මුල් පිටුව // පුද්ගලික
ටයිටේනියම් ක්‍රෙඩිට් කාඩ්පත
Control
is in your hands
011 7 640 640

කාඩ්පත හඳුන්වා දීම

ගනුදෙනු කරුවන්ගේ විවිධ අවශ්‍යතා සපුරාගැනිම සඳහා නිර්මාණය කර ඇති කාගිල්ස් ටයිටේනියම් ක්‍රෙඩිට් කාඩ්පත සමගින් ඔබගේ මුල්‍ය අත්දැකීම් ඉහළ නංවන්න.

  • ස්පර්ශයකින් තොර ගෙවීමේ තාක්ෂණය සමග වේගවත්ව හා පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව
  • වැඩි ආරක්ෂාවක් සඳහා EMV අනුකූල චිප් කාඩ්පත හා PIN තාක්ෂණය
  • දින 55ක් දක්වා වූ ණය කාලසීමාව
  • කාගිල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සමගින් වසර පුරා ආකර්ෂනීය වට්ටම් හා දීමනා
  • Mastercard ATM ජාලය හරහා ලොව පුරා විහිදුනු ATM මුදල් අත්තිකාරම් පහසුකම
කාඩ්පතෙන් ලැබෙන ප‍්‍රතිලාභ

කාගිල්ස් බැංකුවේ ටයිටේනියම් ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට පමණක් ලබා ගත හැකි සුවිශේෂී ගනුදෙනු සහ වසර පුරා ලබාදෙන විශාල වටිනාකම් භුක්ති විඳින්න
• සම්බන්ධ වීමේ ගාස්තුවක් නොමැත
• 077 0 689 689 අංකයට මගහැරුනු ඇමතුමක් ලබා දීමෙන් කෙටි පණිවිඩයක් මගින් ක්‍රෙඩිට් කාඩ් ශේෂය පරීක්‍ෂා කිරීමේ හැකියාව
• විද්‍යුත් ප‍්‍රකාශන (E-statement)ලබා ගැනීමේ පහසුකම
• ගනුදෙනු සඳහා අමතර ආරක්‍ෂාවක් ලබා දෙන EMV චිපය සහිත කාඞ් පත
• විශේෂයෙන් මාර්ග-ගත ගනුදෙනු සඳහා වැඩි ආරක්‍ෂාවක් සැපයෙන 3D ආරක්‍ෂිත ගනුදෙනු සත්‍යාපනය
• සතියේ දින හතේම, පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවා ඇමතුම් මධ්‍යස්ථානය
• ප‍්‍රමුඛ පෙළේ වෙළඳ අලෙවිසැල් වෙතින් විශිෂ්ඨ දීමනා සහ වට්ටම්
• කාගිල්ස් ෆුඩ්සිටි, KFC, TGIF සහ සිලෝන් තියටර්ස් වෙතින් දිනපතා විශේෂ දීමනා

 

ශේෂය මාරු කිරීමේ වැඩසටහන

දැන් ඔබට වෙනත් බැංකු වල පවතින ක්‍රෙඩිට් කාඩ්පත් ශේෂය (ශේෂයන්) කාගිල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතක් වෙත මාරු කර එය අවම පොලී අනුපාතිකයක් යටතේ මාස 48ක් දක්වා වූ සමාන මාසික වාරික මගින් නැවත පියවා අවසන් කිරීමේ අවස්ථාව.
මාරු කල හැකි අවම ශේෂය රු. 25,000/- වන අතර කාගිල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා වන ණය සීමාවෙන් 100% දක්වා වූ උපරිම සීමාවක් දක්වා ශේෂය මාරු කිරීමේ හැකියාව පවතී.

ශේෂය මාරු කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන

  • සම්පුර්ණ කරන ලද ශේෂය මාරු කිරීමේ අයදුම්පත : කාගිල්ස් බැකු ශේෂය මාරු කිරීමේ අයදුම්පත :Cargills-Bank-Balance-Transfer-Application
  • වෙනත් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත සඳහා ලැබුණු නවතම ගිණුම් ප්‍රකාශනය

ශේෂය මාරු කිරීමේ කොන්දේසි හා නියමයන් : 

ශේෂය මාරු කිරීම  – කොන්දේසි හා නියමයන් ලේඛනය

විශේෂ ප්‍රතිලාභ - ගමන් රක්ෂණ

ශ්‍රී ලංකාවේ සිට යාමට සහ නැවත ඒමට ගුවන් ටිකට් පත් මිලදී  ගැනීමේදී හෝ හෝටල් වෙන්කරවා ගැනීමේදී කාගිල්ස් බැංකු Mastercard Titanium ක්‍රෙඩිට් කාඩ්පත භාවිතාකිරීමේදී සීමාසහිත Sri Lanka Insurance Corporation Limited වෙතින් නොමිලේ විදේශ ගමන් රක්ෂණාවරණයක් අත්විඳීමේ හැකියාව.

