
සීමාසහිත කාගිල්ස් බැංකුවේ පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තිය
සංස්කරණය : 1.1
අවසන් වරට යාවත්කාලීන කරන ලද්දේ : 2021 ඔක්තෝබර් 18 වන දිනදීය
මෙම පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තිය මගින් කාගිල්ස් බැංකුවේ තොරතුරු රැස් කිරීම, භාවිතය සහ හෙලිදරව් කිරීම සහ, ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලිකත්ව හිමිකම් පිළිබඳ ප‍්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි පිළිබඳව විස්තර කරයි.
සේවා සැපයීමට සහ වැඩිදියුණු කිරීමට අපි ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික දත්ත භාවිතා කරන්නෙමු. සේවාව භාවිතා කිරීමේ දී, මෙම පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තියට අනුකූලව තොරතුරු රැස් කිරීම සහ භාවිතය පිළිබඳව ගනුදෙනුකරු එකඟ වේ.
සීමාසහිත කාගිල්ස් බැංකුව සිය ගනුදෙනුකරුවාට සේවය කරන අතරතුර, රහසිගත ස්වභාවයේ තොරතුරු ඇතුළුව, ගනුදෙනුකරුවාට අදාළ තොරතුරුවල රහස්‍යභාවය රැකගනු ඇත.
සපයනු ලබන සේවාවන් ලබා ගන්නා අතරම සීමාසහිත කාගිල්ස් බැංකුව වෙත තම පුද්ගලික හා රහස්‍ය තොරතුරු ලබා දී ඇති සියලූම ගනුදෙනුකරුවන්ට මෙය අදාළ වන්නේය.
කාගිල්ස් බැංකුව තම ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා කිරීමට දැඩි ලෙස කැපවී සිටින අතර, බැංකුව වෙත ලබාදී ඇති සියලූ තොරතුරු ආරක්‍ෂා කිරීමට පියවර ගෙන ඇත.
සේවා ලබාගැනීමේදී තමන් විසින් ලබාගත් සහ/හෝ රැස් කරගත් සහ/හෝ උපුටා ගත් සහ/හෝ එකතු කර ගන්නා ලද බැංකුවට අදාළ රහස්‍ය ස්වභාවයේ කිසිඳු තොරතුරක් ගනුදෙනුකරු විසින් තෙවන පාර්ශවයකට කිසිඳු ආකාරයකින් හෙළි නොකළ යුතු වන්නේය.
මෙම වගකීමට අනුකූල වීමට ගනුදෙනුකරු අපොහොසත් වන්නේ නම් ගනුදෙනුකරුවාට හිමිවිය හැකි සේවාවන් කිසිදු අගතියකින් හෝ පූර්ව දැනුම්දීමකින් තොරව අවසන් කිරීමට කාගිල්ස් බැංකුවට අවසර ලැබෙනු ඇත.
තම ආරක්‍ෂාව සහතික කර ගැනීම සඳහා ගනුදෙනුකරුවාට සිදුවිය හැකි වංචාවලින් තමන්ව ආරක්‍ෂා කර ගැනීමට ඉවහල් වන පූර්වාරක්‍ෂක පියවර ගත යුතු වන්නේය. විශේෂයෙන් ගනුදෙනු කිරීමේදී බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු /පරිශිලක හැඳුනුම් පත් සහ/ හෝ මුරපදය ඇතුළු රහස්‍ය අනන්‍යතා සාක්‍ෂි පත‍්‍රයන් සහ තොරතුරු ඉතා රහසිගත ආකාරයෙන් ආරක්‍ෂාකර ගැනීම සිදුකළ යුතු වන්නේය.
