මුල් පිටුව // Corporate
අන්තර්ජාතික වෙළඳ සේවා
නෞකාවෙන් වෙරලටත්,
ඉන් ඔබ්බටත්
011 7 640 640

සම්ප්‍රදායික ආනයන/ අපනයන කටයුතු සේවාවන්ට පමණක් සීමා නොවී ඔබේ සේවය සහ ඔබේත්, රටෙත් අනාගතය සඳහා කැපවීම අපගේ අභිප්‍රාය යි.

ඔබේ අරමුණ වන්නේ ගෙවීම් විධිමත් කර ගැනීම, මෙහෙයුම් ආරක්ෂා කර ගැනීම හෝ සැපයුම්කරුවන් සමඟ ශක්තිමත් සබඳතා ඇති කර ගැනීම හෝ නම්, ඔබට ජාතයන්තර වෙළදාම් කිරීම සඳහා කාගිල්ස් බැංකුවට ඉතා නිවැරදි හා ආරක්ෂාකාරී අයුරින් සහය විය හැකිය. නිවැරදි මූල්‍ය සැපයුම්කරුවෙකු සමඟ නිවැරදි ආකාරයේ මූල්‍ය කළමනාකරණයක් පවත්වා ගැනීම ජාත්‍යන්තර වශයෙන් ව්‍යපාර සාර්ථකවීමට විශාල කාර්යභාරයක් ඉටු කරයි.

ප්‍රායෝගිකව, වෙළද කටයුතු සඳහා මිළදී ගැනීම, විකිණීම, මූල ද්‍රව්‍ය සම්පාදනය, නිෂ්පාදනය සහ බෙදා හැරීම වැනි විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් වේ. ආනයනකරුවන් සහ අපනයනකරුවන් සමඟ එක්ව ගෝලීය වාණිජ ක්ෂේත්‍රයේ මූල්‍ය ප්‍රතිලාභ උපරිම කර ගැනීම සඳහා අප කණ්ඩායම සුරක්ෂිත වෙළද මූල්‍ය සේවා පරාසයක් ඔබට සැපයීමට කටයුතු කරයි.

බැංකුව මගින් පිරිනමනු ලබන ප්‍රධාන අන්තර්ජාතික වෙළඳ සේවාවන්
සලේඛන ණයවර පත් (Documentary Credits)

සලේඛන ණයවර පත ජාතයන්තර වෙළදාම තුළ ඉතා විශේවාසනීය ගෙවීම් ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. සලේඛන ණයවර ලිපිසේ නියමයන්ට අනුකුලව ගනුදෙනුව සිදු කරන බවට විශ්වාස නම්, සලේඛන ණයවර පත් විසින් ආනයන හා අපනයනකරුවන්ට එකිනෙකා සමඟ විශ්වාසයෙන් කටයුතු කිරීමට ඉඩ ලබාදේ.

විශේෂයෙන්ම සලේඛන ණයවර පතට අදාලව නිකුත් කිරීමේ බැංකුව ගෙවීම් කිරීමේ වගකීම භාර ගැනීම මඟින් විශාල අවධානමක් සඳහා සහතික ආරක්ෂාවක් ලබා දෙන අතර එමඟින් ඔබට ඇති අවධානම ඉවත් කෙරේ.

අපනයකරුවෙකු ලෙස , ඔබට අවශ්‍ය ලියකියවිලි වලට අනුකුලව ගෙවීම් සහතික කරන සලේඛන ණයවර පතක් විවෘත කිරීමට විදේශ ගනුදෙනුකරුවන් /ගැනුම්කරුවන් ඔබට සිටිය හැක.

එසේම අනයනකරුවෙකු ලෙස , ඔබේ විදේශීය සැපයුම්කරු විසින් ඔබට ආනයන සලේඛන ණයවර ලිපියක් විවෘත කිරීමට ඉල්ලා සිටි නම් හා නිවැරදි ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් , අපට එය ක්‍රමානුකුලව සකස් කර විදේශීය සැපයුම්කරු ගෙවීම් සහතික කළ හැකිය.

සලේඛන එකතුව (Documentary Collections)

විශ්වාසදායක වෙළද හවුල්කරුවන් සමඟ ඔබ ගෙවීම් සිදුකරන හා ගෙවීම් ලබන ආකාරය තවත් සරල කිරීමට හා පහදාදීම සඳහා අපට ඔබ හට මඟ පෙන්විය හැකිය. ආනයන හා අපනයන සලේඛන එකතුව යනු ජාත්‍යන්තරවෙළද ගෙවීම් සඳහා ඉතා පහසු හා ලාභදායි ක්‍රමයකි. මෙය අපනයනකරුවෙකු ලෙස බැංකු ගෙවීම් සහතිකයක් නොමැතිව ඔබේ විදේශීය ගනුදෙනුකරු සමඟ ගනුදෙනු කිරීම ඔබට පහසු නම් , ඔබට ඉහළ මට්ටමේ ආරක්ෂාවක් ලබා ගැනීම සඳහා භාවිත කළ හැකි ක්‍රමයකි. මෙහිදී සලේඛන එකතුව සමඟ විනිමය බිල්පතක් ඉදිරිපත් කළ යුතු අතර භාණ්ඩ නිකුත් කරනු ලබන්නේ විදේශීය ගනුදෙනුකරු එම විනිමය බිල්පත ගෙවීම මත හෝ පසුදිනයක ගෙවීමට පිළිගැනීම මත ය.

