
PCI DSS සහතිකය
කාගිල්ස් බැංකුව විසින් අඛණ්ඩව තුන්වන වසරටත් ගෙවීම් කාඩ්පත් වල දත්ත ආරක්ෂාව පිලිබඳ ප‍්‍රමිතිය Payment Card Industry Data Security Standard (PCI DSS) සඳහා සහතිකය ලබාගෙන ඇත.
PCI DSS තත්ව සහතිකවලට අනුකූල වීම මගින් ආරක්ෂිත ක‍්‍රියාවලීන් සහ භාවිතයන් සඳහා අප ලබා දෙන වැදගත්කම පිළිබඳ අපගේ කැපවීම අපගේ ගනුදෙනුකරුවන්ට, වෙළඳුන්ට සහ හවුල්කරුවන්ට නැවත නැවතත් තහවුරු කරනු ලබයි.
මෙම සහතිකය ලබා ගැනීම සඳහා කාගිල්ස් බැංකුව ශ‍්‍රී ලංකාවේ TechCERT ආයතනය සහ ගෝලීය ගෙවීම් ආරක්ෂණ විශේෂඥයෙකු වන SISA Information Security (SISA) ආයතනය සමඟ පාර්ශවකරණයකට එළඹුනේය.
PCI DSS යනු ප‍්‍රධාන මුදල් ලබා ගැනීමේ කාඩ්පත්, ක්‍රෙඩිට් කාඩ්පත් සහ පෙරගෙවුම් කාඩ්පත් සඳහා මෙන්ම ATM සහ POS සඳහා කාඩ්පත් හිමියන්ගේ තොරතුරු සැකසීම, ගබඩා කිරීම, සම්ප්‍රේෂණය කිරීම හෝ ප‍්‍රවේශය ලබා දීම සිදුකරන සංවිධාන සඳහා ජාත්‍යන්තර ගෙවීම් කාඩ්පත් සන්නාම පහක් විසින් ස්ථාපිත කර ඇති කාඩ්පත් හිමියන්ගේ දත්ත ආරක්ෂාව සඳහා වූ ඒකාබද්ධ ගෝලීය ප‍්‍රමිතියයි.
කාගිල්ස් බැංකුවේ PCI-DSS අනුමැතිය පිළිබඳව තොරතුරු ලබාගැනීමට ඩිජිටල් සහතිකය මත ක්ලික් කරන්න.