Home //
Media Centre
We’re in the news.
Read all about it...
කාගිල්ස් බැංකුව, 2023 වසරේ පළමු අර්ධයේදී නොයෙකුත් ආර්ථික අභියෝග මධ්‍යයේ වුවත්, ශක්තිමත් මුල්‍යමය වර්ධනයක් පෙන්වීමට සමත් වෙයි.
Sun, 5 Nov 2023

තම ප‍්‍රත්‍යස්ථිතිය මැනවින් විදහා දක්වමින්, විධිමත්  මූල්‍ය උපාය  ක‍්‍රමවේදයක් ඔස්සේ ද්‍රවශ‍්‍රීලතාව සහ ගනුදෙනුකරුවන් මනාව කළමනාකරණය කරගනිමින් ගුණාත්මක පාරිභෝගික සමූහයක්  පවත්වා ගැනීමල ආර්ථිකමය  වශයෙන් අභියෝගාත්මක අවස්ථාවන්හිදී  ස්ථානෝචිතව කටයුතු කරමින් ශ‍්‍රී ලංකාවේ සියල් සපිරි සේවාවන්ගෙන් යුත් විශිෂ්ටතම බැංකුව බවට පත්වීමේ දැක්ම ඔස්සේ ශක්තිමත්ව ඉදිරියටම ගමන් කිරීමට කාගිල්ස් බැංකුවට හැකි විය.

බැංකුවේ මුල්‍යමය හැරවුම නැවත සනාථ කරමින්, පසුගිය වසරේ පළමු අර්ධයේ වාර්තා වූ රුපියල් මිලියන 144 ක බදු පෙර මෙහෙයුම් ලාභය 2023 වසරේ පළමු අර්ධයේ රුපියල් මිලියන 615 ක බදු පෙර ලාභයක්  දක්වා විශිෂ්ට වර්ධනයක් වාර්ථා විය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් 2023 වසරේ පළමු අර්ධය සඳහා බැංකුවේ බදු පසු ලාභය ^PAT& රුපියල් මිලියන 253ක් ලෙස වාර්තා වූ අතර, එය 2022 වසරේ අනුරූප කාල සීමාවේ දී වාර්ථා වූ රුපියල් මිලියන 195 අලාභයට වඩා සැලකිය යුතු වර්ධනයකි.

එමෙන්ම 36%ක ප‍්‍රතිශතයකින් වර්ධනය වූ මුළු මෙහෙයුම් අදායම රුපියල් බිලියන 2.4 ක්  ලෙස වාර්තා විය. ඒ සඳහා ප‍්‍රධාන සාධකයක් වුයේ රුපියල් බිලියන 1.8 ක් ලෙස 30% කින් ඉහල ගිය ශුද්ධ පොළී අදායමයි. තවද රුපියල් මිලියන 446ක් ලෙස 2023 පළමු අර්ධයදී වාර්තා වූ හානිකරණ අලාභය 2022 වසරේ අනුරූපී කාලසීමාවට අදාලව 44% අඩුවීමකි. රුපියලේ අගය ක්ෂය වීමත් සමඟ ව්‍යුහාත්මක වියදම් වර්ධනය වීම හේතුවෙන් මුළු මෙහෙයුම් වියදම රුපියල් මිලියන 1,369 ලෙස 21% කින් ඉහල යාමක් පෙන්නුම් කලද, සමස්ත ආදායමට සාපේක්ෂව වියදම් අනුපාතය 2022 වසරේ දෙවන කාර්තුවේ වාර්තා වූ 63% අගයට අනුරූපීව  2023 දෙවන කාර්තුවේ  56% ලෙස ප‍්‍රගතියක් පෙන්වුයේ අදායම් ඉහල අගයක පවත්වා ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.

