Home //
Media Centre
We’re in the news.
Read all about it...
කාගිල්ස් බැංකුව සිය කාර්යසාධනයේ ශක්තිය පිළිබිඹු කරමින් පළමු කාර්තුවේදී සුවිශේෂී මෙහෙයුම් වර්ධනයක් පෙන්වයි
Tue, 15 Aug 2023

  • 2022 පළමු කාර්තුවේදී රුපියල් මිලියන 31ක අලාභය හා සසඳන විට, 2023 පළමු කාර්තුවේ පෙරබදු මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 259ක් ලෙස වාර්තා විය
  • කාර්තුවෙන් කාර්තුවට සමස්ථ මූලික වත්කම් රුපියල් බිලියන 60ක් දක්වා 11%කින් වර්ධනය විය
  • මෘදු ආන්තිකයන් සහ ණය තත්වයන් මුහුණ දුන් පීඩනය හමුවේ පසුගිය කාර්තුව අභියෝගාත්මක විය

 

2022 පළමු කාර්තුවේදී ලැබූ රුපියල් මිලියන 58ක අලාභය හා සසඳන විට කාගිල්ස් බැංකුව 2023 පළමු කාර්තුවේදී ලැබූ පසු බදු ලාභය රුපියල් මිලියන 106ක් ලෙස වාර්තා වී ඇත. කාර්තුව තුළ මූලික ව්‍යාපාර වල ශක්තිමත් ප‍්‍රගතිය සහ හානිදායක ගාස්තු අවමවීම මෙම ප‍්‍රතිඵල වලට හේතු විය.

කාර්තුව තුළ පැවති ඉහළ පොලී අනුපාත පරිසරය, බැංකුවේ සමස්ථ වත්කම් රුපියල් බිලියන 60ක් දක්වා 11%කින් පුළුල් වීම සහ කාර්තුවෙන් කාර්තුවට ණය සහ අත්තිකාරම් 8%කින් වැඩිවීම හේතුවෙන් බැංකුවේ ශුද්ධ පොලී ආදායම වසරින් වසර රුපියල් මිලියන 863ක් දක්වා 52%කිින් ඉහළ ගොස් ඇත.

කාඩ්පත් සේවා, වෙළඳාම සහ  ප්‍රේෂණ යන ව්‍යාපාරික මාර්ගවල ගනුදෙනු පරිමාව වර්ධනය වීමත් සමඟ බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් මිලියන 227ක්  බවට වාර්තා කර ඇති අතර එය වසරින් වසර 56%ක ඉහළ යාමකි. මේ අතර කාර්තුව තුළ පෙන්වූ අඩු විදේශ විනිමය ලාභය හේතුවෙන් අනෙකුත් අංශ වල වසරින් වසර සමස්ත ආදායම රුපියල් මිලියන 124ක් දක්වා 42%කින් අඩුවිය.

නම්‍යශීලී මෙහෙයුම් කාර්සාධනයේ ප‍්‍රතිිඵලයක් ලෙස, වසරින් වසර සමස්ථ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 1.2 කින් 31%ක් දක්වා ඉහළ ගියේය.

බැංකුව විසින් 2023 වසරේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 278ක දුර්වලතා ගාස්තු වාර්තා කළ අතර එය වසරින් වසර 32%ක අඩුවීමකි.  එසේ වූවද, පවතින දුර්වල ආර්ථික පසුබිම ගනුදෙනුකරුවන්ට සිය නියමිත ගෙවීම් නිසිපරිදි සපුරාලීමට ඇති හැකියාවට දිගින් දිගටම බලපෑම් ඇතිකළ නිසා ණය ප‍්‍රමිතිය කළමනාකරණය කිරීම අභියෝගයක්ව පවතී.

