
ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහන (NADeP) ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ සංවර්ධන සහ විශේෂ ව්‍යාපෘති අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන අතර එය කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙන් (IFAD) ලබා දෙන ණය පහසුකම් මගින් අරමුදල් ලබා ගනී. මෙම වැඩසටහන කුඩා පරිමාණ කෘෂි නිෂ්පාදකයින් ඉලක්ක කර ගැනීම මගින් වටිනාකම් දාම සංවර්ධනය සහ අලෙවිකරණ සම්බන්ධතාවන්හි හවුල් ව්‍යාපාරයක් පවත්වාගැනීම සඳහා පුද්ගලික අංශයේ ආයතන හෝ ගොවි සංවිධාන (FBOs) (සමාගම්, හවුල්කාරිත්ව සහ තනි පුද්ගල ව්‍යාපාර) සමග සහයෝගිතාවයෙන් ක්‍රියා කරයි.
පශ්චාත් ආපදා ආර්ථික පුනරුත්තාපන ණය (PEARL) ක්‍රමය (NAEDP යටතේ)
මෑත කාලීනව ගංවතුර සහ නියඟයන් හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර/කුඩා ව්‍යවසායයන්හි පශ්චාත් ආපදා ප්‍රතිසාධන සහය ලබා දීමට ඇති පරමාර්ථය සහිතව කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) විසින් අරමුදල් සම්පාදනය කරන ලද ජනාධිපති ලේකම් කාර්යාල යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති කළමනාකරණ ඒකකය (PMU) මගින් ක්‍රියාත්මක කරනු ලබන පශ්චාත් ආපදා ආර්ථික පුනරුත්ථාපන ණය (PEARL) ක්‍රමයයි. ශ්‍රී ලංකා මහබැංකුවේ (CBSL) ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව (RDD), මෙම ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය ලෙස ක්‍රියා කරයි. ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පළමු වාරිකය ලෙස, මෙම වැඩසටහන මගින් ඩොලර් මිලියන 3.4 ක මුදලක් වෙන් කර ඇත. 2017 අගෝස්තු මාසය අවසන් වන විට අරමුදල් පරිපූරණය කිරීම අවසන් කිරීමට ව්‍යාපෘති කළමනාකරණ ඒකකය (PMU) අපේක්ෂා කරයි. 2017 සැප්තැම්බර් මස අවසානය වන විට මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අරමුදල්හි දෙවන වාරිකය ලබා දෙනු ඇත. කොන්දේසි හා නියමයන්ට අනුව මෙම ණය යෝජනා ක්‍රමය යටතේ වෙන්කර ඇති සියලු ප්‍රතිපාදන 2017 ඔක්තෝම්බර් මාසය අවසන් වන විට බැංකු විසින් ලබා දිය යුතුය. යෝජනා ක්රමයේ අරමුණු
ණය යෝජනා ක්රමයේ මූලික අරමුණ වන්නේ මෑතකදී ගංවතුර සහ නියඟ නිසාවෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර/කුඩා ව්‍යාපාර වල පශ්චාත් ආපදා ප්‍රතිසාධනය කිරීමේ උත්සාහයේ නියුතු ණයගැතියන් (පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම්) හට ඔවුන්ගේ ව්‍යාපාරයන් හෝ ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීම සඳහා වන අරමුදල් අවශ්‍යතා සැපයීම මගින් සහය වීමයි.
මෙහෙයුම් ප්‍රදේශ ගංවතුරින් පීඩාවට පත්වූ ප්‍රදේශ කෑගල්ල, රත්නපුර, ගාල්ල, හම්බන්තොට, මාතර, නුවරඑළිය, කළුතර, ගම්පහ සහ කොළඹ යන ප්‍රදේශ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය (PMU) මගින් ගංවතුරින් පීඩාවට පත්වූ ප්‍රදේශ ලෙස තීරණය කර ඇත. කෙසේ වුවද, මෙම වැඩසටහනෙහි අරමුණු සඳහා, මුළු දිවයිනටම නියඟයෙන් බලපෑම් ඇති වූ බවට සලකා ඇත.
ණය යෝජනා ක්රමයෙහි මූලික ලක්ෂණ
ඉහත සඳහන් කර ඇති ප්‍රදේශයන්හි මෑත කාලීනව ගංවතුර/නියඟ හේතුවෙන් ආපදාවට ලක්වූ, තම මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට අරමුදල් අවශ්‍ය කරන ඕනෑම ව්‍යාපාරයක්/කුඩා ව්‍යාපාරයක්.
PFI මගින් ලබා දුන් අරමුදලෙන් 100%ක් දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් උප ණය සඳහා ප්රතිමූල්යකරණ ලබා දෙනු ඇත.
PFI සඳහා – 3.25 % වාර්ෂිකව
අවසන් ණය ගැණුම්කරුවන්ට – 6.50% වාර්ෂිකව
NADeP ලබා දීමට ‘පෙර’ සහ ‘පසු’ ගවමඩු වල ස්වරුපය
NADeP හරහා ලබා දුන් කිරි දොවන යන්ත්‍ර හා තණ කපන යන්ත්‍ර
මෙම ණය යෝජනා ක්‍රමය මගින් නවතම සහ දැනට පවතින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට, ව්‍යසනයන්ට ලක්වීමෙන් පසුව එම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා මුල්‍ය ආධාර ලබා දීම සිදු කෙරේ.
මෙහෙයුම් ප්‍රදේශ
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක
ඔබට අයදුම් කිරීමටනම්,
· ඔබගේ ව්‍යාපාරය නීති සහ රෙගුලාසිවලට අනුකූලව ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාවේ පවත්නා සහ බලසම්පන්න පරිසර නීති සහ රෙගුලාසි වලට අනුකූලව ක්‍රියාත්මක විය යුතුය.
· යෝජිත ව්‍යාපෘතියට හොඳ මූල්‍ය ප්‍රවාහයක් සහ හොඳ ආපසු ගෙවීමේ ධාරිතාවක් ඇති බවට බැංකුව සෑහීමකට පත්වේ.
පොළී අනුපාතය
8% වාර්ෂිකව
ඔබට ලබා ගත හැකි ණය
ආපසු ගෙවීමේ කාලය
මාස 06ක සහන කාලයක් ඇතුලත මාස 60ක් ඇතුලත (සහන කාල සීමාව ඇතුලත පොළී ගාස්තු අය කෙරේ)
සුරැකුම්
සියලුම ගොවිමහතුන් වෙත ලඟා වීමට මහත් පරිශ්‍රමයක් දරන කාගිල්ස් බැංකු සේවක මණ්ඩලය – සමීපත්වය අපට ගැටළුවක් නොවේ!