දිවයින පුරා විවිධ ප්‍රජාවන්ට සේවය කිරීමේ බැංකුවේ ගමනේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අංක 453/ක, ප්‍රධාන වීදිය, කෑගල්ල යන ලිපිනයේ පිහිටා ඇති නව ශාඛාව 2025 මාර්තු මස 24 දින සිට සිය ගණුදෙනුකරුවන් හට මූල්‍ය පහසුකම් සහ සේවාවන් සපයයි.
කාගිල්ස් බැංකුවේ පුළුල් වන ශාඛා ජාලයට මෙම නවතම එකතු කිරීම මගින් මූල්‍ය අවශ්‍යතා සැලසීම සඳහා වන බැංකුවේ කැපවීම ප්‍රගතිය පිළිබිඹු කරයි.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා විශේෂ සමාරම්භක උත්සවයක් බැංකුවේ කළමණාකාර අධ්යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී සෙනරත් බණ්ඩාර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වයේ සාමාජිකයින්, ශාඛා කාර්ය මණ්ඩලය, සිය පාරිභෝගිකයන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
වඩාත් විශ්වාසදායී මූල්‍ය විසඳුම් අපේක්ෂා කරන, ප්‍රදේශයේ ව්‍යවසායකයින්ට, ව්‍යාපාරිකයින්ට අවශ්‍ය මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට, කාගිල්ස් බැංකුවේ කෑගල්ල ශාඛාව හට මෙමගින් අවස්ථාව සැලසේ. නගර මධ්‍යයේ උපාය මාර්ගික ස්ථානයක පිහිටා ඇති මෙම ශාඛාව, පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය ආයතනයක් ලෙස කාගිල්ස් බැංකුවේ භූමිකාව ශක්තිමත් කරමින් වඩාත් පහසු, කාර්යක්ෂම සහ වැඩි දියුණු කල පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇත.
බැංකුවේ ජාල ව්‍යාප්තියේ ප්රගමනය පිළිබඳව අදහස් දක්වමින් කළමණාකාර අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී සෙනරත් බණ්ඩාර මහතා මෙසේ පැවසීය. කාගිල්ස් බැංකුව ප්‍රගතිය සහ ප්රවේශ්යතාවයේ පදනම මත ගොඩනගා ඇති අතර, කෑගල්ලේ මෙම නව බැංකු ශාඛාව, බැංකුකරණය ජනතාවට සමීප කිරීමේ බැංකුවේ මෙහෙවර පිළිබිඹු කරයි. නවීන මූල්‍ය විසඳුම් සොයන ව්‍යවසායකයින්, ව්‍යාපාර සහ පුද්ගලයින්ගේ ශක්තිමත් පදනමක් ඇති මෙම ප්‍රදේශයේ බැංකු සහ මූල්‍ය අවශ්‍යතාවයන් සඳහා ඇති ප්රවණතාවන් අප හඳුනා ගනිමු. කෑගල්ලට අපගේ පැමිණීම තුලින් අපි අපේක්ෂා කරනුයේ, මූල්‍ය අවශ්‍යතා සදහා ප්‍රවේශ වීමේ පහසුව සැලසීම සහ නවෝත්පාදනයට අවස්ථා විවර කරදීම තුලින් බාධාවකින් තොරව පුද්ගලානුබද්ධ බැංකුකරණ අත්දැකීම් ලබා දීමෙන් මානව දිරියේ ප්‍රගතියට සහය වීමයි”.
කාගිල්ස් බංකුවේ කෑගල්ල ශාඛාව ගණුදෙනුකරුවන්ගේ විවධ අවශ්‍යතා සපුරාලීම සදහා ඉතුරුම් සහ ජංගම ගිණුම්, ණය, මුදල් ප්‍රේශණ, ක්‍රෙඩිට් කාඩ්පත්, ඩිජිටල් බැංකුසේවා සහ 24/7 ඩිජිටල් ස්වයං සේවා ස්ථාන ඇතුළු සම්පුර්ණ බැංකු සේවා පරාසයක් ලබා දෙයි.
ඉඩකඩ සහිත, නවීන පහසුකම් සහ සේවා සැපයීම මූලික කරගත් මිත්‍රශිලී සේවා කණ්ඩායමක් මගින් මෙම ප්‍රදේශයේ ජනතාවගේ විශ්වාසදායක මූල්‍ය සහකරුවෙකු බවට පත් වීම බැංකුවේ අරමුණයි.
මූල්‍ය අවශ්‍යතා වෙත ප්‍රවේශ වීම වෙන කවරදාටත් වඩා වැදගත් වන අවස්ථාවක මෙම ශාඛා ජාල ව්‍යාප්තිය සිදු වන අතර, කෑගල්ල ප්‍රදේශයේ ජනතාවට සහ ව්‍යාපාර වලට ඔවුන්ගේ වර්ධනයට සහ දිගුකාලීන මූල්‍ය සාර්ථකත්වයට සහය වන බැංකුකරණ විසදුම් ලබා දීමෙන් ඔවුන්ව බල ගැන්වීම කාගිල්ස් බැංකුව උත්සාහ කරයි.
ඔබත් නවීන, පාරිභෝගික කේන්ද්‍රීය බැංකුකරණ අත්දැකීම් ලබා ගැනීමට, අංක 453/ක, ප්‍රධාන වීදිය, කෑගල්ල යන ස්ථානයේ පිහිටි කාගිල්ස් බැංකු කෑගල්ල ශාඛාව වෙත පිවිසෙන්න.
වැඩි විස්තර සඳහා 0357707610-613 ඔස්සේ ශාඛාව අමතන්න හෝ අඅඅගජ්රටසකකිඉ්බනගජදප වෙත පිවිසෙන්න.