නෛතික අවශ්‍යතාවයක් අනුව හෝ චාරිත‍්‍රානුකූල පිලිවෙතක් වශයෙන් ගනුදෙනුකරුගේ ගනුදෙනු ඉතිහාසට අදාළ සියලූම තොරතුරු වෙනත් බැංකු/ මුල්‍ය ආයතන/ණය කාර්යාංශය/නියෝජිතායතන සහ/හෝ ඕනෑම විදුලි සංදේශ හෝ ඉලෙක්ට්‍රෝනික නිෂ්කාෂණ ජාලයකට සහභාගීවන පාර්ශවකරුවෙකු සම`ග හුවමාරු කර ගැනීමට, බෙදාහදා ගැනීමට හෝ ලබා දීමට ගනුදෙනුකරු විසින් කාගිල්ස් බැංකුවට බලය පවරන්නේය. මෙම තොරතුරු භාවිතා කිරීම හෝ හෙලිදරව් කිරීම කෙරෙහි කාගිල්ස් බැංකුව වග කිව යුතු නොවේ.
සද්භාවයෙන් ක්‍රියා කරන්නේ නම් සහ හෙලිදරව් කිරීමක් අවශ්‍ය වන්නේ නම් මිස, ගනුදෙනුකරු විසින් සපයනු ලබන තොරතුරු තෙවන පාර්ශවයකට හෙලි නොකිරීමට කාගිල්ස් බැංකුව වග බලා ගනු ලැබේ:
ආරම්භක වචනය තද කළු පැහැයෙන් දක්වා ඇති වචන පහත කොන්දේසි යටතේ අර්ථ දක්වා ඇත. පහත දක්වන නිර්වචනයන් ඒක වචනයෙන් හෝ බහු වචනයෙන් යෙදෙන්නේ ද යන්න නොසලකා එකම අර්ථයක් දැක්විය යුතුය.
මෙම පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තියේ අවශ්‍යතා සඳහා:
සේවා සපයන අතරතුර, ගනුදෙනුකරු සම්බන්ධ කර ගැනීමට හෝ හඳුනා ගැනීමට යොදා ගත හැකි පුද්ගලයා හඳුනා ගැනීමේ ඇතැම් තොරතුරු (PII) අපට ලබා දෙන ලෙස ගනුදෙනුකරුවෙකුගෙන් ඉල්ලා සිටීමට අපට හැකියාව ඇත. පුද්ගලයා හඳුනා ගැනීමේ පහත සඳහන් තොරතුරු ඊට ඇතුලත් විය හැකි නමුත් ඒවාට පමණක් සීමා නොවිය හැකිය:
අපගේ සේවාවන් සපයන අතරතුර, අනෙකුත් තොරතුරු ද ඇතුළුව ස්ත්‍රී පුරුෂ භාවය, වයස, උපන් දිනය, උපන් ස්ථානය, විදේශ ගමන් බලපත‍්‍ර විස්තර. පුරවැසිභාවය, පදිංචි ස්ථානයේ ලිපිනය සහ ස්ථිර ලිපිනය, දුරකථන අංකය (රැකියා ස්ථානයේ සහ ජංගම), අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය පුහුණුව, රැකියා ගිවිසුම්, හෙලිදරව් නොකිරීමේ ගිවිසුම්, බෝනස් හා වන්දි පිළිබඳ තොරතුරු, විවාහක තත්වය පිළිබඳ තොරතුරු, පවුලේ සාමාජිකයින්, ජාතික හැඳුනුම් පත් අංකය (හෝ බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ වෙනත් අනන්‍යතා පිළිබඳ ලේඛන වල විස්තර), රැකියා ස්ථානය හා සම්බන්ධ තොරතුරු ලබා ගැනීිමට/ එක්රැස් කිරීමට හෝ එකතු කිරීමට හැකියාව ඇත.
සේවාව සැපයෙන අතරතුර භාවිත දත්ත ස්වයංකි‍්‍රයව එක්රැස් කරගනු ලැබේ.
භාවිත දත්ත වලට ගනුදෙනුකරුවා භාවිතාකරන මාර්ගගත උපාංගයේ අන්තරජාල කෙටුම්පත් ලිපිනය, බ‍්‍රව්සර් වර්ගය, බ‍්‍රව්සර් සංස්කරණ විස්තර, අපගේ සේවාවන් සඳහා පිවිසෙන පිටු, පිටු තුලට පිවිසි වේලාව සහ දිනය, එම පිටු තුල ගතකළ කාලය, උපාංගයේ අසමසම අනන්‍යතාවය සහ අනෙකුත් විනිශ්චය කිරීමේ දත්ත සහ තොරතුරු ඇතුලත් විය හැකිය.
