
කාගිල්ස් බැංකුවෙහි අප, අපගේ ව්‍යාපාර බැංකුකරණ ගනුදෙනුකරුවන්හට ප්‍රාග්ධන කළමනාකරණය, ව්‍යාපාර පුළුල් කිරීම, ප්‍රතිලාභ වැඩිදියුණු කිරීම වෙළඳ මූල්‍යකරණය ඇතුලු තවත් බොහෝ දේ සඳහා විසඳුම් සපයනු ලබයි. සෑම ව්‍යාපාරයක්ම එකිනෙකට වෙනස් මුහුණුවරක් ගනු ලබන අතර තරඟකාරී අනුපාතිකයන් යටතේ සැපයුම් දාමයෙහි අරමුදල් මුදාහැරීමට සහ මුදල් ප්‍රවාහයන් ඵලදායීව කළමනාකරණය කිරීමට අපි සහය වන්නෙමු.
අපගේ ගනුදෙනුකරුවන්ගේ සාර්ථකත්වය පිලිබඳ පි විශ්වාස කරමු.
අපෙන් ඔබට:
අඛණ්ඩ බැංකුකරණ පහසුකම් ලබාදෙන්නෙමු
අප විසින් ලබාදෙන කාරක ප‍්‍රාග්ධන පහසුකම් ඔබගේ සමාගමට තරගකාරීත්වයෙකින් යුතුව ව්‍යාපාරික කටයුතු කිරීමට හැකිවන අයුරින් සුවිශේෂී ආකාරයට නිර්මාණය කර තිබෙන අතර ඒවා පහත සඳහන් අංගයන් ගෙන් සමන්විතය.
අයිරා /කෙටිකාලීන ණය
ඔබගේ මුල්‍ය ප‍්‍රවාහයේ හිගකම පදනම් කරගෙන උපරිම සීමාවක් ඇතිව මෙම පහසුකම් ලබාදෙන්නේ ඔබගේ එදිනෙදා කාරක ප‍්‍රාග්ධනයට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම සඳහාය. අයිරා සඳහා පොලිය අයකරණු ලබන්නේ දෛනික භාවිතය අනුව වන අතර එබැවින් ඔබ දෛනික වෙළඳාමෙන් එක්රැස්වන මුදල් තැන්පත් කිරීම මගින් පොලිය සඳහා ගෙවීමට සිදුවන මුදල අුඩුකරගැනීමට හැකිවනු ඇත.
කෙටිකාලීන ණය පහසුකම් ලබාදෙන්නේ වඩාත් තරගකාරී පොලී අනුපාතික යටතේ කලින් තීරණය කරන්නා ලද ණය වාරික ආපසු ගෙවීමේ සැලසුමක් අනුව උපරිම වශයෙන් මාස 12 ක කාලසිමාවක් සඳහාය.
ඔබ ඔබගේ කර්මාන්ත ශාලාවේ යන්ත‍්‍රසූත‍්‍ර නවීකරණය කිරීමට, ස්ථාවර කාරක ප‍්‍රාග්ධන මුල්‍ය සම්පාදනය කිරීමට, ස්ථාවර වත්කම් ලබාගැනීමට හෝ විශේෂිත ව්‍යාපෘති සඳහා මුදල් යෙදවිමට අපේක්ෂා කරන්නේ නම් අනාගත මුදල් ප‍්‍රවාහයන් සඳහා ඔබටම ගැලපෙන අයුරින් සකස් කරන ලද මුල්‍ය පහසුකම් ඔබට ලබාදිය හැකිය. වැඩි වටිනාකමකින් යුක්ත ව්‍යාපෘති සඳහා විශේෂිත ණය පහසුකම් ලබාදිමට කටයුතු කිරීමට අපිට හැකි අතර එබැවින් ඔබට වඩාත් විශ්වාසයකින් යුතුව විශාල ව්‍යාපාර ආරම්භ කළ හැකිය.
ව්‍යාවසායකත්වයන් වර්ධනය කිරීමට සහාය සැලසීම සඳහා කාගිල්ස් බැංකුව විශාල පරාසයක ව්‍යාපෘති මුල්‍ය නිෂ්පාදන හා සේවාවන් ගණනාවක් ලබාදේ. ව්‍යාපෘති මූල්‍යකරණය විශේෂිත කුසලතාවයකි. ව්‍යවසායකත්වය සඳහා වඩාත්ම සුදුසු මුල්‍ය පැකේජ ආකෘතීන් හඳුනාගැනීමට සහ ඇගයීමට ලක්කිරීම සඳහා කර්මාන්ත සහ මූල්‍ය ප‍්‍රවීනත්වය සම්මිශ‍්‍රණයවූ දැනුම සහ කුසලතා සම්භාරයක් අවශ්‍ය වේ.
