
කාගිල්ස් බැංකුවේ ගෝල්ඩ් ක්‍රෙඩිට් කාඩ්පත (Cargills Bank Gold Credit Card) පළමු වරට ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන්නන් සහ තම මුල්‍ය වියදම්වලට ප‍්‍රමුඛත්වය දෙන අය සඳහා සකස් කර ඇත.
අපි ඔබට පිරිනමන පහසුකම්
කාගිල්ස් බැංකුවේ ගෝල්ඩ් ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට පමණක් ලබා ගත හැකි සුවිශේෂී ගනුදෙනු සහ වසර පුරා ලබාදෙන විශාල වටිනාකම් භුක්ති විඳින්න.
• සම්බන්ධ වීමේ ගාස්තුවක් නොමැත
• 077 0 689 689 අංකයට මගහැරුනු ඇමතුමක් ලබා දීමෙන් කෙටි පණිවිඩයක් මගින් ක්‍රෙඩිට් කාඩ් ශේෂය පරීක්‍ෂා කිරීමේ හැකියාව
• විද්‍යුත් ප‍්‍රකාශන (E-statement)ලබා ගැනීමේ පහසුකම
• ගනුදෙනු සඳහා අමතර ආරක්‍ෂාවක් ලබා දෙන EMV චිපය සහිත කාඞ් පත
• විශේෂයෙන් මාර්ග-ගත ගනුදෙනු සඳහා වැඩි ආරක්‍ෂාවක් සැපයෙන 3D ආරක්‍ෂිත ගනුදෙනු සත්‍යාපනය
• සතියේ දින හතේම, පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවා ඇමතුම් මධ්‍යස්ථානය
• ප‍්‍රමුඛ පෙළේ වෙළඳ අලෙවිසැල් වෙතින් විශිෂ්ඨ දීමනා සහ වට්ටම්
• කාගිල්ස් ෆුඩ්සිටි, KFC, TGIF සහ සිලෝන් තියටර්ස් වෙතින් දිනපතා විශේෂ දීමනා
• ක්‍රෙඩිට් කාඩ්පත් ශේෂය මාරුකිරීම
දැන් ඔබට වෙනත් බැංකු වල පවතින ක්‍රෙඩිට් කාඩ්පත් ශේෂය (ශේෂයන්) කාගිල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතක් වෙත මාරු කර එය අවම පොලී අනුපාතිකයක් යටතේ මාස 48ක් දක්වා වූ සමාන මාසික වාරික මගින් නැවත පියවා අවසන් කිරීමේ අවස්ථාව.
මාරු කල හැකි අවම ශේෂය රු. 25,000/- වන අතර කාගිල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා වන ණය සීමාවෙන් 100% දක්වා වූ උපරිම සීමාවක් දක්වා ශේෂය මාරු කිරීමේ හැකියාව පවතී.
ශේෂය මාරු කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන
ශේෂය මාරු කිරීමේ කොන්දේසි හා නියමයන් :
ඔබ කැමති රූපයක් යොදා ගනිමින් ඔබගේ ගෝල්ඞ් ක්‍රෙඩිට් කාඩ්පත ඔබගේ රුචිකත්වයට අනුව සකස් කර ගැනීමෙන් ඔබගේ මුල්‍ය අත්දැකීමට පුද්ගලිකත්වයක් එක් කර ගන්න.
රූපමය ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්පත: කාගිල්ස් බැංකු රූපමය ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්පත
රූපමය ක්‍රෙඩිට් කාඩ්පත් මාර්ගෝපදේශනය : කාගිල්ස් බැංකු රූපමය ක්‍රෙඩිට් කාඩ්පත් මාර්ගෝපදේශනය
රූපමය ක්‍රෙඩිට් කාඩ්පත් පිලිබඳ නිතර අසන ප්‍රශ්න: කාගිල්ස් බැංකු රූපමය ක්‍රෙඩිට් කාඩ්පත් පිලිබඳ නිතර අසන ප්‍රශ්න
නියැඳි රූපමය කාඩ්පත් බලන්න. – නියැඳි රූපමය කාඩ්පත්
ගාස්තු වර්ගය | Gold |
ප්‍රාථමික කාඩ්පතට අදාළ වාර්ෂික ගාස්තුව | රු. 2,500/- |
සම්බන්ධවීමේ ගාස්තු | නොමිලේ |
පරිපූරක කාඩ්පත් සඳහා වාර්ෂික ගාස්තුව | රු. 1,500/- |
පරිපූරක කාඩ්පත් සඳහා සම්බන්ධවීමේ ගාස්තුව | නොමිලේ |
පොළී අනුපාතිකය (වාර්ෂික) | 26% (2024 සැප්තැම්බර් 1 වන දා සිට) |