ගනුදෙනුකරුවෙකු ජංගම උපාංගයක් මගින් හෝ උපාංගයක් හරහා අපගේ සේවාව වෙත ප‍්‍රවේශ වූ විට, භාවිතා කරන ජංගම උපාංග වර්ගය, ජංගම උපාංගයේ අසමසම අනන්‍යතාවය (ID), ජංගම උපාංගයේ අන්තර්ජාල ප්‍රොටොකෝල් (IP) ලිපිනය, ජංගම මෙහෙයුම් පද්ධතිය, ජංගම අන්තර්ජාල බ‍්‍රව්සරයේ වර්ගය, අසමසම උපාංග අනන්‍යතාවයන් සහ විනිශ්චය කිරීමේ දත්ත ද ඇතු`ඵව නමුත් ඒවාට සීමා නොවූ සමහර තොරතුරු ස්වයංක්‍රියව රැස්කර ගත හැකිය.
ජංගම උපාංගයක් මගින් හෝ උපාංගයක් හරහා ගනුදෙනුකරුවෙකු අපගේ සේවාවට ඇතුල්වන විට හෝ අපගේ සේවාවන් වෙත ප‍්‍රවේශ වන විට වෙබ් බ‍්‍රව්සරය මගින් එවන තොරතුරු ද අපට රැස්කර ගත හැකි වන්නේය.
අවසර ලබා දී ඇත්නම්, ගනුදෙනුකරු සිටින ස්ථානය පිළිබඳ තොරතුරු භාවිතා කිරීමට සහ ගබඩා කිරීමට අපට හැකියාව ඇත. අපගේ සේවාවේ විශේෂාංග සැපයීමට, සේවාව වැඩිදියුණු කිරීමට / පාරිභෝගික අභිරුචිකරණය ඇති කිරීමට අපි මෙම දත්ත භාවිතා කරන්නෙමු.
තම උපාංග යලි සැකසීම ම`ගින් අපගේ සේවාව භාවිතා කරන ගනුදෙනුකරුවෙකුට ඔහු කැමති ඕනෑම අවස්ථාවක දී සේවා සබල කිරීමට හෝ අබල කිරීමට හැකියාව ඇත.
අපගේ සේවාවේ කි‍්‍රයාකාරකම් නිරීක්‍ෂණය කිරීමට සහ ඇතැම් තොරතුරු ගබඩා කිරීමට අපි කුකීස් සහ ඒ හා සමාන ලූහුබැඳීමේ තාක්‍ෂණයන් භාවිතා කරන්නෙමු. තොරතුරු රැස් කිරීමට, ලූහුබැඳීමට, අපගේ සේවාව වැඩිදියුණු කිරීමට සහ විශ්ලේෂණය කිරීමට භාවිතා කරන ලූහුබැඳීමේ තාක්‍ෂණයන් වන්නේ බීකන්ස්, ටැග් සහ ස්කි‍්‍රප්ට් යන තාක්‍ෂණයන්ය.
සියලූම කුකීස් ප‍්‍රතික්ෂේප කරන ලෙස හෝ කුකියක් යවන අවස්ථාව පිළිබඳව ඉඟියක් ලබා දෙන ලෙස තම බ‍්‍රව්සරයට උපදෙස් දීමට ගනුදෙනුකරුවෙකුට හැකියාව ඇත. කෙසේ වෙතත් ගනුදෙනුකරුවෙකු කුකීස් පිළිනොගන්නේ නම්, ඔහුට/ඇයට අපගේ සේවාවේ ඇතැම් කි‍්‍රයාකාරිත්වයන් භාවිතා කිරීමට නොහැකි වනු ඇත.
