මුල් පිටුව // පුද්ගලික // ණය
අයෝමි කාන්තා ව්‍යවසායක ණය
011 7 640 640
හැඳින්වීම

ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා වූ උපායමාර්ගික මූල්‍ය අන්තර්ගතභාවය සහිත නිෂ්පාදනයක් ලෙස “අයෝමි” (Ayomi) ණය වැඩසටහන හඳුන්වා දී ඇත. මෙම නිෂ්පාදනයේ අරමුණ වන්නේ සහනදායී මූල්‍ය පහසුකම් සඳහා ඇති ප්‍රවේශය වැඩිදියුණු කිරීම මෙන්ම තිරසාර ව්‍යවසායකත්වය සහ ප්‍රජා සංවර්ධනය ශක්තිමත් කිරීමයි.

ඉලක්කගත වෙළෙඳපොළ සහ සුදුසුකම්

ඉලක්කගත ක්ෂේත්‍රය

  • ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණයේ සියලුම කාන්තා හිමිකාරිත්වය සහිත හෝ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර.
  • මෙම නිෂ්පාදනය මගින් සේවා අංශය (අධ්‍යාපනය, සංචාරක, සෞඛ්‍ය සේවා, සුවතා ආදිය) සහ නිෂ්පාදන අංශය (කෘෂිකර්මාන්තය, ආහාර සැකසුම්, ඇඟලුම්, අත්කම් නිර්මාණ ආදිය) ඇතුළු විවිධ ක්ෂේත්‍ර ආවරණය කෙරේ
කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර පිළිබඳ නිර්වචනය (ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශයන්ට අනුව)

පහත සඳහන් නිර්ණායක සපුරාලන්නේ නම් ව්‍යාපාරයක් කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරයක් ලෙස සැලකේ:

අ) ව්‍යාපාරයේ අයිතියෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සතු වීම.
හෝ

ආ) පහත සඳහන් නිර්ණායක තුනම සපුරාලන ව්‍යාපාර:

  1. අයිතියෙන් 20% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සතු වීම, සහ
    II. අවම වශයෙන් එක් කාන්තාවක් ව්‍යාපාරයේ ප්‍රධාන තීරණ ගන්නියක ලෙස කටයුතු කිරීම, සහ
    III. අධ්‍යක්ෂ මණ්ඩලයක් පවතී නම්, එම මණ්ඩලයෙන් 30% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කාන්තා නියෝජනයකින් සමන්විත වීම.
වර්ගීකරණය

. ව්‍යුහගත ව්‍යවසායිකාවන් (Structured Entrepreneurs)

වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් සහ නිසි කළමනාකරණ වාර්තා සතු, ව්‍යුහගත ව්‍යාපාරික ක්‍රියාවලියක් ඔස්සේ මෙහෙයුම් කටයුතු සිදුකරන සහ මූලික මූල්‍ය ප්‍රකාශන හෝ මූල්‍ය වාර්තා පවත්වාගෙන යනු ලබන කාන්තා ව්‍යවසායිකාවන්

බිම් මට්ටමේ ව්‍යවසායිකාවන් (Grass-root Entrepreneurs)

නිවසේ සිට සිදුකරන, අවිධිමත් ස්වභාවයක් ගන්නා සහ විධිමත් ව්‍යාපාර ලියාපදිංචියකින් තොරව ක්ෂුද්‍ර පරිමාණයෙන් කටයුතු කරන කාන්තා ව්‍යවසායිකාවන්.

ණය පහසුකමේ විශේෂාංග

ණය මුදල

  • ව්‍යුහගත ව්‍යවසායිකාවන් සඳහා: රු. 100,000.00 සිට රු. 5,000,000.00 දක්වා.
  • බිම් මට්ටමේ ව්‍යවසායිකාවන් සඳහා: රු. 100,000.00 සිට රු. 1,000,000.00 දක්වා.
  • ව්‍යාපෘති පිරිවැයෙන් උපරිමය 80% ක් දක්වා.
පොලී අනුපාතය

ණය මුදල සහ ආපසු ගෙවීමේ කාල සීමාව මත පදනම් වූ අනුමත පොලී ව්‍යුහය පහත පරිදි වේ:

 

ණය මුදල (රු.) ආපසු ගෙවීමේ කාල සීමාව සහ පොලී අනුපාතිකය (වසර 5 ක් දක්වා වූ ස්ථාවර)
අවුරුදු 1 දක්වා අවුරුදු 2-3 දක්වා අවුරුදු 3-5 දක්වා
මිලියන 1 දක්වා 10% 10.5% 12%
මිලියන 1 ට වැඩි 11% 11.5% 13%

 

ආපසු ගෙවීම

උපරිම කාල සීමාව මාස 60 කි (සහන කාලය ඇතුළුව).
සහන කාලය: මාස 6 ක් දක්වා (ව්‍යාපෘතියේ ස්වභාවය අනුව).