පිරිවැය පදනම මත මුදල් අවප‍්‍රමාණය වීම සහ උපයෝගීතා සහ අනෙකුත් වියදම් ඉහළ යාම නිසා අනෙකුත් මෙහෙයුම් වියදම් 47%කින් වැඩිවිය. මෙම තත්වයන් යටතේ සමස්ත මෙහෙයුම් පිරිවැය වසරින් වසර රුපියල් මිලියන 677කින් හෙවත් 23%කින් ඉහළ ගියේය. එසේ වූවද, වියදමට වැඩි ආදායමේ ඉහළ වර්ධනයක් වාර්තා වීමත් සමඟ, බැංකුවේ පිරිවැය සහ ආදායම් අනුපාතය 2022 පළමු කාර්තුවේ 60% සිට 2023 පළමු කාර්තුවේ 56% දක්වා මධ්‍යස්ථ තත්වයක් වාර්තා කර ඇත.

බැංකුව විසින් රුපියල් මිලියන 259ක පෙරබදු මෙහෙයුම් ලාභයක් වාර්තා කර ඇති අතර, එය පෙර වසරේ අදාළ කාර්තුවේදී වාර්තා වූ රුපියල් මිලියන 31ක පෙරබදු මෙහෙයුම් අලාබය හා සසඳන විට තියුණු වර්ධනයකි. පසු බදු ලාභය රුපියල් මිලියන 106ක් වීමට හේතු වූයේ මුල්‍ය සේවාවන් සඳහා වූ එකතුකළ අගය මත වන බදු (වැට් බදු) සහ ආයතනික ආදායම් බදු යන අංශ දෙකම ඉහළ යාමය. අනෙකුත් විස්තීරණ ආදායම් යටතේ පිළිබිඹු වූ මුල්‍ය වත්කම් වල ආයෝජනය මත රුපියල් මිලියන 156ක ශුද්ධ සාධාරණ වටිනාකමක් ලබාගැනීම නිසා කාර්තුව සඳහා වන බැංකුවේ සමස්ථ විස්තීරණ ආාදයම රුපියල් මිලියන 262ක් විය.

 

කාගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිලධාරි සෙනරත් බණ්ඩාර මහතා, බැංකුවේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳව සිය අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය,  “කාලීනව අඛණ්ඩ අභියෝගාත්මක පරිසරයක් යටතේ පැවති 2023 වසර තුළ සාධනීය ඉපයීම් ප‍්‍රවණතාවයක් ඇති කිරීමට හැකිවීම ගැන අපි සතුටු වන්නෙමු. අපගේ අවධානය යොමුකරනු ලැබූයේ ආයෝජන කළඹේ ගුණාත්මකභාවය කළමනාකරණය කිරීමට සහ සාධනීය ඉපැයීම් ගමන්පථය පවත්වා ගැනීිම සඳහා අපගේ ආයෝජන කළඹ වරණාත්මකව වර්ධනය කරන අතරම පොලී විස්තාරණය පටු කිරීමටය.

ආර්ථික දර්ශකවල ක‍්‍රමානුකූල වැඩිදියුණුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදුකරන සාකච්ඡා ශ්‍රී ලංකා ආර්ථිකයේ ප‍්‍රකෘතිමත්වීම පිළිබඳ යහපත් පෙර නිමිත්තක් වන අතර, එමගින් කේෂත්‍රය මුහුණ දෙන ආයෝජන ගුණාත්මය පිළිබඳ ආතතිය සමනය කර මධ්‍ය කාලීනව වර්ධන අවස්ථා ඇති කිරීමක් සිදු වනු ඇත.

මේ වසරේදී කාගිල්ස් බැංකු මිනි ශාඛා තුනක් විවෘත කළ අතර ප‍්‍රධාන කෘෂිකාර්මික සහ වෙළඳ කේන්ද්‍රයන් තුල ලබාදෙන සේවාවන් සවිමත් කරමින් ජූනි මාසයේදී සිය 24 වන ශාඛාව බණ්ඩාරවෙල දී විවෘත කිරීමට සැලසුම් කර ඇත. මේ වසර තුළ අපගේ සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීමටද සැලසුම් කර ඇත.