කුකීස් “ස්ථිර” හෝ “භාවිතා කරන අවස්ථාවට පමණක් සීමාවූ” කුකීස් විය හැකිය. ස්ථිර කුකීස් පුද්ගලික පරිගණකයක් හෝ ජංගම උපාංගයක් මාර්ගගත නොවන අවස්ථාවකදී පවා උපාංගය තුල පවතින අතර, භාවිතා කරන අවස්ථාවට පමණක් සීමාවූ කුකීස් වෙබ් බ‍්‍රව්සරය වසා දැමූ වහාම මැකී යනු ඇත.
කුකීස් පිළිබඳ වැඩි විස්තර සඳහා සහ ගනුදෙනුකරුවාට අවශ්‍ය පරිදි කුකීස් තෝරාගැනීිම සඳහා අප බැංකුවේ කුකීස් ප‍්‍රතිපත්තිය (Cookies Policy) වෙත පිවිසිය හැකිය.
කාගිල්ස් බැංකුවට පහත සඳහන් අරමුණු සඳහා පුද්ගලික දත්ත භාවිතා කළ හැකි වනු ඇත:
පහත සඳහන් අවස්ථාවලදී අපට පුද්ගලික තොරතුරු බොදාහදා ගැනීිමට සිදුවනු ඇත:
නීතියෙන් එසේ කිරීමට අවශ්‍ය වන්නේ නම් හෝ, පොදු අධිකාරීන් (නිදසුන්: අධිකරණයක් හෝ රාජ්‍ය ආයතනයක්* විසින් සිදුකරනු ලබන වලංගු ඉල්ලීම් වලට ප‍්‍රතිචාර දැක්වීමක් වශයෙන් යම් යම් තත්වයන් යටතේ බැංකුව විසින් පුද්ගලික දත්ත අනාවරණය කරනු ඇත.
අපගේ සේවාවේ භාවිතය නිරීක්‍ෂණය කිරීමට සහ විශ්ලේෂණය කිරීමට සේවා සපයන්නන් සමග අප පුද්ගලික දත්ත බෙදාහදා ගනු ඇත.
අපගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම හෝ කොටසක් වෙනත් ආයතනයකට ඒකාබද්ධ කිරීම, බැංකු වත්කම් විකිනීම, මුල්‍යකරණය හෝ අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හෝ, ඒ සඳහා වන සාකච්ඡුා අතරතුර පුද්ගලික දත්ත බෙදාහදා ගැනීිමට හෝ මාරුකර ගැනීමට අපට හැකියාව ඇත.
පුද්ගලික දත්ත අපගේ අනුබද්ධිතයින් සම`ග බෙදාහදා ගැනීිමට අපට හැකිය. එවැනි අවස්ථාවකදී මෙම පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තියට ගරු කරන මෙන් එකී අනුබද්ධිතයින් ගෙන් අප ඉල්ලා සිටිනු ඇත.
ගනුදෙනුකරුවන්ට ඇතැම් නිෂ්පාදන, සේවාවන් හෝ ප‍්‍රවර්ධනයන් පිරිනැමීම සඳහා අපගේ ව්‍යාපාරික හවුල්කරුවන් සම`ග පුද්ගලික දත්ත බෙදාහදා ගැනීමට අපට හැකිය.
මෙම පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තියේ දක්වා ඇති අරමුණු සපුරා ගැනීිම සඳහා අවශ්‍ය වනතාක් කල් කාගිල්ස් බැංකුව පුද්ගලික දත්ත රඳවා ගනු ඇත. අපගේ නෛතික හා නියාමන බැඳීම් වලට අනුකූල වීමට, ආරවුල් විසඳීමට සහ බැංකුවේ නෛතික ගිවිසුම් සහ ප‍්‍රතිපත්ති බලාත්මක කිරීමට අවශ්‍ය වන ප‍්‍රමාණයට අපි පුද්ගලික දත්ත රඳවා තබාගෙන භාවිතා කරන්නෙමු.