ඇප සුරැකුම් අවශ්‍යතා

ඇපකර: චංචල/නිශ්චල දේපල හෝ ඇපකරුවන්.

  • රු. මිලියන 0.5 දක්වා – ඇපකරුවන් දෙදෙනෙකු (02).
  • රු. මිලියන 0.5 සිට 0.999 දක්වා – අවම වශයෙන් එක් (01) ඇපකරුවෙකු සහ ඔප්පු/ලේඛන තැන්පත් කිරීමක් (Simple lodgment).
  • රු. මිලියන 1 හෝ ඊට වැඩි – දේපල උකසක්.
වයස් සීමාව

ණය මුදල කල් පිරෙන දිනය වන විට ණයකරුගේ උපරිම වයස අවුරුදු 65 ක් විය යුතුය.

සැකසීම සහ ණය මුදල් මුදා හැරීම

සැකසීමේ කාලය: ලේඛන සම්පූර්ණ කර ඉදිරිපත් කර වැඩ කරන දින 7ක් ඇතුළත.
මුදා හැරීම: සැපයුම්කරුගේ හෝ පාරිභෝගිකයාගේ ගිණුමට සෘජුවම බැර කෙරේ

අමතර ප්‍රතිලාභ

තෘප්තිමත් මට්ටමකින් ‘කෝටිපති’, ‘දිරිිය’ හෝ ‘අභිමානී’ ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන යනු ලබන අයදුම්කරුවන්ට, ඔවුන්ගේ ණය පහසුකමට අදාළ ස්ථාවර පොලී අනුපාතයෙන් 0.25% ක පොලී අඩු කිරීමක් සඳහා සුදුසුකම් ලැබිය හැකිය.

තෘප්තිමත් මට්ටම ලෙස සැලකීම සඳහා ගිණුම පහත පරිදි පවත්වාගත යුතුය:

  • කෝටිපති හෝ දිරිය ගිණුම – ණය අනුමත කිරීමට පෙර අවම වශයෙන් මාස 6ක් සක්‍රීයව පැවතීම.
  • අභිමානී ගිණුම – අවම මාසික ශේෂය රු. 10,000.00 ක් වීම, අවම වශයෙන් වසර 1 ක් සක්‍රීයව පැවතීම සහ ගිණුම හරහා නිතිපතා ගනුදෙනු සිදුකර තිබීම.
පොඩිහිටියෝ ළමා ඉතිරි කිරීමේ ගිණුම

පවුල තුළ මූල්‍ය විනය සහ අනාගතය ඉලක්ක කරගත් ඉතිරි කිරීම් ප්‍රවර්ධනය කරමින්, අයෝමි ණයලාභීන්ගේ දරුවන් වෙනුවෙන් පොඩිහිටියෝ” ගිණුම් විවෘත කරනු ලැබේ

ගමෙන් ගෙදරට" (Village-to-Home) වැඩසටහනට සහභාගී වීම

සුදුසුකම් ලබන කාන්තා ව්‍යවසායිකාවන්ට ගමෙන් ගෙදරට” වේදිකාව හරහා සිය නිෂ්පාදන කාර්ගිල්ස් සිල්ලර අලෙවිසැල් (Cargills Retail Outlets) හරහා සෘජුවම අලෙවි කිරීමට අවස්ථාව ලැබෙන අතර, එමගින් දිගුකාලීන ව්‍යාපාරික නිරාවරණයක් සහතික කෙරේ.

ව්‍යාපාරික පැතිකඩ ප්‍රවර්ධනය (Business Profile Promotion)

සාර්ථක ණයලාභීන්ගේ ව්‍යාපාර පිළිබඳ තොරතුරු බැංකුවේ වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රදර්ශනය කරමින්, ඔවුන්ගේ ව්‍යාපාර සඳහා නොමිලේ වෙළෙඳ ප්‍රචාරණය සහ විශ්වසනීයත්වය ලබා දීම.