ව්‍යාපෘතියක මුදල් ප‍්‍රවාහය මූලිකව සලකා බලන කරුණක් වන නිසා මෙම ඇගයීම් ක‍්‍රියාපටිපාටියට අනුග‍්‍රාහකයාගේ ක‍්‍රියාකාරකම් පරීක්ෂා වාර්තාව, වෙළඳපළ, තාක්ෂණය සහ නිෂ්පාදනය, කළමනාකරණය හා මානව සම්පත්, පරිසරය, නියාමනයක් සහ නීතිමය අනුමැතිය යනාදී කරුණු ගණනාවක් ඇතුලූව ව්‍යාපෘතිය සිදුකරගෙනයාමේ හැකියාව පිළිබඳ වලංගුතාවය පරීක්ෂා කිරිම ඇතුළත් වේ.
ඔබගේ ඉතිරිකිරීම් වලින් වඩාත් ඉහළම ප‍්‍රතිලාභ ලබාදීමටත් දෛනික වෙළඳ මුදල් ගනුදෙනු අඩු පිරිවැයක් යටතේ පහසුවෙන් ඉටුකරගැනීම සඳහාත් අපි විශේෂ ගුණාංගයක්ගෙන් සමන්විත ගිණුම් ගණනාවක් හඳුන්වා දී තිබේ. දිවයින පුරා පිහිටා තිබෙන ඕනෑම කාගිල්ස් බැංකු ශාඛාවකින් හෝ අපගේ අන්තර්ජාල බැංකු වේදිකාව උපයෝගී කරගනිමින් මෙම ගිණුම් වෙත ඉතා පහසුවෙන් ප‍්‍රවේශවිය හැකිය.
එදිනෙදා ව්‍යාපාර කටයුතුු ඉහළ මට්ටමේ ගුණාත්මකභාවයකින් යුතුව කළමනාකරණය කරගැනීම සඳහා වූ ගිණුමකි. ණය අයිරා පහසුකම් ලබාගන්නා අතර චෙක්පත් මගින් මුදල් ගෙවීම් හෝ ලබාගැනීම සිදුකිරීමට පහසුකම් සලසාදේ.
ඉතිරිකිරීමේ පුරුද්දට ලබාදෙන තාග්‍යයක් බඳු මෙම ගිණුම මගින් මසකට කොතරම් වාර ගණනක් ඔබ ගිණුමෙන් මුදල් ආපසු ලබාගනු ලැබූවද ආකර්ශණීය පොලී අනුපාතිකයක් පිරිනමනු ලබයි.
බාහිර ආයෝජන ගිණුම යනු (OIA) ශ‍්‍රී ලංකාවේ නේවාසික ආයෝජකයින්ට සුදුසු හා අනුමත විදේශ ආයෝජන එනම් ශ‍්‍රී ලංකාවෙන් පිටත ස්ථාපිත කර තිබෙන සමාගම්වල කොටස් මිළදී ගැනීම සහ ණයසුරැුකුම්පත්හි, නියාමනය කරන ලද අරමුදල්වල ඒකකවල, විදේශ රජයයන් විසින් නිකුත් කරනු ලබන ස්වෛරී බැඳුම්කර වල ආයෝජනය කිරීමටත් සහ විදේශයන්හි කාර්යාල ස්ථාපිත කිරීමටත් අරමුදල් යැවීමට අවස්ථාව ලබාදේ.
අභ්‍යන්තර ආයෝජන ගිණුම යනුවෙන් හැඳින්වෙන්නේ මිට පෙර පැවති විදේශ විනිමය පණත යටතේ විදේශ මුදල් සහ ශ‍්‍රි ලංකා රුපියල් මුදල් ඒකක වලින් විවෘත කර පවත්වාගෙන යනු ලබන බැඳුම්කර ආයෝජන ගිණුම් (SIAs) සහ විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම් (SFIDAs) ඒකාබද්ධ කිරිමයි.
මූලික අවම තැන්පතුව රුපියල් 10000 ක් පමණි
ආකර්ෂණීය පොලී අනුපාත සාකච්ඡා කර තීරණය කළ හැතියි
90% ක් දක්වා ක්ෂණික ණය ලබාගැනීම සඳහා සහ පූර්ව දැනුම්දීමකින් ඇතිව තවත් 5% ක් ලබාගැනීමට ඇපයක් ලෙස පිළිගනු ලැබේ.
අපගේ ගනුදෙනුකාරභවතුන්ට වඩාත් තරගකාරී අනුපාතිකයින් යටතේ වඩාත් හොඳම සහ විශ්වාසදායී සේවාවක් ලබාදීම තහවුරුකිරීම සඳහා කාර්ගිල්ස් බැංකුව ලෝකය පුරා පිහිටා තිබෙන අන්තර්ජාතික බැංකු සමගින් අඛණ්ඩ බැංකුකරණ සම්බන්ධතා ස්ථාපිත කරගෙන සිටියි.