂයෙහි මාර්තු 31 වන දින විශ්‍රාම ගැනීමට පෙර කටයුතු කරන ලදී. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයෙහි විවිධ වූ කමිටු කිහිපයක් සඳහාම සේවය කරන ලදී.

 

ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස, ඔහු ශ්‍රී ලංකා දුම්කොළ සමාගමෙහි අධ්‍යක්ෂක මණ්ඩල විගණන කමිටුවෙහි සහ අදාළ පාර්ශව ගනුදෙනු කමිටුවෙහි සභාපති ලෙස සහ Millenium IT ESP පුද්ගලික සමාගමෙහි අධ්‍යක්ෂක මණ්ඩල විගණන කමිටු සභාපති ලෙස වර්තමානයේ සේවය කරයි.

 

ඔහු MainGate (Private) Limited, Taprobane Capital Plus (Pvt) Limited, Lanka Canaries, EAP සහ Peoples Leasing and Finance Company PLC හි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි.

 

එමෙන්ම ඔහු Cargills Ceylon PLC, සීමාසහිත Cargills Food Company, Hunter & Company PLC, සීමාසහිත Lanka Canneries සහ සීමාසහිත EAP Holdings හි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂක ලෙස සහ අධ්‍යක්ෂක මණ්ඩල විගණන කමිටු සාමාජිකයෙකු ලෙසද සේවය කරයි.

 

යුධී මහතා 2016 අගෝස්තු මස සිට 2018 දෙසැම්බර් 31 වන දින දක්වා යූනියන් බැංකුවෙහි විගණන කමිටු සභාපති ලෙස කටයුතු කරන ලදී. එමෙන්ම ඔහු 2018 පෙබරවාරි සිට 2019 නොවැම්බර් දක්වා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසම් සභාවෙහි කොමසාරිස්වරයෙකු ලෙසද කටයුතු කරන ලදී.

බුවනෙක පෙරේරා
ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂක
බුවනෙක පෙරේරා
ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂක

බුවනෙක පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සහ සමාගම් බැංකුකරණයේ පිළිගත් නායකත්වයක් දරණ  වසර 41  අත්දැකීම් සහිත ප්‍රවීණ වෘත්තීය බැංකුකරුවෙකි. ඔහුට ආයෝජන සහ වෙළඳ බැංකුකරණයේ පුළුල් අත්දැකීම් තිබේ. ඔහු විසින් දරණ ලද තනතුරුපාලක මණ්ඩල අධ්‍යක්ෂ සීමාසහිත ජාතික සංවර්ධන බැංකුව, වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ජාතික සංර්ධන බැංකුව, සහ ජාතික සංවර්ධන බැංකුවේ සමාගම් බැංකුකරණ අංශයේ ඡේෂ්ඨ උප සභාපති ලෙස වසර 14 ක සේවය කර තිබිම. ඔහු Deutsche බැංකුව, සම්පත් බැංකුව, බෑන්ක් ඉන්දුනීසියා යන බැංකුවල විවිධ තනතුරු හොබවා තිබේ. පෙරේරා මහතා එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය සේවා විද්‍යාවේදී ගෞරව උපාධිය ලබාගෙන අතර එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධීකාරී ආයතනයේ අවසන් පර්යේෂණ සමත්වී තිබේ. බැංකු මූල්‍ය කළමනාකරණය පිළිබඳව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබාගෙන තිබේ. බැංකුකරුවන්ගේ වරලත් ආයතනයේ සාමාජිකයකු සහ ශ්‍රී ලංකාවේ සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයකු වේ.

 

ඔහු Sierra Cables PLC අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවය කරන අතර ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී/ මහලේකම් තනතුර දරයි.

රවි ජයවර්ධන
ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ
රවි ජයවර්ධන
ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

රවි ජයවර්ධන මහතාට මානව සම්පත්, අලෙවි කළමනාකරණ, නව වෙළඳපළ සංවර්ධන සහ  සමස්ථ පොදු කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි සුවිශේෂී අත්දැකීම් තිබෙන අතර ඔහු දැනට මැලිබන් බිස්කට් (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරනු ලබයි. ඔහු මීට පෙර ශ්‍රී ලංකාවේ කොකාකෝලා සමාගමේ අලෙවි අංශයේ ප්‍රධානියා ලෙසද එයට පෙර යුනිලිවර් ආයතනයේ පාරිභෝගික අලෙවි, වෙළඳ නාම කළමනාකරණ සහ නවීන වෙළඳාම යනාදී විවිධ තනතුරු හෙබවීය.

 

ජයවර්ධන මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර කළමනාකරනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතතනයෙන් අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් හිමිකරගෙන සිටි.

