මුල් පිටුව // පුද්ගලික // ඉතුරුම් ගිණුම්
Smart Teens ඉතුරුම් ගිණුම
011 7 640 640

කාගීල්ස් බැංකුව “Smart Teens” විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ තරුණ ඉතිරිකරන්නන් වෙනුවෙන් ඔවුන්ගේ මූල්‍ය කළමනාකරණයේ මූල් ආරම්භයක් ලබා ගැනීම සඳහාය. “Smart Teens” ඉතුරුම් ගිණුම නව යොවුන් වියේ සිටින්නන් හට මූලික බැංකු මෙවලම් සමඟ ප්‍රායෝගික අත්දැකීමක් ලබා දෙමින් ඉතුරුම් පුරුදු ගොඩනගා ගැනීමට උපකාර කෙරේ. එය අනාගත මූල්‍ය ස්වාධීනත්වය සඳහා ඔවුන් සූදානම් කරනු ලබන ඉතුරිකිරිමේ, වියදම්කිරිමේ සහ ඉගෙනීමේ පරිපූර්ණ එකතුවකි. අද ඔවුන් සවිබල ගන්වා ඔවුන්ගේ හෙට දවස සුරක්ෂිත කරන්න.

විශේෂාංග

• මෙය ගනුදෙනු කිරිමේ ගිණුමකි
• විශේෂ පොලී අනුපාතය
• නොමිලේ පෙර මුද්‍රිත රූප හර කාඩ්පත
• දෙමාපියන්ගේ ජංගම දුරකථන අංකයට නොමිලේ කෙටි පණිවුඩ ඇඟවීම්
• යෞවනයින්ට නොමිලේ අන්තර්ජාල බැංකුකරණය සහ ජංගම බැංකුකරණය
• දෙමාපියන්ගේ විද්‍යුත් ලිපිනයට විද්‍යුත් ප්‍රකාශය

සුදුසුකම්

ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම, ගිණුම් විවෘත කරන අවස්ථාවේ දී වයස අවුරුදු 13 – 17 අතර යෞවනයින්.

අවශ්‍ය ලිපි ලේඛන

•නිසි පරිදි සම්පූර්ණ කරන ලද ඉතුරුම් ගිණුම් අයදුම්පත.

•යෞවනයාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් /  වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු ජාතික හැඳුනුම්පත (NIC) තිබේ නම්.

•ජාතික හැදුනුම්පත් අංකය සදහන් වන දෙමාපියන්ගේ/ භාරකරුගේ වලංගු ජාතික හැඳුනුම්පතේ / වලංගු රියදුරු බලපත්‍රයේ/ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්.

•මෑත කාලීන උපයෝගිතා බිල්පතක පිටපතක් (බැංකුවට ලබා දී ඇති ලිපිනය ජාතික හැඳුනුම්පතට/විදේශ ගමන් බලපත්‍රයට/ රියදුරු බලපත්‍රයට වඩා වෙනස් නම්).

නියමයන් සහ කොන්දේසි

•බද්ධ ගිණුම් විවෘත කිරීමට අවසර නැත.
•පාස්පොත නිකුත් කරනු නොලැබේ.
•අවම මූලික තැන්පතුව රුපියල් 5,000/-
•පවත්වාගත යුතු අවම ගිණුම් ශේෂය – රුපියල් 2,500/-
•දිනකට ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර – ගනුදෙනු සීමාව රුපියල් 5,000/- දෛනික POS සහ e-commerce – ගනුදෙනු සීමාව රුපියල් 5,000/-
•කවුන්ටරය හරහා මුදල් ආපසු ගැනීමට ඉඩ ලබා නොදේ.
•ඕනෑම අවස්ථාවක කාගීල්ස් Teens ඉතිරිකිරීමේ ගිණුමට අදාළ නිෂ්පාදන විශේෂාංග/දීමනා සහ නියමයන් සහ කොන්දේසි වෙනස් කිරීමට, එකතු කිරීමට හෝ සංශෝධනය කිරීමට ඇති බලය කාගීල්ස් බැංකුව රදවා තබා ගනී.
•සාමාන්‍ය ඉතුරුම්වලට අදාළ අනෙකුත් සියලුම සාමාන්‍ය නියමයන් සහ කොන්දේසි සහ මෙහෙයුම් ක්‍රියාවලි “SMART TEENS” ඉතුරුම් ගිණුමට අදාල වනු ඇත.
•ගිණුම පවතින දේශීය ආදායම් රෙගුලාසිවලට අනුව ඕනෑම ව්‍යවස්ථාපිත බදු සහ අයකිරීම් වලට යටත් වේ.
•කිසිදු නය පහසුකමක් මෙම Smart Teens ගිණුමට අදාළව දෙනු නොලැබේ

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form