බැංකුව සිය අභ්‍යන්තර විශ්ලේෂණ කාර්යයන් සඳහා භාවිත දත්ත ද රඳවා තබා ගනු ඇත. ආරක්‍ෂාව ශක්තිමත් කිරීමට හෝ සේවාවේ කි‍්‍රයාකාරිත්වය වැඩිදියුණු කිරීමට මෙම දත්ත භාවිතා කරන විට හෝ, වැඩි කාලයක් දත්ත රඳවා තබා ගැනීිමට නීත්‍යානුකූලව බැඳී සිටීනම් හැර, භාවිත දත්ත සාමාන්‍යයෙන් කෙටි කාලයක් සඳහා පමණක් රඳවා තබා ගනු ලැබේ.
පුද්ගලික දත්ත ඇතු`ඵ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු, බැංකුවේ මෙහෙයුම් කාර්යාලවල දත්ත සැකසීම හා සම්බන්ධ පාර්ශවයන් සිටින වෙනත් ඕනෑම ස්ථානයක දී සකසනු ලැබේ. මෙයින් අදහස් කරනුයේ මෙම තොරතුරු ගනුදෙනුකරුවා සිටින දිස්ති‍්‍රක්කයකින්, පළාතකින්, රටකින් හෝ වෙනත් බල ප‍්‍රදේශයකින් පිටත පිහිටි පරිගණක වෙත මාරුකර පවත්වාගෙන යා හැකි බවත්, දත්ත ආරක්‍ෂණ නීති ගනුදෙනුකරුවකුගේ අධිකරණ බල ප‍්‍රදේශයේ පවත්නා නීති වලට වඩා වෙනස් විය හැකි බවත්ය.
මෙම පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තියට ගනුදෙනුකරුවෙකු විසින් සිය කැමැත්ත ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව, ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කිරීමේදී මෙම මාරුකිරීම් සඳහා ඔවුන්ගේ එක`ගතාවය පළ කර සිටී.
ගනුදෙනුකරුවන්ගේ තොරතුරු සුරක්‍ෂිතව සහ මෙම පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තියට අනුකූලව සලකන බව සහතික කිරීමට සාධාරණ ලෙස අවශ්‍ය සියලූ පියවර බැංකුව විසින් ගනු ඇත.
පුද්ගලික සහ මුල්‍ය තොරතුරු පිළිබඳ යාවත්කාලීන තොරතුරු හොඳම භාවිතයන්ට අනුකූලව පවත්වාගෙන යාමට කාගිල්ස් බැංකුව උත්සාහ කරනු ලැබේ. කෙසේ වෙතත් තම ගිණුම සම්බන්ධ තොරතුරු යල් පැනගොස් ඇති බවට ගනුදෙනුකරුවෙකුට හැඟේ නම් හෝ සංශෝධනයන් කිරීමට අවශය වන්නේ නම්, බැංකුවේ ලඟම ඇති ශාඛාව වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.
අපගේ සේවාව, අප විසින් ක්‍රියාත්මක නොකරන වෙනත් වෙබ් අඩවි සමග සබැඳි විය හැකිය. තෙවන පාර්ශව සබැඳියාවක් මත ක්ලික් කරන විට, එකී තෙවන පාර්ශවයේ වෙබ් අඩවිය වෙත ගනුදෙනුකරුවා යොමු කරනු ලැබේ. තමන් පිවිසෙන සෑම වෙබ් අඩවියකම ඇති පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තිය සමාලෝචනය කරන ලෙස ගනුදෙනුකරුවන්ට අපි තරයේ අවවාද කර සිටින්නෙමු.
ඉහත සඳහන් කර ඇති වෙබ් අඩවි පිළිබඳව අපට පාලනයක් නොමැති අතර, ඕනෑම තෙවන-පාර්ශවීය වෙබ් අඩවියක හෝ සේවාවක අන්තර්ගතය, එහි පෞද්ගලිකතා ප‍්‍රතිපත්ති හෝ භාවිතයන් පිළිබඳව කිසිදු වගකීමක් අපි භාර නොගන්නෙමු.
