මුල් පිටුව // පුද්ගලික // ඉතුරුම් ගිණුම්
Cargills Cash ඉතුරුම් ගිණුම
ඔබගේ දෛනික භාණ්ඩ මිලදී ගැනීම
තරමටම දැන් බැංකුකරණයත් පහසුවෙන්ම කරගන්න.
011 7 640 640

බැංකුව වෙත ලඟා විය හැකි නවතම මඟ අත්විඳින්න.

 

ඔබ දන්නවාද?
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ඕනෑම කාගිල්ස් Food City ශාඛාවකින් ඔබගේ මුදල් තැන්පත් කිරීමටත්, ආපසු ගැනිමටත් මෙන්ම ඔබගේ ජංගම දුරකථනය භාවිතයෙන් භාණ්ඩ මිලදී ගැනීමටත් දැන් ඔබට හැකියාව ඇත.
  • ඕනෑම ජංගම දුරකතනයකට ක්ෂණිකවම මුදල් යැවිය හැකි අතර ඕනෑම කාගිල්ස් Food City අලෙවිසැලකින් එම මුදල් ආපසු ගැනීමටද හැකියාව ඇත.
  • ඕනෑම කාගිල්ස් ෆුඩ් සිටි වෙළඳසැලකින් ඔබට සහතික කල මුදල් ලැබෙනු ඇත.
  • ඔබගේ බැංකු ගිණුම වෙත ආරක්ෂිතව සහ ක්ෂණිකව ඕනෑම වේලාවක, ඕනෑම තැනක ඕනෑම දිනයක ඔබට ප්‍රවේශ  විය හැක.
  • ඔබ ඔබේ නිවසේ සිටියත්, නිවසින් පිටත සාප්පු සාවරි යමින් සිටියත් ඔබට ඉහලම පහසුවක් ලබා දෙනු ඇත.
ඔබට අයදුම්කිරීමට නම්
  • වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතුය.
  • වලංගු ශ්‍රී ලාංකික ජාතික හැඳුනුම්පතක්/ විදෙස්ගමන් බලපත්‍රයක්/ රියදුරු බලපත්‍රයක් සහිත විය යුතුය.
අප ඔබට පෙන්වන්නම්

Cargills Cash සමගින් මුදල් තැන්පත් කරන ආකාරය.

 

  1. ඔබගේ කැමැත්තට අනුව, ලියාපදිංචි දුරකථන අංකය හෝ ගිණුම් අංකය සමග මුදල් ප්‍රමාණය සඳහන් කරමින් Cargills Cash වවුචරය පුරවන්න.
  2. අයකැමි විසින් ගනුදෙනුව සම්පුර්ණ කල පසු ගනුදෙනුව සහතික කරමින් රිසිට් පතක් ඔබට ලැබෙනු ඇත.
  3. ගිණුම්හිමියාග් ලියාපදිංචි කරන ලද ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩයක් (SMS) ද එවනු ඇත.

 

Cargills Cash සමගින් මුදල් ආපසු ගන්නා ආකාරය.

 

  1. මුදල් ආපසු ගැනීම සඳහා ඔබගේ ලියාපදිංචි ජංගම දුරකථන අංකය මුදල් අයකැමි වෙත ලබා දෙන්න.
  2. Cargills Cash ජංගම බැංකුකරණ යෙදුම (mobile banking app) වෙත පූරණය (Log in) වී ඇති බවට සහතික වන්න. ඔබගේ ලියාපදිංචි කර ඇති ජංගම දුරකථනය වෙත එක් වරක් පමණක් භාවිතා කල හැකි මුරපදයක් (OTP) සහිත කෙටි පණිවිඩයක් එවනු ඇත.
  3. එම මුරපදය ලැබුණු පසු, ‘මුදල් ආපසු ගැනීම’ (cash withdrawal) ලෙස සඳහන් කර ඇති තීරුවට පිවිස, ගනුදෙනුව අනුමත කරන්න.
  4. අයකැමි විසින් ගනුදෙනුව සම්පුර්ණ කල පසු, මුද්‍රිත සහතික කිරීමේ රිසිට් පතක්ද සමගින් මුදල් ඔබට ලැබෙනු ඇත.
  5. ගිණුම්හිමියාග් ලියාපදිංචි කරන ලද ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩයක් (SMS) ද එවනු ඇත.

 

Cargills Cash සමගින් භාණ්ඩ මිලදී ගන්නා ආකාරය.

