මෙම පහසුකම හරහා සිය ශාඛා 26 ජාලය සමඟ නියෝජිත බැංකු ස්ථාන 530 කට අධික සංඛ්‍යාවක් ජාලගත කොට එම නවමු අත්දැකීම සිය ගනුදෙනුකරුවන් හට ලංකාවේ ප්‍රථම වතාවට ලබා ගැනීම කටයුතු සලසා ඇතග අද වන විට විශාල ගනුදෙනුකරුවන් සංඛ්‍යාවකට සේවා සපයන අතර සාමාන්‍ය සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් අතර මෙය කැපී පෙනේග මෙම සුපිරි වෙළඳසල් බැංකුකරණය පාරිභෝගිකයන්ගේ දෛනික ගනුදෙනුවලට ඉමහත් පහසුවක් ලබා දෙනවා සේම ආයතනික සේවා යටතේ මුදල් එකතු කිරීම වැනි සේවා සඳහාද මහත් රුකුලක් ලබා දෙයි
සාමාන්‍ය සහ ව්‍යාපාරික බැංකු සේවාවලට අමතරව විදේශ මුදල් ප්‍රේෂණ සේවාවද කාගිල්ස් බැංකුව ලබාදෙන සේවා අතර ප්‍රධාන තැනක් ගනියි
එතෙර සේවය කරන ශ්‍රමීකයන් හට වඩාත් ආරක්ෂිතල වේගවත් සහ පහසු ක්‍රමවේදයක් ඔස්සේ එම විදෙස් මුදල් ලංකාවේ වෙසෙන තම ආදරණියන්ට වෙත ලබා ගැනීමට අවස්ථාව සලසා ඇතග
පසුගිය වසරේ මූල්‍ය ක්ෂේත්‍රයේ වඩාත් අභියෝගවලට මුහුණ දී ඉදිරියටම පැමිණි කාගිල්ස් බැංකුව ක්ෂේත්‍රය තුළ තම ස්ථානය ස්ථාවර කරගනිමින් වසර 11ක් පුරාවටම ඉහලින්ම වැජඹෙන්නේ තම ගනුදෙනුකරුවන්ගේ සහ සේවක මඩුල්ලේ නොපසු බසිනා උත්සාහය සහ සහයෝගය මත බව නොරහසකි
සිය විශිෂ්ටත්වයේ අඛණ්ඩ ගමනේ කොටසක් ලෙස කාගිල්ස් බැංකුව ඩිජිටල් ට‍්‍රස්ට් සම්මාන 2024 දීි, වසරේ Technology Resilient Company of the Year ”කුසලතා සම්මානය” CA ශ‍්‍රී ලංකා TAGSS සම්මාන 2024 හි දී ”රිදී සම්මානය” SLITAD මානව සංවර්ධන සම්මාන 2023/24 හි දී ”විශේෂ ගෞරව” සම්මානයක් ඇතුළුව කීර්තිමත් සම්මාන කිහිපයකින් පිදුම් ලැබීය. මෙය බැංකුවේ නවෝත්පාදනය විනිවිදභාවය සහ මානව සම්පත් සංවර්ධනය සඳහා වූ කැපවීම පිළිබිඹු කරයි.
කාගිල්ස් බැංකුව සැමදා ඒක පුද්ගල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍ය අවශ්‍යතා සපුරාදීම සඳහා කැපවී සිටින බව සෑම අතින්ම විද්‍යාමාන වේග
අනාගතය දෙස බලන විට කාගිල්ස් බැංකුව පුද්ගලයන්ගේ, කුඩා ව්‍යාපාරවල සහ මහා පරිමාණ ආයතනවල අවශ්‍යතා සපුරාලීම මගින් ශ‍්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට සහාය වීමට කැපවී සිටී. ශක්තිමත් ප‍්‍රාග්ධන තත්ත්වයක් සහ වර්ධනය සඳහා විනයගරුක ප‍්‍රවේශයක් සමඟින් රටේ සංවර්ධන ගමන ස`දහා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට බැංකුව සූදානම්ව සිටී.
