මෙනුවශ්රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා වූ උපායමාර්ගික මූල්‍ය අන්තර්ගතභාවය සහිත නිෂ්පාදනයක් ලෙස “අයෝමි” (Ayomi) ණය වැඩසටහන හඳුන්වා දී ඇත. මෙම නිෂ්පාදනයේ අරමුණ වන්නේ සහනදායී මූල්‍ය පහසුකම් සඳහා ඇති ප්‍රවේශය වැඩිදියුණු කිරීම මෙන්ම තිරසාර ව්‍යවසායකත්වය සහ ප්‍රජා සංවර්ධනය ශක්තිමත් කිරීමයි.
ඉලක්කගත ක්ෂේත්‍රය
පහත සඳහන් නිර්ණායක සපුරාලන්නේ නම් ව්‍යාපාරයක් ‘කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන‘ ව්‍යාපාරයක් ලෙස සැලකේ:
අ) ව්‍යාපාරයේ අයිතියෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සතු වීම.
හෝ
ආ) පහත සඳහන් නිර්ණායක තුනම සපුරාලන ව්‍යාපාර:
. ව්‍යුහගත ව්‍යවසායිකාවන් (Structured Entrepreneurs)
වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් සහ නිසි කළමනාකරණ වාර්තා සතු, ව්‍යුහගත ව්‍යාපාරික ක්‍රියාවලියක් ඔස්සේ මෙහෙයුම් කටයුතු සිදුකරන සහ මූලික මූල්‍ය ප්‍රකාශන හෝ මූල්‍ය වාර්තා පවත්වාගෙන යනු ලබන කාන්තා ව්‍යවසායිකාවන්
බිම් මට්ටමේ ව්‍යවසායිකාවන් (Grass-root Entrepreneurs)
නිවසේ සිට සිදුකරන, අවිධිමත් ස්වභාවයක් ගන්නා සහ විධිමත් ව්‍යාපාර ලියාපදිංචියකින් තොරව ක්ෂුද්‍ර පරිමාණයෙන් කටයුතු කරන කාන්තා ව්‍යවසායිකාවන්.
ණය මුදල
ණය මුදල සහ ආපසු ගෙවීමේ කාල සීමාව මත පදනම් වූ අනුමත පොලී ව්‍යුහය පහත පරිදි වේ:
| ණය මුදල (රු.) | ආපසු ගෙවීමේ කාල සීමාව සහ පොලී අනුපාතිකය (වසර 5 ක් දක්වා වූ ස්ථාවර) | ||
| අවුරුදු 1 දක්වා | අවුරුදු 2-3 දක්වා | අවුරුදු 3-5 දක්වා | |
| මිලියන 1 දක්වා | 10% | 10.5% | 12% |
| මිලියන 1 ට වැඩි | 11% | 11.5% | 13% |
උපරිම කාල සීමාව මාස 60 කි (සහන කාලය ඇතුළුව).
සහන කාලය: මාස 6 ක් දක්වා (ව්‍යාපෘතියේ ස්වභාවය අනුව).
ඇපකර: චංචල/නිශ්චල දේපල හෝ ඇපකරුවන්.
ණය මුදල කල් පිරෙන දිනය වන විට ණයකරුගේ උපරිම වයස අවුරුදු 65 ක් විය යුතුය.
සැකසීමේ කාලය: ලේඛන සම්පූර්ණ කර ඉදිරිපත් කර වැඩ කරන දින 7ක් ඇතුළත.
මුදා හැරීම: සැපයුම්කරුගේ හෝ පාරිභෝගිකයාගේ ගිණුමට සෘජුවම බැර කෙරේ
තෘප්තිමත් මට්ටමකින් ‘කෝටිපති’, ‘දිරිිය’ හෝ ‘අභිමානී’ ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන යනු ලබන අයදුම්කරුවන්ට, ඔවුන්ගේ ණය පහසුකමට අදාළ ස්ථාවර පොලී අනුපාතයෙන් 0.25% ක පොලී අඩු කිරීමක් සඳහා සුදුසුකම් ලැබිය හැකිය.
තෘප්තිමත් මට්ටම ලෙස සැලකීම සඳහා ගිණුම පහත පරිදි පවත්වාගත යුතුය:
පවුල තුළ මූල්‍ය විනය සහ අනාගතය ඉලක්ක කරගත් ඉතිරි කිරීම් ප්‍රවර්ධනය කරමින්, අයෝමි ණයලාභීන්ගේ දරුවන් වෙනුවෙන් “පොඩිහිටියෝ” ගිණුම් විවෘත කරනු ලැබේ
සුදුසුකම් ලබන කාන්තා ව්‍යවසායිකාවන්ට “ගමෙන් ගෙදරට” වේදිකාව හරහා සිය නිෂ්පාදන කාර්ගිල්ස් සිල්ලර අලෙවිසැල් (Cargills Retail Outlets) හරහා සෘජුවම අලෙවි කිරීමට අවස්ථාව ලැබෙන අතර, එමගින් දිගුකාලීන ව්‍යාපාරික නිරාවරණයක් සහතික කෙරේ.
සාර්ථක ණයලාභීන්ගේ ව්‍යාපාර පිළිබඳ තොරතුරු බැංකුවේ වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රදර්ශනය කරමින්, ඔවුන්ගේ ව්‍යාපාර සඳහා නොමිලේ වෙළෙඳ ප්‍රචාරණය සහ විශ්වසනීයත්වය ලබා දීම.
පොත් තැබීම, මූල්‍ය සැලසුම්කරණය සහ ඩිජිටල් බැංකුකරණය පිළිබඳ දැනුම ඉහළ නැංවීම සඳහා කෘෂි හා ක්ෂුද්‍ර මූල්‍ය අංශය මගින් අදාළ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.
“අයෝමි” ණය යෝජනා ක්‍රමය යටතේ ඉදිරිපත් කරන සියලුම ණය අයදුම්පත් සඳහා සාමාන්‍ය අනිවාර්ය ලේඛන සහ නිෂ්පාදනයට විශේෂිත වූ ලේඛන (පහත දක්වා ඇති පරිදි) ඉදිරිපත් කළ යුතුය.
ව්‍යුහගත ව්‍යවසායිකාවන් සඳහා: