එය පසුගිය වසරේ පළමු කාර්තුවේ බදු පසු ලාභයට වඩා රුපියල් මිලියන 116 ක වර්ධනයකි.
සුවිශේෂී මූල්‍ය ප‍්‍රථිඵල:
- කාර්තුව සඳහා වාර්තා වූ බදු පෙර ලාභය රුපියල් මිලියන 320 ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් මිලියන 210 ක වර්ධනයක් පෙන්නුම් කරයි.
- ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් මිලියන 55 කින් වර්ධනය වී ඇත.
- සාධාරණ වෙළඳ වටිනාකම මත පදනම්ව පෙන්වා ඇති ආයෝජන වශයෙන් ඇති මූල්‍ය දේපළ ඉවත් කිරීමෙන් සමාගමට ලැබුණු ලාභය රු. මිලියන 246 කින් වැඩිවී තිබේ.
- කාගිල්ස් බැංකුව තවදුරටත් ප‍්‍රාග්ධනය සහ ද්‍රවශීලතාවය අතින් ශක්තිමත් පදනමක පසු වෙයි.
මුළු ප‍්‍රාග්ධන අනුපාතය : (CAR) -19.49%. - ද්‍රවශීලතා ආවරණ අනුපාතය : (LCR) රුපියල් සඳහා – 321.59%, සිය`ඵ විනිමය සඳහා – 278.20%.
- ශුද්ධ ස්ථාවර මූල්‍ය අරමුදල් අනුපාතය : (NSFR) – 136.93%.
- සමස්ත වත්කම් රු. බිලියන 2කින් වර්ධනය වෙයි.
2025 වසරේ මාර්තු 31 වැනි දිනයෙන් අවසන් වූ පළමු කාර්තුව සඳහා කාගිල්ස් බැංකුව විසින් බදු පසු ලාභය රුපියල් මිලියන 162 ක් ලෙසින් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ එම කාර්තුවට සාපේක්ෂව රුපියල් මිලියන 116 ක වර්ධනයක් වීම විශේෂත්වයකි. ඒ අනුව බැංකුවේ ශුද්ධ පොලී ආදායම රුපියල් මිලියන 865 ක් ලෙසින් වාර්තා වෙන අතර එය පෙර වසරේ මෙම කාල පරිච්ෙඡ්දයට සාපේක්ෂව රුපියල් මිලියන 51 ක වර්ධනයකි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රතිපත්තිමය දිශානතීන් අනුව යමින් වෙළඳපොළ පොලී අනුපාතයන් වල අඩු වීමක් සිදු වූ අතර බැංකුවේ නිෂ්පාදන හා සේවා පරාසයේ මිල ගණන් මෙම වෙනස්වීම් වලට අනුකූලව වෙනස් වී ඇත. ඒ අනුව කාගිල්ස් බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය 4.86% සිට 4.31% ක අඩු වීමක් සිදු වී ඇති අතර බැංකුව ශුද්ධ පොලී ආන්තික අනුපාතය අඛණ්ඩවම යහපත් තත්ත්වයක පවත්වා ගෙන යාමට කටයුතු කරයි.
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම මෙම වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් මිලියන 254 ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පෙර වසරේ මෙම කාල පරිච්ෙඡ්දයට සාපේක්ෂව රුපියල් මිලියන 55 ක වර්ධනයකි. ගනුදෙනු ප‍්‍රමාණය, ණය හා සම්බන්ධ ගාස්තු ආදායම, කාඞ්පත් සම්බන්ධ ගාස්තු ආදායම වර්ධනය කිරීම සඳහා බැංකුව විසින් ගනු ලැබුණු ක‍්‍රියාමාර්ග සහ විදේශ පේ‍්‍රෂණ ආදායමේ වර්ධනයන් මෙම 28% ක වර්ධනය සඳහා හේතු සාධක වී ඇත.
සාධාරණ වෙළඳ වටිනාකම මත පදනම්ව පෙන්වා ඇති ආයෝජන වශයෙන් ඇති මූල්‍ය දේපළ ඉවත් කිරීම හරහා අනෙකුත් ආදායම් ධාරාවන් වර්ධනය කිරීමෙන් සමාගමට ලැබුණු ප‍්‍රාග්ධන වර්ධනය පෙරට වඩා රු. මිලියන 246 කින් වැඩි වෙමින් රුපියල් මිලියන 338 ක් ලෙසින් වාර්තා වී තිබේ. සාධාරණ වෙළඳ වටිනාකම මත පදනම්ව ඇති මූල්‍ය දේපළ වල ලාභ හෝ පාඩු වටිනාකම රුපියල් මිලියන 38 කින් අඩු වී, 2025 වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් මිලියන 46 ක් ලෙසින් වාර්තා වී ඇත. එමෙන්ම 2025 වසරේ පළමු කාර්තුව තුළ විදේශ විනිමය හුවමාරුවල වර්ධනය නිසා වෙනත් ශුද්ධ මෙහෙයුම් ආදායම 63% ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් මිලියන 27 ක සමස්ත අගයක් දක්වයි.
2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී සමස්ත මෙහෙයුම් වියදම් 19% කින් වර්ධනය වෙමින් රුපියල් මිලියන 770 සිට 915 දක්වා වැඩි වී ඇත. කාර්යමණ්ඩල සාමාජිකයින් අලූතෙන් බඳවා ගැනීම වැඩි කිරීම, වෙළඳපොළ තත්ත්වයන්ට අනුරූපීව සේවක වැටුප් වර්ධනය කිරීම වැනි හේතු නිසා මානව සම්පත් අංශයේ වියදම් 16% කින් වර්ධනය වී ඇත. එමෙන්ම වෙනත් මෙහෙයුම් වියදම් 25% කින් වර්ධනය වී ඇති අතර ඊට හේතු වශයෙන් ශාඛා ජාලයේ වර්ධනය, අලෙවිකරණ කටයුතු සහ පරිපාලන වියදම් වල වර්ධනය මෙන්ම සයිබර් ආරක්ෂණය සම්බන්ධ සිදු වීමට අදාළව සිදු කෙරුණු විමර්ෂණ සහ නිර්දේශනයන් සඳහා සිදු වූ වරක් පමණක් වන වියදමද දැක්විය හැකිය. බැංකුවේ වියදම් සහ ආදායම් වෙනසේ අනුපාතය 2024 වසරේදී 58.23% ක ප‍්‍රතිශතයක සිට 59.72% ක් දක්වා සු`ඵ වර්ධනයක් පෙන්වා ඇත.
ණය ආපසු අය කරගැනීමේ ක‍්‍රියා මාර්ගවල සාර්ථකත්වය මෙන්ම ණය හිමිකරුවන්ගේ තත්ත්වය පිළිබඳව තියුණු අධ්‍යයනයකින් පසුව, සාර්ව ආර්ථික වාතාවරණයේ ඇති වූ වර්ධනයන් සළකා බලා සිදු කළ වෙනස් කම් හේතුවෙන් හානිකරණ අයකිරීම් සඳහා පසුගිය වසරේදී වාර්තා වූ රුපියල් මිලියන 226 ක අගයක සිට මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 126 ක් දක්වා අඩු වී තිබීම විශේෂත්වයකි. බැංකුවේ තෙවන අදියරයේ පවතින ණය (තෙවන අදියරයේ හානිකරණ ශුද්ධත්වය* සහ සමස්ත ණය අතර අනුපාතය 8.18% ක් ලෙසින් වාර්තා වූ අතර 2025 වසරේ මාර්තු 31 වැනි දින වන විට තෙවන අදියරයේ සම්පාදන ආවරණය 46.46% ක් ලෙසින් වාර්තා වී ඇත.
කාගිල්ස් බැංකුව මහ බැංකුව විසින් පණවා ඇති අවම නිර්දේශයන්ට ඉතා හොඳින් අනුකූල වන ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතයක් සහ ද්‍රවශීලතා වත්කම් අනුපාතයක් පවත්වා ගෙන යාමට සමත් වී ඇති අතර සමස්ත ප‍්‍රාග්ධන අනුපාතය 19.49% ක් ලෙසත් සිය`ඵ ද්‍රවශීලතා අනුපාතයන් නිර්දේශිත අවමයන්ට වඩා ඉතා ඉහළින්ද පවතී.
2025 වසරේ මාර්තු 31 වැනි දින වන විට කාගිල්ස් බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම රුපියල් බිලියන 82.3 ක් වශයෙන් වාර්තා වූ අතර එය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව රුපියල් බිලියන 2 ක වර්ධනයකි. පවතින තත්ත්වයන් යටතේ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 46.1 සිට 48.8 දක්වා සාමාන්‍ය වර්ධනයක් දක්වා ඇත. සාධාරණ වෙළඳ වටිනාකම මත පදනම්ව පෙන්වා ඇති ආයෝජන වශයෙන් ඇති මූල්‍ය දේපළවල වටිනාකම 2% කින්, රුපියල් බිලියන 21.8 ක් දක්වා අඩු වී ඇත. අනෙකුත් සවිස්තර ආදායම් රුපියල් මිලියන 307 ක ශුද්ධ අලාභයක් වශයෙන් වාර්තා වී ඇත. ගනුදෙනුකරුවන්ගේ තැන්පතු 2024 වසර අවසානයේදී වාර්තා වූ රුපියල් බිලියන 59.4 ක අගයේ සිට රුපියල් බිලියන 56.7ක අගයක් දක්වා 5% ක අඩු වීමක් වාර්තා කර ඇත.

