
2024 වර්ෂයේදී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 මාර්තු 28 වන දිනැතිව නිකුත් කරන ලද චක්‍රලේඛ අංක 2024 හි 02 මගින් ප්‍රකාශයට පත් කරන ලද නියෝගයන්ට අනුකූලව බැංකුව ව්‍යාපාර පුනර්ජීවන ඒකකය ආරම්භ කරන ලදී. මෙම උපායමාර්ගික මුලපිරීම මගින් පෙර නොවූ විරූ සාර්ව ආර්ථික තත්වයන් හේතුවෙන් අහිතකර ලෙස බලපෑම්වලට ලක්වූ ව්‍යාපාරවල තිරසාර ආර්ථික පුනර්ජීවනය පහසු කිරීම සහ ඒ සමඟම බැංකුවේ වත්කම්වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම අරමුණු කරයි.
ව්‍යාපාර පුනර්ජීවන ඒකකයේ ප්‍රධාන අරමුණ වන්නේ මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින හෝ මුහුණ දීමට ආසන්න අවදානමක සිටින කාර්ය සාධන සහ අකාර්ය සාධන ණය ගැතියන් හඳුනාගෙන ඉලක්කගත සහාය ලබා දීමයි. එවැනි දුෂ්කරතා ආදායමේ සැලකිය යුතු අඩුවීම්, මුදල් ප්‍රවාහ සීමා කිරීම්, විකුණුම් අඩුවීම, ව්‍යාපාර මෙහෙයුම්වලට බාධා කිරීම් හෝ පවතින සාර්ව ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් ව්‍යාපාර කටයුතු තාවකාලිකව නැවැත්වීම ඇතුළු සාධක රාශියකින් ඇති විය හැක. ඒකකයේ අවධානය යොමු වන්නේ මූල්‍යමය වශයෙන් ගැටලුකාරී වුවද, මූලික වශයෙන් ශක්‍ය ව්‍යාපාර කෙරෙහි ය. මෙම ව්‍යවසායන් පුනර්ජීවනය කිරීම, එමඟින් පුළුල් ආර්ථික ක්‍රියාකාරකම් උත්තේජනය කිරීම සහ ජාතික ආර්ථික ප්‍රකෘතියට අර්ථවත් ලෙස දායක වීම එහි කාර්යභාරයයි.
බැංකුව ශක්තිමත් ව්‍යාපාර අඛණ්ඩතාව සහ ආර්ථික ස්ථායිතාව සහතික කිරීමේ දිගුකාලීන දැක්ම සමඟ ව්‍යාපාර පුනර්ජීවනය සහ පුනරුත්ථාපනය පිළිබඳ ප්‍රගතිශීලී සංස්කෘතියක් කාවැද්දීමට කැපවී සිටී. මේ සම්බන්ධයෙන්, ඒකකය බැංකුවේ අඩු කාර්ය සාධන සහිත ගනුදෙනුකරුවන්ගේ අධීක්ෂණය, ඇගයීම සහ සහාය සඳහා පුළුල් යාන්ත්‍රණ ක්‍රියාත්මක කරනු ඇති අකර එක් එක් ව්‍යවසායන්ගේ විශේෂිත අවශ්‍යතාවලට සරිලන පරිදි සකස් කරන ලද විශේෂිත ප්‍රතිමූල්‍යකරණ විසඳුම් සපයයි. මෙම ක්‍රියාකාරී ප්‍රවේශය පවතින රැකියා සුරක්ෂිත කිරීම පමණක් නොව, නව අවස්ථා ද නිර්මාණය කරනු ඇති අතර8 දිගුකාලීන ස්ථායිතාව සඳහා අවශ්‍ය තිරසාර ආර්ථික වර්ධනය මෙහෙයවනු ඇත.