 

Section

කාණ්ඩය

Benefits

ප්‍රතිලාභ

TITANIUM  ක්‍රෙඩිට් කාඩ්පත අමතර (USD)
සීමාව (USD)
A හදිසි අනතුරු සහ වෛද්‍ය වියදම් හා ආසාදන සහ නැවත සිය රටට පැමිණීම 50,000 100
B හදිසි අනතුරු මරණ සහ විපත් 25,000 Nil
C හදිසි අනතුරු මරණ සහ විපත් (සාමාන්‍ය සංචාරකයින් සඳහා පමණි) 25,000 Nil
D සාමාන්‍ය සංචාරකයින්ගේ ගමන්මලු අස්ථානගත වීම (ගමන් මල්ලක් සඳහා 20%ක් සහ අයිතමයක් සඳහා 5%ක්) 1,500 50
E ගමන් මලු ප්‍රමාද වීම් 1,000 පැය 06
F විදේශ ගමන් බලපත්‍රය අස්ථානගත වීම 500 Nil
G පුද්ගලික වගකීම් 10,000 200
I  

ගුවන් යානය පැහැර ගැනීම්

1,000 පැය 24
J  

ගුවන් ගමන් ප්‍රමාද වීම / බාධා වීම

500 පැය 6
K ගුවන් ගමන් අවලංගු වීම 750 50
L පැය 24 පුරා වෛද්‍ය සහායක සේවා ලබා දෙනු ඇත

 

ගමන් රක්ෂණ-නිතර අසන ප්‍රශ්ණ

Travel Insurance FAQ

 

ගමන් රක්ෂණ-ප්රතිපත්තිය

Travel Insurance Policy

රූපමය ක්‍රෙඩිට් කාඩ්පත (Image Card)

ඔබ කැමති රූපයක් යොදා ගනිමින් ඔබගේ ගෝල්ඞ් ක්‍රෙඩිට් කාඩ්පත ඔබගේ රුචිකත්වයට අනුව සකස් කර ගැනීමෙන් ඔබගේ මුල්‍ය අත්දැකීමට පුද්ගලිකත්වයක් එක් කර ගන්න.

රූපමය ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්පත: කාගිල්ස් බැංකු රූපමය ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්පත

රූපමය ක්‍රෙඩිට් කාඩ්පත් මාර්ගෝපදේශනය  : කාගිල්ස් බැංකු රූපමය ක්‍රෙඩිට් කාඩ්පත් මාර්ගෝපදේශනය

රූපමය ක්‍රෙඩිට් කාඩ්පත් පිලිබඳ නිතර අසන ප්‍රශ්න: කාගිල්ස් බැංකු රූපමය ක්‍රෙඩිට් කාඩ්පත් පිලිබඳ නිතර අසන ප්‍රශ්න

නියැඳි රූපමය කාඩ්පත් බලන්න. – නියැඳි රූපමය කාඩ්පත්

ගාස්තු මාර්ගෝපදේශය
ගාස්තු වර්ගය Titanium
ප්‍රාථමික කාඩ්පතට අදාළ වාර්ික ගාස්තුව රු. 3,400/-
සම්බන්ධවීමේ ගාස්තු නොමිලේ
පරිපූරක කාඩ්පත් සඳහා වාර්ෂික ගාස්තුව රු.  2,000/-
පරිපූරක කාඩ්පත් සඳහා සම්බන්ධවීමේ ගාස්තුව නොමිලේ
පොළී අනුපාතිකය (වාර්ෂික) 26% (2024 සැප්තැම්බර් 1 වන දා සිට)
පොළී රහිත කාල සීමාව උපරිම දින 55
අවම ගෙවීම් 4% x මුළු හිඟ මුදල*
සීමාව ඉක්මවිමේ ගාස්තුව රු.  1,500/-
ප්‍රමාදවී ගෙවීම් ගාස්තුව රු. 1,600/-
මුදල් අත්තිකාරම් සීමාව 50% x සීමාව
මුදල් අත්තිකාරම් ගාස්තු රු. 400/- + 5% මුහුණත් අගයෙන්
සීමාව ඉහල නැංවීමේ ගාස්තුව(තවකාලික/ස්ථීර) රු. 1,100/-
කාඩ්පත් ආදේශන රු.  1,200/-
පුද්ගල හඳුනාගැනීම් අංකය (PIN) ආදේශන ගාස්තු රු.  200/-
ප්‍රකාශන පිටපත් ගාස්තුව රු.  250/-
ඩිජිටල් ප්‍රකාශණ පිටපත නොමිලේ
චෙක්පත් ආපසු හැරීයාමේ ගාස්තු රු.  900/-
බදු/වීසා/සීමාව/පොළිය තහවුරු කිරීමේ ලිපි රු.  750/-
විදේශයන් වෙත කුරියර් ගාස්තු රු.  4000/-
සංචාරක රක්ෂණය නොමිලේ
රූපමය කාඩ්පත් සේවාව සඳහා වන ගාස්තුව  – තමාගේම ඡායාරූප සඳහා රු. 1,000/-
රූපමය කාඩ්පත් සේවාව සඳහා වන ගාස්තුව  – ඡායාරූප ගැලරියෙහි ඇති ඡායාරූප සඳහා රු.  500/-
ඡායාරූප ආදේශන ගාස්තු(කාඩ්පත් ආදේශන ගාස්තු මීට අමතරව අදාළ වේ) රු.  1,000/-
කෙටි පණිවිඩ වාර්ෂික ගාස්තුව රු.  300/-