මූල්‍ය සාක්ෂරතාවය සහ ව්‍යාපාරික කුසලතා සංවර්ධනය

පොත් තැබීම, මූල්‍ය සැලසුම්කරණය සහ ඩිජිටල් බැංකුකරණය පිළිබඳ දැනුම ඉහළ නැංවීම සඳහා කෘෂි හා ක්ෂුද්‍ර මූල්‍ය අංශය මගින් අදාළ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන්  පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.

 

ලේඛන අවශ්‍යතා

“අයෝමි” ණය යෝජනා ක්‍රමය යටතේ ඉදිරිපත් කරන සියලුම ණය අයදුම්පත් සඳහා සාමාන්‍ය අනිවාර්ය ලේඛන සහ නිෂ්පාදනයට විශේෂිත වූ ලේඛන (පහත දක්වා ඇති පරිදි) ඉදිරිපත් කළ යුතුය.

සාමාන්‍ය අවශ්‍යතා
  • අයදුම්කරු වෙනුවෙන් ණය ආවරණ රක්ෂණයක් (DTAP) ලබාගත යුතු අතර එය කාර්ගිල්ස් බැංකුව වෙත පැවරිය යුතුය.
  • ණය පහසුකම සැකසීම සඳහා අවශ්‍ය අනෙකුත් සියලුම ලේඛන පවතින ණය ප්‍රතිපත්තිවලට අනුකූලව ලබා ගත යුතුය.

 

නිෂ්පාදනයට විශේෂිත වූ අවශ්‍යතා

ව්‍යුහගත ව්‍යවසායිකාවන් සඳහා:

  • වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකය (BR).
  • අවම වශයෙන් වසරක ව්‍යාපාරික මෙහෙයුම් කාලසීමාව.
  • මූල්‍ය වාර්තා හෝ කළමනාකරණ ගිණුම් ඉදිරිපත් කිරීම.
  • ණය ඉතිහාසය සමාලෝචනය කිරීම (CRIB).
  • ණය මුදල් මුදා හැරීමට පෙර වලංගු බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් (TIN) තිබීම අනිවාර්ය වේ. TIN අංකයක් නොමැති පාරිභෝගිකයින්ට බැංකුව සමඟ සම්බන්ධ වීමේදී ලියාපදිංචි වීමට සහාය ලබා දෙනු ඇත. වලංගු TIN අංකයක් හෝ පිළිගත හැකි ලේඛනයක් ඉදිරිපත් කරන තෙක් ණය මුදල් මුදා හරිනු නොලැබේ.
බිම් මට්ටමේ ව්‍යවසායිකාවන් සඳහා (ව්‍යාපාර ලියාපදිංචිය නොමැති අය):
  • කාර්ගිල්ස් බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක් (අභිමානී ඉතුරුම් ගිණුම් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙ ) තිබිය යුතුය.
  • ව්‍යාපාරික ආදායම පිළිබිඹු වන පරිදි අවම වශයෙන් මාස 6ක කාලයක් අඛණ්ඩව ගිණුමට මුදල් තැන්පත් කර තිබිය යුතුය.
  • මූලික ණය ඇගයීම සඳහා බැංකු ගිණුම හරහා ලැබුණු ආදායම භාවිතා කරනු ලැබේ.
  • ව්‍යාපාරය සක්‍රීයව පවත්වාගෙන යා යුතුය (නිවසේ පදනම් වූ, ක්ෂුද්‍ර, වෙළෙඳපොළ පදනම් වූ, සේවා හෝ නිෂ්පාදන).
  • ණය මුදල් මුදා හැරීමට පෙර වලංගු බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් (TIN) තිබීම අනිවාර්ය වේ. TIN අංකයක් නොමැති පාරිභෝගිකයින්ට බැංකුව සමඟ සම්බන්ධ වීමේදී ලියාපදිංචි වීමට සහාය ලබා දෙනු ඇත. වලංගු TIN අංකයක් හෝ පිළිගත හැකි ලේඛනයක් ඉදිරිපත් කරන තෙක් ණය මුදල් මුදා හරිනු නොලැබේ.
කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form