 

  1. මිලදී ගත් භාණ්ඩ සඳහා ගෙවීම් සිදුකරනු ලබන්නේ Cargills Cash හරහා බව අයකැමි වෙත දැනුම් දී ලියාපදිංචි කර ඇති ජංගම දුරකථන අංකය අයකැමි වෙත ලබා දෙන්න.
  2. Cargills Cash ජංගම බැංකුකරණ යෙදුම (mobile banking app) වෙත පූරණය (Log in) වී ඇති බවට සහතික වන්න. ඔබගේ ලියාපදිංචි කර ඇති ජංගම දුරකථනය වෙත එක් වරක් පමණක් භාවිතා කල හැකි මුරපදයක් (OTP) සහිත කෙටි පණිවිඩයක් එවනු ඇත.
  3. එම මුරපදය ලැබුණු පසු, ‘භාණ්ඩ මිලදී ගැනීම’ (Purchase) ලෙස සඳහන් කර ඇති තීරුව වෙත පිවිස ගනුදෙනුව අනුමත කරන්න.
  4. අයකැමි විසින් ගනුදෙනුව සම්පුර්ණ කල පසු, මුද්‍රිත සහතික කිරීමේ රිසිට් පතක්ද සමගින් මුදල් ඔබට ලැබෙනු ඇත.
  5. ගිණුම්හිමියාග් ලියාපදිංචි කරන ලද ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩයක් (SMS) ද එවනු ඇත.

 

Cargills Cash සමගින් මුදල් යැවිය හැකි ආකාරය.

 

  1. Cargills Cash ජංගම බැංකුකරණ යෙදුම (mobile banking app) වෙත පූරණය (Log in) වන්න. මුදල් ලබන්නාගේ දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය සහ ඔබට යැවීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කිරීමෙන්, ඔබ සිටිනා ඕනෑම ස්ථානයක සිට මුදල් යැවීමේ හැකියාව ඇත.
  2. මුදල් ලබන්නා වෙත යැවිය යුතු විශේෂිත ‘ගනුදෙනු යොමු අංකයක්’ (TRN) ඔබ (ගිණුම්හිමියා) වෙත ලැබෙනු ඇත.
  3. මුදල් ලබන්නා හට ඕනෑම කාගිල්ස් Food City ශාඛාවක් වෙත ගොස්, ගනුදෙනු යොමු අංකය (TRN), ජංගම දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය සහ මුදල් ප්‍රමාණය සඳහන් කරමින් Cargills Cash වවුචරයක් පුරවා අයකැමි වෙත ලබා දිය හැක.
  4. මුද්‍රිත සහතික කිරීමේ රිසිට් පතක්ද සමගින් අදාළ මුදල, මුදල් ලබන්නා වෙත ලැබෙනු ඇත.
අපි ආරම්භ කරමු

අන්තර්ජාලය හරහා ලියාපදිංචි වන්නේ කෙසේද?

  • හෝ හරහා Cargills Cash ජංගම බැංකුකරණ යෙදුම (mobile banking app) බාගත කරගැනීම මගින් කාගිල්ස් බැංකු ගිණුම්හිමියන් හට ඉතා පහසුවෙන්ම Cargills Cash සඳහා ලියාපදිංචි විය හැක.
  • ඔබ මේ වනවිටත් කාගිල්ස් බැංකුවෙහි අන්තර්ජාල හෝ ජංගම දුරකථන බැංකුකරණය සමග ලියාපදිංචි වී ඇත්නම් Cargills Cash ජංගම බැංකුකරණ යෙදුම (mobile banking app) සඳහාද එම පරිශීලක හඳුනාගැනීම (User ID) හා මුරපදයම භාවිතා කරමින් පූරණය (Log in) විය හැක. එය එතරම්ම පහසුයි.
  • ඔබ ලියාපදිංචි වී නොමැතිනම් ජංගම බැංකුකරණ යෙදුම (mobile banking app) හරහා ඔබගේ ATM කාඩ්පත් අංකය හා ATM පුද්ගල හඳුනාගැනීමේ අංකය (PIN) ඇතුලත් කිරිම මගින් ඇතුළු විය හැක.
  • ඉක්මන් ලියාපදිංචි වීමේ ක්‍රමය අනුගමනය කරන්න.
  • ඔබගේ ජංගම දුරකථනයෙහි Cargills Cash භාවිතා කිරීමේ සතුට අත්විඳින්න.

 

අපගේ හවුල්කරුවන්

Cargills Cash පාරිභෝගිකයින් නිතර අසන ප්‍රශ්න
Cargills Food City වෙළඳසැල්
මීළඟට?

දැන්ම ඉල්ලුම් කරන්න, අපව අමතන්න, අප සමග කතා කරන්න. ඔබ මින් පෙර කිසිදා අත්නොවිඳි බැංකුකරණ අත්දැකීමක් වෙත අපි ඔබ ගෙන යන්නෙමු.

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form