
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය(SME) :- සේවාලාභීන්, ශ්‍රි ලංකා ආර්ථීකය තුළ විවිධ අංශවල ක්‍රියාත්මක වන පුද්ගලයින්, ඒක පුද්ගල අයිතීන්, හවුල් ව්‍යාපාර සහ සීමිත වගකීම් සහිත සමාගම් වලින් සමන්විත වේ. වර්තමානයේ රුපියල් මිලියන 250කට අඩු සමස්ථ බැංකු නිරාවරණයක් සහිත ඕනෑම ආයතනයක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයක් :ලෙස වර්ගීකරණය කර ඇති අතර, කාගිල්ස් බැංකුවේ විශාලතම ණයදෙන අංශයක් වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුකරණය ඒ සඳහා කැපවූ කණ්ඩායමක් විසින් හසුරුවනු ලැබේ.
කාගිල්ස් බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) කවය මගින් ඔබට පහත සඳහන් පහසුකම් පිරිනමනු ලැබේ:
ස්ථීර කාරක ප්‍රාග්ධන අවශ්‍යතා හෝ ස්ථාවර වත්කම් මිලදී ගැනීම සඳහා ණය මුදල් ලබාදීමේ දී පුද්ගල තත්වයන් සහ මුදල් ප්‍රවාහය මත පදනම්ව, නම්‍යශීලීව සහ ඉල්ලූම්කරුගේ අවශ්‍යතාවයන්ට අනුව සැකසුනු ආපසු ගෙවීමේ සැලැස්මක් අපි පිරිනමන්නෙමු.
විශේෂතා:
-ණය සඳහා තරගකාරී පොලී අනුපාත
– වසර 7ක් දක්වා වූ දීර්ඝ ආපසු ගෙවීමේ කාලයක්
– ව්‍යාපෘති අවශ්‍යතා අනුව ප්‍රාග්ධන සහන කාලයක්
ණය ව්‍යුහය:
– අයදුම්කරුවන්ගේ අවශ්‍යතා අනුව සකස්කළ ණය සීමාවන්
– කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) පිළිබඳ දැනුවත්වීම සහ දැනුම ලබා ගැනීම වැඩිකර ගැනීම සඳහා වන වැඩමුඵ සහ සම්මන්ත්‍රණ සඳහා පිවිසීමේ පහසුකම්
ණය ලබාගැනීෘමේ සුදුසුකම්:
– නව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ව්‍යාපාරික සබඳතා සහ කාගිල්ස් බැංකුවේ වර්තමාන ව්‍යාපාරික ගනුදෙනුකරුවන්
මුල්‍යකරණය සඳහා සුදුසුකම් ලබන කි්‍රයාකාරකම්:
– නව ව්‍යාපාර ආරම්භ කිිරීම හෝ පවතින ව්‍යාපාර අත්පත් කර ගැනීම
-නිෂ්පාදන සහ සේවා සැපයුම් ව්‍යාපර සඳහා ස්ථාවර වත්කම් වල ආයෝජනය සහ දිගු කාලීන කාරක ප්‍රාග්ධන අවශ්‍යතා
– ව්‍යාපාර පුඵල් කිරීම්
– යටිතල පහසුකම් සංවර්ධනය
– ව්‍යාපාර විවිධාංගීකරණය
ආපසු ගෙවීම:
– ආපසු ගෙවීමේ උපරිම කාලය වසර 7කි
ණය තොරතුරු, නිියමයන් සහ කොන්දේසි වෙනස්විය හැකි බව කරුණාවෙන් සලකන්න. නවතම තොරතුරු සහ පවතින නියමයන් සහ කොන්දේසි සඳහා කරුණාකර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) ඒකකය අමතන්න
ඔබගේ මුදල් ප්‍රවාහ හිගය මත, උපරිම සීමාවකට යටත්ව, ඔබගේ එදිනෙදා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙම පහසුකම පිරිනමනු ලැබේ. සාමාන්‍ය ණය පහසුකම් වලදී මෙන් නොව, දෛනික භාවිතය අනුව අයිරා පොලිය අයකරනු ලබන බැවින් ඔබගේ ආÞයම දෛනිකව තැන්පත් කිරීමෙන් පොලී පිරිවැය අඩුකර ගැනීමේ හැකියාව ඔබට ඇත.
ඔබගේ ව්‍යාපාරය සඳහා පුඵල් වෙළඳ භාණ්ඩ සහ සේවා මුල්‍ය පහසුකම්:
• ආනයන ණයවර ලිපි :(LC)-
• ගෙවීම් හා සම්බන්ධ ලේඛන (DP)- සහ පිළිගැනීම හා සම්බන්ධ ලේඛන (DA)- ඇතුඵ ලේඛන රැස්කිරීම
• අÞළ වන පරිදි ආනයන බදු අන්තර්ගතය ආවරණය කරමින්, ආනයන ණයවර ලිපි :ඛක- යටතේ බිල්පත් පියවීම සඳහා හෝ ගෙවීම් හා සම්බන්ධ ලේඛන යටතේ බිල්පත් ගෙවීම් සඳහා ආනයන මුල්‍ය පහසුකම්ග
අපනයනකරුවන් සඳහා අතිරේක සහාය:
• අපනයනකරුවන් සඳහා ඇසුරුම් ණය පහසුකම්
• අපනයන බිල්පත් හා සම්බන්ධ ගිවිසගැනීම් සහ බිල්පත් රැස්කිරීම්
• කඩිනම් විකුණුම් කි්‍රයාවලියක් සකි්‍රය කරමින්, මුල් පැටවීමේ බිල්පත ලැඛෙන තෙක් බලා නොසිට නැවිගත කළ භාණ්ඩ සන්තකයේ තබා ගැනීම හා සම්බන්ධ නැව්ගත කිරීමේ සහතික ලබාදීමග
ඔබගේ ව්‍යාපාරයේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා සහ හදිසි මුල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා අපි කෙටි කාලීන ණය ලබා දෙන්නෙමුග ආපසු ගෙවීමේ කාලය මාස 12 නොඉක්මවිය යුතුය.
අපගේ කෙටිකාලීණ ණය ලබා ගැනීමේ ප්‍රතිලාභ
– වෙළඳපොළ තත්වයන් මත දැරිය හැකි පොලී අනුපාත
– ආපසු ගෙවීමේ නම්‍යශීලී බව සහ පහසුව
– කලින් ආපසු ගෙවීමේ ගාස්තු නොමැත
නියමයන් සහ කොන්දේසි
ණය තොරතුරු, නිියමයන් සහ කොන්දේසි වෙනස්වීම් වලට බඳුන් විය හැකිය. නවතම තොරතුරු සහ පවතින නියමයන් සහ කොන්දේසි සඳහා ආසන්නතම බැංකු ශාඛාව / කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) දෙපාර්මේන්තුව ඇමතීම නිර්දේශ කරනු ලැබේ.
ඔබගේ විකුණුම් ලෙජරය පිළිබඳව පාලනයක් සහිතව ඉන්වොයිස් සඳහා මුදල් ලබා ගැනිමට ඔබට අවශ්‍යද? අපගේ ඉන්වොයිස් වට්ටම් සේවාව සම`ගින් ඔබට ඔබගේ මුදල් ප්‍රවාහය වැඩිදියුණු කරගත හැකි අතර අයහපත් ණය ගැනීම් වලින් ඔබගේ ව්‍යාපාරය ආරකෂා කර ගැනීමට ද හැකිය.
කෙටියෙන් කිවහොත්
• ඔබගේ ඉන්වොයිස් වල වටිනකමෙන් 80%ක් දක්වා ලබා ගන්න
• ඔබගේම ණය පාලනය කළමනාකරණය කර ගන්න
ප්‍රධාන ප්‍රතිලාභ
• ඉන්වොයිස් වල හිරවී ඇති කාරක ප්‍රාග්ධනය නිදහස් කර ගැනීමෙන් ඔබගේ මුදල් ප්‍රවාහය වැඩිදියුණු කර ගැනීම
• ඔබගේ විකුණුම් ලෙජරයට අනුකූලව දෛනික අරමුදල් යාවත්කාලීන කර ගැනීම