මුල් පිටුව // පුද්ගලික // ඉතුරුම් ගිණුම්
විශ‍්‍රාම පුද්ගලික ණය
011 7 640 640
හැදින්වීම

විශ‍්‍රාමිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සදහා නිර්මාණය කර ඇති විශේෂීත පුද්ගලික ණය පහසුකමකි. මෙම ණය තරගකාරී පොළි අනුපාත, නම්‍යශීලි ආපසු ගෙවීමේ විකල්ප (මනාප) සහ කරදරයකින් තොරව අයදුම් කිරිමේ ක‍්‍රියාවලියක් සපයනු ලබයි.

සුදුසුකම්

-ශ‍්‍රී ලංකික පුරවැසියෙකු වීම

-රජයේ විශ‍්‍රාමික හෝ වැන්දඹු/වැන්දඹු පුරුෂ (විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හරහා කාලාත‍්‍රයාගේ විශාම වැටුප ලබන)

-වලංගු ජාතික හැදුනුම්පතක් (NIC) හිමි වයස අවුරුදු 75 දක්වා වූ අයෙකු වීම

-විශ‍්‍රාම වැටුප පැවරිය යුතු අතර එය පෙර හෝ වර්ථමාන මාසය තුල කාගීල්ස් බැංකුවේ “විශ‍්‍රාම” ඉතුරුමි ගිණුමට බැර කර තිබිය යුතුය

-සියලූ අඩු කිරිම් වලින් පසු ශුද්ධ අවම අදායම රුපියල් 25,000/- විය යුතුය

ප්‍රතිලාභ

-ආකර්ෂණීය ස්ථාවර පොළි අනුපාතය ලබා ගැනීමට හැක
-රුපියල් 5,000,000 ක උපරිම මුදලක් වසර 10ක් දක්වා ලබා ගන්න
-පෙර ගෙවීම් හෝ සැකසුම් ගාස්තු අය නොකෙරේ

අරමුණ

නිවස අලූත්වැඩියා කිරිම, ඔබට හෝ පවුලේ සාමාජිකයින්ට ශල්‍යකර්ම/වෛද්‍ය වියදම්, ගමන් වියදම්, දරුවන්ගේ අධ්‍යාපන සහ විවාහ වියදම්, පවතින අනෙකුත් බැංකු ණය හෝ ණය කාඞ් පියවීම සහ බැංකුවට පිළිගත හැකි වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා.

පොළී අනුපාතය

වාර්ෂික ස්ථාවර පොළි අනුපාතය 15‍%

අවශ්‍ය ලියකියවිලි

– නිසි පරිදි සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත
– ජාතික හැදුනුම්පතේ පිටපතක් (NIC)
– මෑත කාලීන උපයෝගිතා බිල්පතේ/බැංකු ප‍්‍රකාශයේ පිටපතක් ( ලිපිනය ජාතික හැදුනුම්පතට වඩා වෙනස් නම්)
– කාගීල් බැංකුවට විශ‍්‍රාම වැටුප හැරවීමේ තහවුරු ලේඛනය
– විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තහවුරු ලේඛනය
– දැනට විශ‍්‍රාම වැටුප පේ‍්‍රෂණය වන බැංකුවෙන් විරෝධතා නොමැති බවට ලිපිය
– වෙනත් ආදායම් සත්‍යාපනය තහවුරු කිරිමේ ලියවිලි (අවශ්‍යනම්)

නියමයන් හා කොන්දේසි

පවතින නියමටන් සහ කොන්දේසී කාගීල්ස් බැංකුවේ පුද්ගලික ණය ප‍්‍රතිපත්තියට යටත් වේ. වැඩිදුර පැහැදිලි කරගැනීම් සදහා අපගේ ශාඛාව හෝ ඇමතුම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගැනීම සුදුසු වේ.

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form