2023 වසරේ මේ දක්වා වාර්තා වූ රුපියල් බිලියන 67ක් වූ බැංකුවෙහි සමස්ථ වත්කම් ප‍්‍රතිශතයක් ලෙස 25% කින් ඉහල අගයක ඇත.  වෙළඳපොල තුල කැපී පෙනෙන වර්ධනයක් සහිතව කොටසක ශුද්ධ වත්කම 2023 වසර ආරම්භයේ දී  වාර්තා වූ  රු 11.01 අගයට  වඩා  ජුනි 30 දින වන  විට රු 11.82 දක්වා වර්ධනය විය.

2023 ජුනි 30 වෙනි දිනට 21.84% ක මුළු ප‍්‍රාග්ධන  අනුපාතයක් හා 29.36% ක ද්‍රවශීල වත්කම්ල අනුපාතයක් වාර්තා කරමින් තම මූල්‍යමය ශක්තිය හා ස්ථාවරත්වය සහතික කිරීමට කාගිල්ස් බැංකුවට හැකි විය. මෙවැනි වර්ධනයක්, කාගිල්ස් බැංකුවේ ස්ථාවර පදනම සහ  ඕනෑම බාහිර බාධක සහ තත්වයන් හට ශක්තිමත්ව මුහුණ දීමට ඇති හැකියාව සඳහා මනා සාධකයන් වේ.

කාගිල්ස් බැංකුව සිය ගනුදෙනුකරුවන් සමඟ සබඳතා තවදුරටත් පුළුල් කරමින් සිය 24 වෙනි ශාඛාව පසුගියදා බණ්ඩාරවෙල දී ආරම්භ කරන ලදී. ශාඛා 24ක් හා කාගිල්ස් Mini ශාඛා 26කින් සමන්විත කාගිල්ස් බැංකුවෙහි වත්මන් සමස්ථ ශාඛා ගණන 50ක් වේ.

කාගිල්ස් බැංකුව විසින් ජාතික ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සඳහා සහය පළකරන අතරම භාණ්ඩාගාර උපකරණ ප‍්‍රතිව්‍යුහගතකරණය කිරීමේ  වැඩසටහනින් බැංකු අංශය ඉවත් කිරීමට රජය ගත් තීරණය  සඳහාද සහය දක්වයි. කාගිල්ස් බැංකුව සියලූ පාරිභෝගිකයන් හට නොමද සහයක්  දක්වමින් රජය විසින් පනවන ලද විධානගත කරන ලද පමාසහනය ^Moratorium& හා ඉන් ඔබ්බටත් විශේෂිත තත්ත්වයන් හි පාරිභෝගිකයන් හට සහනදායී ප‍්‍රතිචාර  දැක්වීමටත්, අභියෝගාත්මක කාල සීමාවන්වලදී රටට හා පාරිභෝගික ප‍්‍රජාවට  උපරිම සහයෝගය දැක්වීමටත් කැප වී ඇත. එමෙන්ම කාගිල්ස් බැංකුව පොලී අනුපාත පීඩනයෙහි  පහත වැටීමක් අපේක්ෂා කරන අතරම ආර්ථීක ප‍්‍රතිසංස්කරණ  සැලසුම් සඳහා සහය ලබා දීමටද සූදානම්ව සිටියි.

එමෙන්ම කාගිල්ස් බැංකුව කොළඹ කොටස් වෙළඳපොළෙහි පොදු ලැයිස්තුගත කිරීම සඳහා අපේක්ෂාවෙන් කටයුතු කිරීම සතුටින් දන්වා සිටින අතරල එය බැංකුවේ ස්ථාවරත්වය සහ වර්ධනයට  ඇති හැකියාව තවදුරටත් වැඩි දියුණු කරන වැදගත් පියවරක් ලෙස හඳුන්වාදිය හැකිය. මේ පිළිබඳව තවත් තොරතුරු ඉදිරියේදී පලකිරීමට බැංකුව කටයුතු සුදානම් කර ඇත.