පුද්ගලික දත්ත වල ආරක්‍ෂාව බැංකුවට වැදගත් වන නමුත්, අන්තර්ජාලය හරහා සම්පේ‍්‍රෂණය කිරීමේ ක‍්‍රමයන් හෝ ඉලෙක්ට්‍රොනික ගබඩා කිරීමේ ක‍්‍රමයන් 100%ක් ආරක්‍ෂිත නොවේ. පුද්ගලික දත්ත ආරක්‍ෂා කිරීම සඳහා වානිජමය වශයෙන් පිළිගත හැකි ක‍්‍රමවේදයන් භාවිතා කිරීමට බැංකුව උත්සාහ කරන අතර, බැංකුවට ඒවායේ පූර්ණ හා ඒකාන්ත ආරක්‍ෂාව සහතික කළ නොහැකිය.
යුරෝපීය සංගමයේ (EU) සහ යුරෝපීය ආර්ථික ප‍්‍රදේශයේ (EEA) පදිංචිකරුවන්ට සාමාන්‍ය දත්ත ආරක්‍ෂණ රෙගුලාසි මගින් ආවරණය වන ඇතැම් දත්ත ආරක්‍ෂණ හිමිකම් ඇත.
ගනුදෙනුකරුවෙකුට සිය පුද්ගලික දත්ත නිවැරදි කිරීමට, සංශෝධනය කිරීමට, ඉවත් කිරීමට හෝ සීමා කිරීමට ඉඩ සැලසීමට සාධාරණ පියවර ගැනීිම අපගේ අරමුණ වන්නේය.
අප සතුව ඇති පුද්ගලික දත්ත මොනවාදැයි යන්න පිළිිබඳව දැනුම්දීමට කැමති හෝ එය අපගේ පද්ධති වලින් ඉවත් කර ගැනීිමට අවශ්‍ය ගනුදෙනුකරුවන්ට ජමිඑදපැරිමචචදරඑ?ජ්රටසකකිඉ්බනගජදපග යන විද්‍යුත් ලිපිනය සමග විද්‍යුත් තැපෑල හරහා ඒ සඳහා යොමුවිය හැකිය.
ඉල්ලීම්වලට ප‍්‍රතිචාර දැක්වීමට පෙර අපට ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීිමට අවශ්‍ය විය හැකි බව කරුණාවෙන් සලකන්න. එමෙන්ම, අවශ්‍ය දත්ත නොමැතිව අපගේ සේවාව සැපයීමට අපට නොහැකි විය හැකි බව ද කරුණාවෙන් සලකන්න.
අපගේ සේවාවන් වයස අවුරුසදු 18ට අඩු (“ළමයෙකු” හෝ “ළමුන්”) විසින් භාවිතා කිරීම අපි අපේක්‍ෂා නොකරන්නෙමු. අප දැනුවත්ව වයස අවුරුදු 18 අඩු ළමුන් පුද්ගලිකව හඳුනා ගත හැකි තොරතුරු අපි රැුස් නොකරන්නෙමු. දරුවෙකු අපට පුද්ගලික දත්ත (සුළු ඉතුරුම් නිෂ්පාදනයක් සඳහා දෙමාපියන්/භාර කරුවන් විසින් බැංකුව සමග බෙදාහදා ගත් තොරතුරු හැර) ලබා දී ඇති බව ගනුදෙනුකරුවෙකු දැනගතහොත් ඔහු/ඇය අප හා සම්බන්ධ විය යුතුය. දෙමාපියන් ගේ කැමැත්ත තහවුරු කිරීමකින් තොරව අප ළමුන්ගේ පුද්ගලික දත්ත රැුස්කර ඇති බව දැනගතහොත්, එකී තොරතුරු අපගේ සේවා සටහන් වලින් ඉවත් කිිරීමට අපි පියවර ගන්නෙමු.
අප අපගේ පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තිය කලින් කලට යාවත්කාලීන කරනු ඇත. එවැනි වෙනස්කම් දැනගැනීම සඳහා මෙම පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තිය වරින් වර සමාලෝචනය කරන මෙන් අප ගනුදෙනුකරුවන්ට උපදෙස් දෙනු ලැබේ. සිදුකරනු ලබන එවැනි වෙනස්කම් මෙම පිටුවේ පලකළ පසු ක්‍රියාත්මක වනු ඇත.
මෙම පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තිය පිළිබඳ ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමට: