Home //
Media Centre
We’re in the news.
Read all about it...
කාගිල්ස් බැංකුවේ කදුරුවෙල ශාඛාව වඩා පහසු සේවාවක් ලබා දීම වෙනුවෙන් අලූත් තැනකට
Fri, 25 Oct 2024

2024 ජූලි 29 වන දින සිට බලපැවැත්වෙන පරිදි කාගිල්ස් බැංකුවේ කදුරුවෙල ශාඛාව ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ළ`ගා විය හැකි ස්ථානයකට ගෙන ගිය බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව කාගිල්ස් බැංකුවේ කදුරුවෙල නව ශාඛාව අංක 13/2, රෝහල හන්දිය, පොළොන්නරුව යන ලිපිනයේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් විවෘතව පවතී. මෙම නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කාගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී සෙනරත් බණ්ඩාර මහතා ඇතුළු ඉහළ නිලධාරීන්, කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවන් රැසක් එක්ව සිටියහ. ප්‍රදේශයේ ගනුදෙනුකරුවන්ගේ පහසුව ඉහළ නැංවීම හා සිය බැංකු සේවාවන් පුළුල් කිරීම වෙනුවෙන් කාගීල්ස් බැංකුවේ අඛණ්ඩ කැපවීමේ තවත් පියවරක් වන මෙම නව ශාඛාව තුළින් වැඩි ඉඩකඩක් සහිත පහසු බැංකු පරිසරයක් ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට හැකි වී තිබේ. එසේම වැඩි දියුණු කළ බැංකු පහසුකම් හා සේවාවන් සම`ගින් පුද්ගලික හා ආයතනික ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වඩා හො`දින් ඉටු කර දීමටද මෙම නව ශාඛාව ඉඩ හසර සලසනු ඇත.
නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ කාගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී සෙනරත් බණ්ඩාර මහතා ස`දහන් කර සිටියේ, කදුරුවෙල ශාඛාව වෙනත් ස්ථානයකට ගෙන යාමට කටයුතු කිරීම තුලින් ගනුදෙනුකරුවන් වෙත උසස් තත්වයේ බැංකු අත්දැකීමක් ලබා දීමට කාගිල්ස් බැංකුව දක්වන කැපවීම මනාව පිළිබිඹු වන බවයි. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා zz කදුරුවෙල ප්‍රදේශයේ ජනතාව සම`ග එක්ව වර්ධනයක් අත්පත් කරගෙන ඇති අප අඛණ්ඩව ජනතාව වෙත සුවිශේෂී මූල්‍ය සේවා සැපයීමට මෙන්ම ඔවුන් වෙත නව අවස්ථාවන් නිර්මාණය කර දීමට බලාපොරොත්තු වනවා. සෑම ශ්‍රී ලාංකිකයකුගේම දියුණුව වෙනුවෙන් ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් හා අනෙකුත් සියලූ දෙනා සම`ග එක්ව අපගේ හවුල්කාරීත්වය ඉහළ නැංවීම ස`දහා අප සිදුකරන කැපවීමත් මෙම නව ශාඛාව පිහිටුවීම තුළින් ප්‍රදර්ශනය වනවා. ශ්‍රී ලාංකේය සියලූ ගනුදෙනුකරුවන් වෙනුවෙන් වඩාත් කැපවන බැංකුව ලෙස අප සම`ග ගනුදෙනු කරන හා අලූතෙන් එකතුවන සියලූ ගනුදෙනුකරුවන් අපගේ අසමසම බැංකු සේවාවන් භුක්ති වි`දීම වෙනුවෙන් මෙම නවතම ශාඛාව වෙත සාදරයෙන් පිළිගැනීමට කැමතියි.ZZ යනුවෙන්ද පවසා සිටින ලදී.
මෙම නව ශාඛාවෙහි ස්ථාපිත වැඩි ඉඩකඩක් සහිත ටෙලර් කවුන්ටර, පාරිභෝගික රැ`දී සිටීමේ ස්ථානය, ස්යංක්‍රීය ටෙලර් යන්ත්‍ර, චෙක්පත් තැන්පතු සහ වැඩි දියුණු කළ ස්වයං සේවාවන් හරහා ගනුදෙනුකරුවන් හට සුවිශේෂී බැංකු අත්දැකීමක් ලබා ගැනීමට හැකි වනු ඇත. එසේම වඩාත් පහසු ස්ථානයකදී ගනුදෙනුකරුවන් වෙත ලබා දෙන සුහද හා අත්දැකීම් පරිපූර්ණ සේවාව තුළින් ඉහළ මට්ටමේ බැංකු සේවාවක් අත්වි`දීමටද ඔවුන්ට හැකියාව උදා වේ. කාගිල්ස් බැංකුවේ කදුරුවෙල නව ශාඛාව ස`දුදා සිට සිතුරාදා දක්වා පෙ.ව 9 සිට ප.ව. 4 දක්වාත් සෙනසුරාදා දිනවල පෙ.ව 9 සිට ප.ව 12.00 දක්වාත් බැංකු කටයුතු වෙනුවෙන් විවෘතව පවතී.
ශ්‍රී ලාංකිකයින්ට වඩාත් පහසුවෙන් සලසාගත හැකි බැංකුකරණ සේවාවක් සලසාදීම වෙනුවෙන් කැපවී කටයුතු කරන කාගිල්ස් බැංකුවේ එම අරමුණු සපුරා ගැනීමේ තවත් එක් පියවරක් ලෙසද කදුරුවෙල නව ශාඛාව ස`දහන් කළ හැකිය.