ශාන්ති ඤාණප්‍රගාසම්
ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ
ශාන්ති ඤාණප්‍රගාසම්
ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

ඤාණප්‍රගාසම් මහත්මිය ණය, අවදානම් කළමනාකරණය, බැංකු මෙහෙයුම්, භාණ්ඩාගාර කටයුතු, වත්කම් සහ වගකීම් කළමනාකරණය යන විෂය ක්ෂේත්‍රවල විශේෂඥතාවයක් සහිත බැංකු ක්ෂේත්‍රයේ වසර 40 කට අධික පළපුරුද්දක් සහිත අයෙකි. ඇය ජාතික සංවර්ධන බැංකුවේ (NDB) උපසභාපතිනිය (සමූහ අවදානම් කළමනාකරණ)/ ප්‍රධාන ආදායම් නිලධාරිනිය වශයෙන් සේවය කරමින් සිටියදී 2022 වසරේදී සේවයෙන් විශ්‍රාම ලැබුවාය. ඇය ජාතික සංවර්ධන බැංකුවේ උපසභාපතිනිය (හවුල්සේවා, මෙහෙයුම් සහ වෙළඳ මූල්‍ය)/ උපසභාපතිනිය (ණය)/ ප්‍රධාන ණය නිලධාරිනිය ලෙසද සේවය කර ඇත. ඊට පෙර ඇය හැටන් නැෂනල් බැංකුවේ භාණ්ඩාගාර කටයුතු සහ වෙළඳපල ප්‍රධානී සහ ප්‍රධාන අවදානම් නිලධාරිනිය යන තනතුරු දරා ඇත.

 

ඤාණප්‍රගාසම් මහත්මිය හේලීස් සමාගම් සමූහයේ සමූහ භාණ්ඩාගාරික, කොළඹ මහජන බැංකුවේ භාණ්ඩාගාර උප ප්‍රධානී, සහ කොළඹ සීමාසහිත ඇමෙරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ භාණ්ඩාගාර අධ්‍යක්ෂ සහ, ශ්‍රී ලංකා භාණ්ඩාගාරික,  මූල්‍ය සහ වෙළඳ සේවා අංශයේ ප්‍රාදේශීය ප්‍රධානී ලෙසද කටයුතු කර ඇත.

 

ඇය දකුණු ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් සත්ව විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ විද්‍යාවේදී උපාධියක් ලබා ඇති අතර, එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිවරුන්ගේ සංගමයේ සහ ගෝලීය වරලත් කළමනාකරණ ගණකාධිවරුන්ගේ සංගමයේ සාමාජිකාවකි. ඤාණප්‍රගාසම් මහත්මිය පැරිස් මූල්‍ය වෙළඳපල සංගමයේ (The Financial Markets Association Paris) විදේශ විනිමය අලෙවි නියෝජිත සහතිකයද  දිනා ඇත.

අර්ජුන හේරත්
ස්වාධීන විධායක නොවන අධ්‍යක්‍ෂ
අර්ජුන හේරත්
ස්වාධීන විධායක නොවන අධ්‍යක්‍ෂ

අර්ජුන හේරත් මහතා අර්නස්ට් ඇන්ඩ් යන්ග් (E&Y)  ආයතනයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජේෂ්ඨ සහකරු සහ උපදේශන ප්‍රධානියා ලෙස සේවය කර විශ්‍රාම ලබා ඇති අතරඔහු පුළුල් පරාසයක ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ අත්දැකීම් රැසක් සහිත වෘත්තිකයෙකිි. ඔහු ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ කොමසාරිස් වරයෙකු ලෙසත් සේවය කර ඇත. අර්ජුන මහතා සමාගම් නීති උපදේශක කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය. වර්තමානයේ ඔහු කොළඹ කොටස් වෙළඳපොළේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන අතරපෞද්ගලික අංශයේ සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කරයි.

 

අර්ජුන මහතා කීර්තිමත් ජේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අතරශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපතිවරයෙකි.

 

ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහසාමාජිකයෙකු වන අතර වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරයෙකි. අර්ජුන මහතා කොළඹ විශ්ව විද්යාලයෙන් විද්‍යාවේදී (BSc.) උපාධියක්දඑක්සත් රාජධානියේ ස්ට්‍රැත්ක්ලයිඩ් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධියක්දකොළඹ විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය ආර්ථිකය පිළිබඳ ශාස්ත්‍රපති (MA) උපාධියක්ද ලබා ඇත.

අමෙන්ද්‍ර ද සිල්වා
සමාගම් ලේකම්
අමෙන්ද්‍ර ද සිල්වා
සමාගම් ලේකම්

2018 මැයි මස 1 වන දින සමාගම් ලේකම් ලෙස පත් කරනු ලැබූ ඇය, බැංකුකරණ ක්ෂේත්‍රයෙහි වසර 20කට අධික අත්දැකීම් සහිත අයෙකි. ඇය නීතිඥවරියක වන අතර අන්තර්ජාතික අනුකූලතා සංගමයෙහි අනුකූලතා පිලිබඳ ඩිප්ලෝමාවක්ද ලබා ගෙන ඇත. මීට පෙර ඇය ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකුවෙහි නෛතික නිලධාරියෙකු ලෙස සහ හැටන් නැෂනල් බැංකුවෙහි නීති අංශ (ආයතනික) කළමනාකාර ලෙස කටයුතු කර ඇත. බැංකුව සමග සම්බන්ධ වීමට පෙර, ඇය ජාතික සංවර්ධන බැංකුවෙහි අනුකූලතා අංශය මෙහෙයවන ලදී.

Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form