2023 දී ජුනි මාසයේදී ශාන්ති ඥානප‍්‍රගාසම්  මහත්මිය කාගිල්ස් බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට ස්වාධීන නොවන විධායක අධ්‍යක්ෂකවරියක් ලෙස තෝරා පත්කර ගත් අතරල ඇය  සතු වූ සුවිශේෂි දැනුම් සම්භාරය සහ අත්දැකීම් ඔස්සේ බැංකුවේ ඉහල කළමනාකාරිත්වයට බැංකු මෙහෙයුම්, ණය, අවදානම් කළමනාකරණය, භාණ්ඩාගාර, වත්කම් හා වගකීම්  කළමනාකරණය සම්බන්ධව තව තවත් මනා අවබෝධයක් ලබාදීමට ඉන් හැකියාව ලැබිණි.

 

කාගිල්ස් බැංකුව පිළිබඳව

ශ්‍රී ලංකාවේ සියල් සපිරි සේවාවන්ගෙන් යුත් විශිෂ්ටතම බැංකුව බවට පත්වීමේ දැක්ම සමඟින්, කාගිල්ස් බැංකුව ෆිච් රේටින් ලංකා විසින් A(lka) ලෙස ශ්‍රේණිගත කර ඇති අතර,එය පූර්ණ පරාසයක බැංකු සහ මූල්‍ය සේවා සපයන කාගිල්ස් සමූහයේ මූල්‍ය සේවා අංශය වේ.

කාගිල්ස් බැංකුව, භෞතිකව  මුදල් නෝට්ටු රහිත ගනු දෙනු කරන රටක් බවට පත්වීමේ , ශ‍්‍රී ලංකා මහා බැංකුවේ සුවිශේෂී දැක්මට සහය වෙමින් ලංකා QR ගෙවීම් හඳුන්වාදීමේදී ප‍්‍රථමයෙන්ම තම ගනුදෙනුකරුවන් වෙත QR කේත නිකුත් කරමින් එම ගනුදෙනු සිදු කිරීමට වෙළඳ ආයතන වෙත පහසුකම් ලබාදුන් ප‍්‍රථම බැංකුව බවටද පත්විය.

ශාඛාවල ඇති ්ඔඵ යන්ත‍්‍ර සහ ඩිජිටල් නාලිකාවලට අමතරව,දිවයින පුරා පිහිටි කාගිල්ස් ෆුඞ්සිටි ශාඛා හරහාද බැංකු කටයුතු සිදුකල හැකි අතර Cargills Cash හරහා කාගිල්ස් ෆුඞ්සිටි කවුන්ටර් මගින් මුදල් තැන්පත් කිරීම සහ මුදල් ආපසු ගැනීමේ සේවාව ලබා ගැනීමේ හැකියාව ඇත. කාගිල්ස් බැංකුවේ සේවාවන්වලට පූර්ණ පරාසයක ගිණුම්, ආයෝජන සැලසුම් ගිණුම්, ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත්,පාරිභෝගික ණය,කෘෂිකර්ම සහ ක්ෂුද්‍ර මූල්‍යකරණය, කුඩා හා මධ්‍යපරිමාණ, ව්‍යාපාරික බැංකු සේවා සහ වෙළඳ පහසුකම් ඇතුළත් වේ. සතියේ දින පහේම පැය 24 පුරා පහසු ප‍්‍රවේශයක් සහතික කරමින් නම්‍යශීලී සහ ඩිජිටල් බැංකු සේවාවන් සපයයි.

කාගිල්ස් බැංකුවේ ප‍්‍රාධාන කාර්යාලය  කොළඹ කොල්ලූපිටියේ පිහිටා ඇති අතර, මේට්ලන්ඞ්  ක්‍රෙසන්ට්, මහරගම, පරණ යොන්  වීදිය, වත්තල,මහනුවර,පේරාදෙණිය, නුවරඑළිය, හලාවත, කොටුව, රාජගිරිය, රත්නපුර, තණමල්විල, මාතර, ගාල්ල, කුරුණෑගල, කදුරුවෙල, වව්නියාව, චුන්නාකම්, යාපනය, නාවලපිටිය, මීගමුව, අනුරාධපුර සහ බණ්ඩාරවෙල යන ස්ථානවල ශාඛාවන් පවත්වාගෙන යයි.

 

Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form