අපගේ නියාමන බැඳීම් වලට අනුකූලව බැංකුව 2023 දී එහි මූලික මහජන කොටස් නිකුතුව සඳහා සූදානම් වෙමින් සිටී. 2023 අවසන් කාර්තුවේදී ලේඛණගත කිරීම් අවසන් කරමින් ඉදිරි මාස වලදී වැඩිදුර තොරතුරු ඔබ වෙත ලබාදෙනු ඇත.

සීමාසහිත මැලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ ප‍්‍රධාන සමූහ විධායක නිලධාරී රවී ජයවර්ධන මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්‍ෂවරයෙකු ලෙස අපගේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට සාදරයෙන් පිළිගන්නෙමු. ජයවර්ධන මහතාට මානව සම්පත්, අළෙවිකරණය සහ වෙළඳපල සංවර්ධනය යන කේෂත්‍රවල පුළුල් විශේෂඥ දැනුමක් ඇති අතර, කාගිල්ස් බැංකුවේ දැක්ම සපුරා ගැනීම සඳහා ඔහුගේ දායකත්වය අපේක්‍ෂා කරමු”

බැංකු අංශයේ සමකාලීනයන්ට සමාන හෝ වඩාත් හොඳ තත්වයක් වන A(lka) දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීමක් කාගිල්ස් බැංකුව දිනා ඇත. කාර්තුව තුළ බැංකුව හිතකර ප‍්‍රාග්ධන සහ ද්‍රවශීල වත්කම් අනුපාත පවත්වාගෙන ගිය අතර 2023 මාර්තු 31 වන විට සමස්ථ ප‍්‍රාග්ධන අනුපාතය 22.48%ක් සහ ද්‍රවශීල වත්කම් අනුපාතය 32.00% ක් ලෙස වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ වඩාත්ම අන්තර්ගතවූ බැංකුව වීමේ දැක්ම සමගින්, කාගිල්ස් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට ඉතුරුම් ගිණුම්, ආයෝජන සැලසුම් ගිණුම්, ණය සහ හර කාඞ්පත්, පාරිභෝගික ණය, කෘෂිකර්ම සහ ක්‍ෂුද්‍ර මුල්‍ය ණය, සුළු හා මධ්‍ය පරිමාන සහ ව්‍යාපාර බැංකුකරණ විසඳුම් සහ වෙළඳ පහසුකම් ඇතුළු පූර්ණ පරාසයක නිෂ්පාදන සහ සේවාවන් සපයයි. දවසේ පැය 24 පුරාම සහ සතියේ දින හත පුරාම ප‍්‍රවේශය සහ පූර්ණ පහසුව සහතික කරමින් බැංකුව නම්‍යශීලී සහ පහසු ඩිජිටල් බැංකු සේවාවන් මාලාවක්ද පිරිනමා ඇත. කාගිල්ස් කෑෂ් සේවාවේ අනුග‍්‍රහයෙන් දීප ව්‍යාප්ත කාගිල්ස් ෆුඩ් සිටි අලෙවිසැල් හරහා කාගිල්ස් බැකු ගිණුම් වෙත ප‍්‍රවේශ විය හැකි අතර, පාරිභෝගිකයින්ට  ඕනෑම කාගිල්ස් ෆුඞ්සිටි කවුන්ටරයකින් නොමිලයේ මුදල් ආපසු ලබා ගැනිමේ සහ තැන්පත් කිරිමේ සේවාවන් ලබාගත හැකිය. බැංකුවේ මූලස්ථානය කොළඹ කොල්ලූපිටියේ පිහිටා ඇති අතර, දිවයින පුරා ප‍්‍රධාන කෘෂිකාර්මික සහ වානිජ කේන්ද්‍රස්ථාන වල ශාඛා ජාලයක් සහ කුඩා ඒකක පවත්වාගෙන යයි.

 

Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form