කාගිල්ස් බැංකුව පිළිබ`දව
ඩිජිටල් සකී්‍රයකරණය ම`ගින් මෙහෙයවනු ලබන ශී්‍ර ලංකාවේ වඩාත්ම පු`ඵල් සේවා බැංකුව බවට පත්වීමේ දැක්ම ඉදිරියට ගෙන යන කාගිල්ස් බැංකුව ත‍සඑජය ඍ්එසබටි ඛ්බන් හි A:කන්- ශ්‍රේණිගත කිරීම හිමි කරගෙන සිටියි. කාගිල්ස් සමූහයට අයත් පරිපූර්ණ බැංකු හා මූල්‍ය සේවා සපයන මූල්‍ය සේවා අංශය වන්නේද කාගිල්ස් බැංකුවයි. තාක්ෂණය පදනම් කරගත් දීප ව්‍යාප්ත ගෙවීම් විස`දුම් තුළින් මුදල් භාවිතයෙන් තොර සමාජයක් නිර්මාණය කිරීම කාගිල්ස් බැංකුවෙහි අරමුණ වී ඇත.
ශාඛා, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ ඩිජිටල් සේවාවන්ට අමතරව කාගිල්ස් බැංකුව විසින් නියෝජිතායන බැංකු සේවාව හරහා දිවයින පුරා පිහිටි කාගිල්ස් සුපිරි වෙළෙ`දසැල් 475කට අධික සංඛ්‍යාවක ගෙවීම් කිරීමේ කවුන්ටරය ම`ගින් පාරිභෝගිකයින් හට නොමිලේ සිය කාගිල්ස් බැංකු ගිණුම් වෙත පිවිසීමේ අවස්ථාව උදා කර දී ඇත. මෙම පුළුල් ප්‍රවේශය හා දෙමුහුන් ජාල ආකෘතිය තුළින් ශ්‍රී ලංකාව පුරා විහිදුණු ව්‍යාපාරයන්ට අවශ්‍ය මූල්‍ය සේවාවන් පහසුවෙන් සපයා ගැනීමේ හැකියාවද කාගිල්ස් බැංකුව විසින් උදා කර දී තිබේ.
කාගිල්ස් බැංකුවේ ප්‍රධාන කාර්යාලය කොළඹ, කොල්ලූපිටියෙහි පිහිටා ඇති අතර මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, මහරගම, පරණ යොන් වීදිය, වත්තල, මහනුවර, පේරාදෙණිය, නුවරඑළිය, හලාවත, කොටුව, රාජගිරිය, රත්නපුර, තණමල්විල, මාතර, ගාල්ල, කුරුණෑගල, කදුරුවෙල, වවුනියාව, චුන්නාකම්, යාපනය, නාවලපිටිය, මීගමුව, අනුරාධපුරය හා බණ්ඩාරවෙල යන නගරයන්හි ශාඛා ස්ථාපිත කර ඇත. එසේම තෝරාගත් කාගිල්ස් ෆුඩ් සිටි අලෙවිසැල් 30කදී ක‍්රටසකකි ඊ්බන ඵෂභෂ සේවා මධ්‍යස්ථාන හරහා ගිණුම් විවෘත කිරීම හා පාරිභෝගික සහාය වැනි බැංකු සේවාවන් ලබා දීම වෙනුවෙන් බැංකු ශාඛා ජාලය ශක්තිමත් කිරීමටද කාගිල්ස් බැංකුව කටයුතු කර ඇත.

Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form