මුල් පිටුව // පුද්ගලික
විශ‍්‍රාම ස්ථාවර තැන්පතු ගිණුම
011 7 640 640
හැදින්වීම

ස්ථාවර තැන්පතු වලට විශ‍්‍රාමිකයන් වෙනුවෙන් විශේෂ පොළී අනුපාතයක් ලබා දෙන අතර, ඔවුන්ගේ ආයෝජන සුරක්ෂිත සහ ආරක්ෂිතව පවතින බව සහතික කරමින් හොදම පොළි ප‍්‍රතිලාභ ලබා දීම සදහා නිර්මාණය කර ඇත.

සුදුසුකම්

– ශ‍්‍රී ලංකික පුරවැසියෙකු වීම
-රජයේ විශ‍්‍රාමික හෝ වැන්දඹු/වැන්දඹු පුරුෂ (විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හරහා කාලාත‍්‍රයාගේ විශාම වැටුප ලබන)
-වලංගු ජාතික හැදුනුම්පතක් (NIC) හිමි වයස අවුරුදු 75 දක්වා වූ අයෙකු වීම

සුවිශේෂතා

-සම්මත ස්ථාවර තැන්පතු වලට වඩා ඉහල පොළි අනුපාතයක්
-වසර 1ක්, වසර 3 හෝ වසර 5 ක් සදහා සැලැස්මක් තෝරා මාසිකව හෝ කල්පිරිෙමිදි පොළිය ලබාගන්න
-(AER වාර්ෂික සමාන අනුපාතය) + 2.50‍% අනුපාතයට තැන්පතුවෙන් 90% ක් දක්වා මුදල් ආපසු ණය ලබා ගන්න

පොළී අනුපාතය
පොළී සංඛ්‍යාතය වසර 1 වසර 2 වසර 3
කල්පිරිමේදි 12.00% 13.50% 15.25%
මාසිකව 11.40% 11.40% 11.40%
*බැංකුවේ අභිමතය පරිදි අනුපාත වෙනස් වීමට යටත් වේ
අවශ්‍ය ලියකියවිලි

– නිසි පරිදි සම්පූර්ණ කරන ලද ඉතුරුම් ගිණුම් අයදුම්පත
– ජාතික හැදුනුම්පත (NIC)
– විශ‍්‍රාම වැටුප් හැදුනුම්පත හෝ වෙනත් තහවුරු ලේඛනයක්
– පදිංචි ලිපිනයට අදාල මෑත කාලීන උපයෝගිතා බිල්පතේ/බැංකු ප‍්‍රකාශයේ පිටපතක් (ලිපිනය ජාතික හැදුනුම්පතට වඩා වෙනස් නම්)

නියමයන් හා කොන්දේසි

-උපරිම තැන්පතු මුදල රුපියල් 1,000,000/- කි

-විශ‍්‍රාම වැටුප කාගීල්ස් බැංකුවේ “විශ‍්‍රාම” ඉතුරුම් ගිණුමට පේ‍්‍රෂණය කළ යුතුය

– කල් පිරීමට පෙර ආපසු තැන්පතුව ලබාගැනීමට අවශ්‍ය නම් අඩු පොලි අනුපාතයකට ස්ථාවර තැන්පතුව ලබාගත හැකියි

-ඕනෑම අවස්ථාවක කාගීල්ස් බැංකුවේ “විශ‍්‍රාම” ස්ථාවර තැන්පතු ගිණුමට අදාළ නිෂ්පාදන විශේෂාංග/දීමනා සහ නියමයන් සහ කොන්දේසි වෙනස් කිරිමට, එකතු කිරිමට හෝ සංශෝධනය කිරිමට ඇති බලය කාගීල්ස් බැංකුව රදවා තබා ගනී

-සාමාන්‍ය ඉතුරුම් ගිණුම් වලට අදාළ අනෙකුත් සියලූම සාමාන්‍ය නියමයන් සහ කොන්දේසි සහ මෙහෙයුම් ක‍්‍රියාවලි “විශ‍්‍රාම” ස්ථාවර තැන්පතු ගිණුමට අදාල වේ.

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form