සියල්ලන් ඇතුළත් ප‍්‍රගතිය සඳහා වන පුළුල් කැපවීමට අනුකූලව කාගිල්ස් බැංකුව පසුගිය වසර තුළ සිය ප‍්‍රජා සහ තිරසාරත්වයට මුල පිරීමේ වැඩසටහන් ද පුළුල් කර ඇත. මේ සඳහා අඩු සම්පත් සහිත පාසල්වලට යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පරිත්‍යාගයන් සිදු කිරීම, අපද්‍රව්‍ය එකතු කරන්නන් වැනි ආන්තික කණ්ඩායම් සඳහා මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සහ හරිත බැංකුකරණ පිළිවෙත් ප‍්‍රවර්ධනය කරන පාරිසරික දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළත් වේ. තරුණයින් කේන්ද්‍ර කරගත් ප‍්‍රජා සම්බන්ධතා වැඩසටහන් ද අඛණ්ඩව ක‍්‍රියාත්මක වී ඇති අතර, වගකීම් සහගත ඉතිරි කිරීමේ පුරුදු සහ විධිමත් මූල්‍ය සේවාවන් සමඟ මුල් අවධියේදීම සම්බන්ධවීම දිරිමත් කරයිි. කාගිල්ස් බැංකුව ඉහළ ප‍්‍රතිලාභ සහිත ස්ථාවර තැන්පතු, සුවිශේෂී කාඞ්පත් ප‍්‍රවර්ධන, ණය ප‍්‍රතිලාභ, දිනුම් ඇදීම් සහ ආයෝජන සැලසුම් මෙවලම් ඇතුළත් විශේෂ දීමනා රැුසක් සිය සංවස්තරය වෙනුවෙන් හඳුන්වා දෙන ලදී, මේ සියල්ල පාරිභෝගිකයින්ගේ මූල්‍ය ගමන්වලට සැබෑ වටිනාකමක් එක් කිරීම අරමුණු කර ගෙන ඇත.
බැංකුව සිය දෙවන දශකයට පිවිසෙන්නේ නව අරමුණක් සහිතවය. ඉදිරි ගමන හැඩගස්වනු ලබන්නේ නවෝත්පාදනයන්, ගැඹුරු පාරිභෝගික සම්බන්ධතා සහ ශ‍්‍රී ලංකාව පුරා ප‍්‍රජාවනගේ ජීවන තත්ත්වය් උසස් කිරීමට මූල්‍ය ප්‍රගතීයට ඇති ශක්තිය කෙරෙහි ඇති ස්ථිර විශ්වාසයෙනි.
බැංකුවේ ගමන පිළිබඳව අදහස් දක්වමින්, කාගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ / ප‍්‍රධාන විධායක නිලධාරී සෙනරත් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ, ”අපගේ ආරම්භයේ සිට වසර 11ක් සනිටුහන් කරන විට, අපගේ ගනුදෙනුකරුවන්, හවුල්කරුවන් සහ අප කණ්ඩායම අප කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව මම කෘතඥ වෙමි. අපගේ ගමනල අභියෝග සහ ප‍්‍රගතිය යන දෙකෙන්ම නිර්වචනය වී ඇත. ඒ සියල්ල හරහා, බැංකුකරණය වඩාත් සියල්ලන් ඇතුළත්, ප‍්‍රවේශ විය හැකි සහ බලගතු බවට පත් කිරීමේ අපගේ අරමුණ සාක්ෂාත් කිරීමට අපි කැපවී සිටිමු. ඉදිරිය දෙස බලන විට, ශ‍්‍රී ලංකාවේ අනාගතය සඳහා ගැලපෙන සහ වගකිවයුතු මූල්‍ය සහකරුවෙකු වීමට අපි කැපවී සිටිමු. එකට එක්ව” අපි දිගටම ශක්තිමත් වනු ඇත.” යන්නයි.