පොළී රහිත කාල සීමාව | උපරිම දින 55 |
අවම ගෙවීම් | 4% x මුළු හිඟ මුදල* |
සීමාව ඉක්මවිමේ ගාස්තුව | රු. 1,500/- |
ප්‍රමාදවී ගෙවීම් ගාස්තුව | රු.1,600/- |
මුදල් අත්තිකාරම් සීමාව | 50% x සීමාව |
මුදල් අත්තිකාරම් ගාස්තු | රු. 400/- + 5% මුහුණත් අගයෙන් |
සීමාව ඉහල නැංවීමේ ගාස්තුව(තවකාලික/ස්ථීර) | රු. 1,100/- |
කාඩ්පත් ආදේශන | රු. 1,200/- |
පුද්ගල හඳුනාගැනීම් අංකය (PIN) ආදේශන ගාස්තු | රු. 200/- |
ප්‍රකාශන පිටපත් ගාස්තුව | රු. 250/- |
ඩිජිටල් ප්‍රකාශණ පිටපත | නොමිලේ |
චෙක්පත් ආපසු හැරීයාමේ ගාස්තු | රු. 900/- |
බදු/වීසා/සීමාව/පොළිය තහවුරු කිරීමේ ලිපි | රු. 750/- |
විදේශයන් වෙත කුරියර් ගාස්තු | රු. 4,000/- |
සංචාරක රක්ෂණය | අ/නො |
රූපමය කාඩ්පත් සේවාව සඳහා වන ගාස්තුව – තමාගේම ඡායාරූප සඳහා | රු. 1,000/- |
රූපමය කාඩ්පත් සේවාව සඳහා වන ගාස්තුව – ඡායාරූප ගැලරියෙහි ඇති ඡායාරූප සඳහා | රු. 500/- |
ඡායාරූප ආදේශන ගාස්තු(කාඩ්පත් ආදේශන ගාස්තු මීට අමතරව අදාළ වේ) | රු. 1,000/- |
කෙටි පණිවිඩ වාර්ෂික ගාස්තුව | රු. 300/- |
ගාස්තු වර්ගය | |
විදේශීය ගනුදෙනු | සියලුම විදේශීය ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් ගනුදෙනු බැංකු භාණ්ඩාගාර විකුණුම් අනුපාතිකය භාවිතයෙන් පරිවර්තනය කරනු ලැබේ. දේශීය විනිමය අනුපාත චලනයන් අවම කිරීම සඳහා, 2022 ඔක්තෝම්බර් 03 දින සිට බිල්පත් කරන අවස්ථාවේදී අමතර මුදලක් (4%) අනුපාතයට ඇතුළත් කෙරේ. |
වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්
සරල අයදුම් කිරීමේ ක්‍රියාවලිය සහතික කිරීමට ගෝල්ඞ් ක්‍රෙඩිට් කාඩ්පත ලබා ගැනීමට අවශ්‍ය ලිපිලේඛන ගැන දැනුවත් වන්න.
a) වැටුප් ලබන්නන් සඳහා
ජාතික හැඳුනුම් පතෙහි හෝ විදේශ ගමන් බලපත‍්‍රයේ පිටපතක්
වැටුප් පත්‍රිකා (අවම වශයෙන් පසුගිය මාස 03ක වැටුප් පත්‍රිකා)
වැටුප තහවුරු කෙරෙන සේවායෝජකයාගේ ලිපිය
b) ස්වයං රැකියාවක නිරත නම්
පසුගිය වසර දෙක සඳහා වාර්ෂික ආදායම තහවුරු කෙරෙන විගණකවරුන්ගේ ලිපියක්
ව්‍යාපාර ලිියාපදිංචි සහතිකයේ පිටපතක්
පසුගිය මාස තුනක බැංකු ගිණුම් ප‍්‍රකාශන
Credit Card – Terms and Conditions
*ක්‍රෙඩිට් කාඩ්පත් පියවීම් ,ජංගම බැංකුකරණය සහ අන්තර්ජාල බැංකුකරණය හරහා සිදු කිරීමේදී ,අදාල දින සවස 6.00 ට ප්‍රථම සිදු කළ යුතුය. එමඟින් ගෙවීම්වල ප්‍රමාද වීම් අවම කරගත හැක
*පහත දක්වා ඇති රටවල් දැනට පුළුල් එක්සත් ජනපද සම්බාධක වලට යටත් වේ. මෙම කලාපයන්හි සහ රටවල් වල Mastercard සතු කාර්යාල, අනුබද්ධිතයින්, හෝ අනුබද්ධිත සමාගම් නොමැති අතර පාරිභොගිකයින් හට කාඩ්පත් නිකුත් කිරීම හෝ POS ටර්මිනල හෝ ATM මගින් ගනුදෙනු ලබා ගැනීමට Mastercard බලපත්‍ර ලබා නොදේ.
අදම කාගිල්ස් බැංකුවේ ගෝල්ඩ් ක්‍රෙඩිට් කාඩ්පත සඳහා අයදුම් කිරීමෙන් ඔබගේ මුල්‍ය නිදහස භුක්ති විඳීමේ පළමු පියවර තබන්න