මුල් පිටුව // පුද්ගලික
වෙළඳ සේවා
ඔබගේ වෙළඳ ව්‍යාපාරය
දියුණුවේ හිණි පෙත්තට රැගෙන යන්න
011 7 640 640

පාරිභෝගික රුචිකත්වය මත තෝරාගත් කාඩ්පත භාවිතයට අවස්ථාව සළසා දෙමින් ඔබගේ ව්‍යාපාරයට සවියක් වීමට අපට අවස්ථාව ලබාදෙන්න.

ඔබ කාගිල්ස් බැංකුවේ වෙළඳ ගනු‍දෙනු කරුවෙකු විය යුත්තේ ඇයි?

ගනුදෙනුකරුවන් සිය මිලදීගැනීම් වෙනුවෙන් කරනු ලබන ගෙවීම්, කවුන්ටර් මගින් හෝ වෙබ් අඩවි හරහා හෝ  (ණයපත්, හරපත් මගින්) කුමන ආකාරයෙන් සිදුකළද ඊට ඔබගේ ව්‍යාපාරය විවර කරවීමට කාගිල්ස් බැංකුව දැන් සූදානම්.

අසමසම ජාත්‍යන්තර මට්ටමේ ආරක්‍ෂක ක්‍රමවේදය අනුව චිප් / රහස්‍ය කේත අංක සහිත (Chip/Pin) හා ස්පර්ෂ කිරීමකින් තොරව (Contactless) ගණුදෙනු සම්පූර්ණ කිරීමේ පහසුකම් ඇති යන්ත්‍ර (POS) හරහා දේශීයව හා ලොව පුරා පිළිගත් මාස්ටර්කාඩ් / වීසා කාඩ් (MasterCard / Visa) හරහා උපරිම පහසුවකින් ගනුදෙනු කිරීමට ව්‍යාපාරයන්ට දැන් අවස්ථාව උදාවී ඇත.

කාඩ්පත් මගින් කරන ගෙවීම් කිරීමට පහසුකම් සැලසීමෙන් ඔබගේ ව්‍යාපාරයට අත්වන ප්‍රතිලාභ
  • අළෙවිය වර්ධනය වීම – ඔබගේ ව්‍යාපාරයේ ප්‍රගතිය අත්පිට මුදල මත පමණක් සිදුකරන ගනුදෙනුවලට සීමා නොවීම.
  • සීග්‍රවර්ධනය හා මුදල් ප්‍රවාහය වැඩි දියුණු වීම.
  • එක් බිල්පතකින් ඉපැයියහැකි සාමාන්‍ය ආදායම් අගය වැඩිවීම.
  • ඵලදායීතාව වැඩිවීම.
  • පිරිවැය හා පරිපාලන වියදම් මෙන්ම මුදල් රඳවා ගෙන සිටීමේ අවදානම හා ආරක්‍ෂක අවශ්‍යතා අඩුවීම,
  • පාරිභෝගික අත්දැකීම් වර්ධනය, කඩිනමින් භාණ්ඩ රැගෙන පිටවීමට පාරිභෝගිකයාට අවස්ථාව ලැබීම, නම්‍යශීලීබව හා පහසුව, පහසුවෙන් ගෙවීමේ හැකියාව හා ප්‍රතිලාභ ලැබීම.
  • යාවත්කාලීනවීමෙන් ඔබගේ ව්‍යාපාර ප්‍රතිරූපය හා විශ්වසනීයත්වය වර්ධනය වීම

වෙළඳ සේවාවන්ට අදාල සියළු ගැටළු කාගිල්ස් බැංකුව වෙත යොමු කරන්න.

අපගේ ක්‍ෂණික ඇමතුම් අංකය : +94 (0) 117 640740

අපගේ විද්‍යුත් ලිපිනය: merchant.service@cargillsbank.com

අපගේ ලිපිනය: සීමාසහිත කාගිල්ස් බැංකුව, වෙළඳ සේවා අංශය, 34 – 1 මහල, මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, කොළඹ 07′

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form