එසේම අනයනකරුවෙකු ලෙස , ඔබේ විදේශීය සැපයුම්කරුවන් විසින් විනිමය බිල්පත් ගෙවීමට හෝ භාර ගැනීමට ඔබෙන් ඉල්ලා සිටින මොහොතක ඔබේ ස්ථාවරය ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට උපදෙස් ලබා දීමට අප කටයුතු කරන්නෙමු.

නාවුක ඇපකර (Shipping Guarantees)

ඔබ ආනයනය කරන භාණ්ඩ, ප්‍රවාහන ලියකියවිලි වලට පෙර පැමිණියහොත් , ඔබේ භාණ්ඩ නිදහස් කරගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ද අමතර ගබඩා කිරීම් සහ ප්‍රමාද ගාස්තු අය කිරීම වළක්වා ගැනීම සඳහා ද නාවුක ඇපකරයක් හෝ බෙදා හැරීමේ ඇනවුමක් ඔබට නිකුත් කිරීමට අප මැදිහත් වන්නෙමු.

ආනයන මුල්‍ය ණය (Import Finance)

ඔබේ සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීම සහ ඔබේ ගැනුම්කරුවන්ගෙන් ගෙවීම් ලබා ගැනීම අතර ඇති මුල්‍යමය පරතරය පියවා ගැනීම සඳහා සහ අනයනකරුවෙකු ලෙස ඔබගේ ක්ෂණික ගෙවීම් හා බැදීම් සපුරාලීම සඳහා ආනයන මූල්‍ය ණය විකල්පයන් ද ලබා දීමට අපට හැකියාව ඇත.

අපනයන සලේඛන ණයවර පත් අපනයනකරුට සන්නිවේදනය (Export DC Advising)

ඔබ අප සමඟ බැංකුකරණය කළත් නැතත්, ඔබේ අපනයන සලේඛන ණයවරපත් අපනයනකරුට සන්නිවේදනය කිරීමට අවශ්‍ය පියවර ගන්නෙමු.

නැව්ගත කිරීමට පෙර හා පසු මුල්‍ය පහසුකම් (Pre & Post Shipment Financing)

මෙම අපනයන මූල්‍ය පහසුකම් ඔබේ අපනයන අවශ්‍යතාවන්ට සරිලන පරිදි සකස් කර ඇති අතර වෘත්තීය විශේෂඥයින් විසින් අපනයන සලේඛන පරීක්ෂා කිරීම සහ ඉතා තරඟකාරී පොලී අනුපාත යටතේ අපනයන මූල්‍ය ණය ලබා ගැනීම වැනි සුවිශේෂී අංගයන්ගෙන් සමන්විත සමස්ත ක්‍රියාදාමයට ද අප සහය දක්වන්නෙමු.

බැඳුම්කර සහ ඇපකර (Bonds & Guarantees)

අවිනිශ්චිත වෙළදපොල තත්වයන් තුළ ඇති වන පාඩු වලින් ඔබේ ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීම සඳහා, වඩාත් ප්‍රචලිතව භාවිතා වන ඇපකර සහ බැඳුම්ප්‍කර නිකුත් කිරීම අප විසින් සිදු කරනු ලබයි. බැදුම්කර සහ ඇපකර මහා පරිමාණ ව්‍යපෘති, තම ආයතනවලට හිමිකර ගැනීමේදී භාවිත වන ප්‍රබල මෙවලමකි. එලෙසම් මෙය ව්‍යපෘති සම්පුර්ණ කිරීම හා ගෙවීම්, බැදීම් ඉටු කිරීම සඳහා ද විශාල වශයෙන් භාවිත වන්නකි. නව ව්‍යපෘති දිනා ගැනීම සඳහා වන ඕනෑම ලංසුවක් සඳහා මෙම බැදුම්කර සහ ඇපකර භාවිතා කළ හැකිය. සෑම ව්‍යාපාර කටයුත්තක්ම එකිනෙකට අනන්‍ය වන බැවින්, ඔබේ ව්‍යාපාර ප්‍රවාහයන්ට ගැලපෙන සහතික විසදුම් කට්ටලයක් සැලසුම් කිරීමට අපි ඔබට සහය වන්නෙමු.

 

ඔබේ ඉපැයීම් වැඩිදියුණු කිරීමට සහ ගෝලීය ලවෙළදපොල තුළ ඇති අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීමට ඔබට උපකාර කිරීමට අවශ්‍ය නිවැරදි ජාත්‍යන්තර විශේෂඥයතාව සහ ඊට අවශ්‍ය සියලුම ප්‍රායෝගික සේවාවන් ද අප සතුව ඇත.

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.

“A fanatic is one who can’t change his mind and won’t change the subject.” – Sir Winston Churchill

Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form