 

ගාස්තු වර්ගය
විදේශීය ගනුදෙනු සියලුම විදේශීය ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් ගනුදෙනු බැංකු භාණ්ඩාගාර විකුණුම් අනුපාතිකය භාවිතයෙන් පරිවර්තනය කරනු ලැබේ. දේශීය විනිමය අනුපාත චලනයන් අවම කිරීම සඳහා, 2022 ඔක්තෝම්බර් 03 දින සිට බිල්පත් කරන අවස්ථාවේදී අමතර මුදලක් (4%) අනුපාතයට ඇතුළත් කෙරේ.
සුදුසුකම් නිර්ණායකය

වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්

අවශ්‍ය ලිපිලේඛන

සරල අයදුම් කිරීමේ ක්‍රියාවලිය සහතික කිරීමට ගෝල්ඞ් ක්‍රෙඩිට් කාඩ්පත ලබා ගැනීමට අවශ්‍ය ලිපිලේඛන ගැන දැනුවත් වන්න.

a) වැටුප් ලබන්නන් සඳහා
ජාතික හැඳුනුම් පතෙහි හෝ විදේශ ගමන් බලපත‍්‍රයේ පිටපතක්
වැටුප් පත්‍රිකා (අවම වශයෙන් පසුගිය මාස 03ක වැටුප් පත්‍රිකා)
වැටුප තහවුරු කෙරෙන සේවායෝජකයාගේ ලිපිය

b) ස්වයං රැකියාවක නිරත නම්
පසුගිය වසර දෙක සඳහා වාර්ෂික ආදායම තහවුරු කෙරෙන විගණකවරුන්ගේ ලිපියක්
ව්‍යාපාර ලිියාපදිංචි සහතිකයේ පිටපතක්
පසුගිය මාස තුනක බැංකු ගිණුම් ප‍්‍රකාශන

ක්‍රෙඩිට් කාඩ් ප්රකාශය
නියමයන් සහ කොන්දේසි

Credit Card – Terms and Conditions

 

*ක්‍රෙඩිට් කාඩ්පත් පියවීම්  ,ජංගම බැංකුකරණය සහ අන්තර්ජාල බැංකුකරණය හරහා සිදු කිරීමේදී ,අදාල  දින  සවස 6.00 ට ප්‍රථම සිදු කළ යුතුය. එමඟින් ගෙවීම්වල ප්‍රමාද වීම් අවම කරගත හැක

  • පහත දක්වා ඇති රටවල් දැනට පුළුල් එක්සත් ජනපද සම්බාධක වලට යටත් වේ. මෙම කලාපයන්හි සහ රටවල් වල Mastercard සතු කාර්යාල, අනුබද්ධිතයින්, හෝ අනුබද්ධිත සමාගම් නොමැති අතර පාරිභොගිකයින් හට කාඩ්පත් නිකුත් කිරීම හෝ POS ටර්මිනල හෝ ATM මගින් ගනුදෙනු ලබා ගැනීමට Mastercard බලපත්‍ර ලබා නොදේ.
    • ඉරානය
    • උතුරු කොරියාව
    • සිරියාව
    • සූඩානය
    • ක්රිමියාව
ක්‍රෙඩිට් කාඩ්පත සඳහා අයදුම් කිරීම

අදම කාගිල්ස් බැංකුවේ ගෝල්ඩ් ක්‍රෙඩිට් කාඩ්පත සඳහා අයදුම් කිරීමෙන් ඔබගේ මුල්‍ය නිදහස භුක්ති විඳීමේ පළමු පියවර තබන්න

https://www.cargillsbank.com/apply-for-credit-card

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form