Home //
අප ගැන
විශ්වාසය මත ගොඩ නැගුණු
හුරුපුරුදු නාමයක්
අපගේ දැක්ම

To be the most inclusive bank harnessing the spirit of progress in every Sri Lankan.

තිරසාර සංවර්ධනය
ආයතනික වගකීම්
ඇතුලත්ව පැවතීම
අපගේ මෙහෙවර

අපගේ ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් කාර්යක්ෂම හා නවීන තාක්ෂණය ඔස්සේ සුවිශේෂී හා ඉහල ප්‍රතිඵලයන්ගෙන් යුතු ජාලයක් හරහා ඔවුන් වෙත සෘජුවම මැදිහත් වීමට අරමුණු කරන්නෙමු.

සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්හට පහසුකම් සැලසීම හා බලය ලබා දීම සඳහා නව්‍ය වූ අදහස් වලින් යුක්ත අතිශයින් ධෛර්යවන්ත වූ බැංකුකරුවන්ගේ කණ්ඩායමක් මගින් ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම.

පාරදෘශ්‍යභාවය හා වගකීම තුල ඇති ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් තුලින් අපගේ ආයෝජකයින්ට තිරසාර වටිනාකමක් ලබා දීම.

අපගේ උරුමය

පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලිය උසුලමින්, පුරාතන රජවරුන්ගේ සිට වර්තමානය දක්වා අප ජාතියෙහි වාසනා ගුණය සැමවිටම කෘෂිකර්මය කේන්ද්‍ර කොට ගනිමින් වර්ධනය වන අතර එය සැමවිටම කෘෂිකාර්මික සමාජයක්ව පවතින බව පදනම් කර ගනිමින්, ග්‍රාමීය ජනතාව නගාසිටිවිම අපගේ ජාතිය ශක්තිමත් කරනු ඇතැයි යන විශ්වාසය මත ප්‍රතිස්ථාපනය කර ඇත.

එලෙසින්ම, කාගිල්ස් බැංකු ලාංඡනය මුළුමනින්ම කෘෂිකර්මාන්තය නිරුපනය වන, ශ්‍රී ලංකාවෙහි සෞභාග්‍ය හා කෘෂිකර්මයෙහි සංකේතයක් වේ. එම ලාංඡනයෙහි ධනාත්මක ඉදිරි ගමන, සෞභාග්‍ය හා වර්ධනය පිළිබිඹු කරයි. පැහැය; රතු සහ තැඹිලි වර්ණයන්ගෙන් යුක්ත වීම මගින් දීප්තිමත් අනාගතයක් හඟවනු ලබයි. තව දුරටත් සමීපව බැලූ විට, එකිනෙකා පිටුපස සිටගෙන සිටිනු ලබන මිනිසුන් දැකිය හැකි වන අතර මෙමගින් පුද්ගලයෙකුගේ සාර්ථකත්වය, ප්‍රජාව හා සහය මත ගොඩනැගී ඇති බවද මනුෂ්‍යත්වයේ ස්වභාවයෙහි ඇති වැදගත්කමද අවධාරණය කරමින් එකිනෙකා වෙත සහය දැක්වීම සංකේතවත් කරනු ලබන්නේ කාගිල්ස් බැංකුවද එහි කොටස්කරුවෙකු බව සනාථ කරමිනි. මිනිසුන් තම සාර්ථකත්වය උදෙසා උත්සාහවන්ත ලෙස වෙර දරන බැවින්,  “දිරියට පන දෙන බැංකුව” යන පාඨය හරහා මිනිසුන් තුල වූ අධිෂ්ඨානය හා මිනිසුන් පිලිබඳ අපගේ දර්ශනය හා විශ්වාසය පිළිබිඹු කරයි.

අපගේ හවුල්කරුවන්

කාගිල්ස් (සිලෝන්) PLC හා CT හෝල්ඩින්ස් PLC යනු සීමාසහිත කාගිල්ස් බැංකුවෙහි විශාලතම කොටස්කරුවන්වන අතර ඔවුන් දෙදෙනාම කොළඹ කොටස් වෙළඳපොළෙහි විනෝදාශ්වාදය, ආගන්තුක සත්කාර කර්මාන්තය, දේපල සංවර්ධන, නිශ්පාදන, ආහාර සැකසුම සහ පාරිභෝගික වෙළඳාම වැනි අංශයන් යටතේ ඉහල විවිධාංගීකරණයකින් යුක්ත සමුහායතන ලෙස ලැයිස්තුගත වී ඇත.
1844 දී පිහිටුවන ලද ශ්‍රී ලාංකික ආයතනයක් වන කාගිල්ස් සිලෝන් PLC, සාරධර්ම හා ආචාර ධර්ම පිළිබඳ ශක්තිමත් පදනමක් මත ගොඩ නගා ඇත. වෙළඳ නාමයන්, මූල්‍ය ක්‍රියාකාරිත්වය, වෙළඳපොළ කොටස්, ව්‍යාපාර දූරදර්ශිභාවය අතින් ඔවුන්ගේ ක්ෂේත්‍රයන්හි ඉහළතම මට්ටමෙහි පවතින දිවයිනෙහි ප්‍රමුඛතම සමාගම් සමගද කාගිල්ස් බැංකුව හවුල් වී සිටී. ඒ අතරින් වඩාත් වැදගත් වන්නේ, සේවක අර්ථසාධක අරමුදල (EPF), සීමාසහිත MJF Foundation Investments පුද්ගලික ආයතනය, මෙල්වා සමූහය, සීමාසහිත AIA Holdings Lankaපුද්ගලික සමාගම, Softlogic Holdings PLC, සීමාසහිත Phoenix Ventures, සීමාසහිත MAS Capital පුද්ගලික ආයතනය, Asian Alliance Insurance PLC, සීමාසහිත Rosewood පුද්ගලික ආයතනය, සීමාසහිත Lalan Rubber Holdings පුද්ගලික ආයතනය යන ආයතනයි.

Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form