Home //
Media Centre
We’re in the news.
Read all about it...
කාගිල්ස් බැංකුව විසින් 15%ක මුදල් ආපසු ලබාදීමේ දීමනාව අත්විඳි හොඳම පාරිභෝගිකයන් පස්දෙනා ඇගැයීමට ලක් කරයි
Thu, 30 Jan 2020

කාගිල්ස් බැංකුව විසින් 15%ක මුදල් ආපසු ලබා දීමේ දීමනාව අත්විඳි හොඳම පාරිභෝගිකයින් පස් දෙනා ඇගයීමට ලක් කරයි.

කාගිල්ස් ෆුඩ් සිටි ආයතනය හා එක්ව කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලැබූ 15%ක මුදල් ආපසු ලබා දීමේ දීමනාව වඩාත් ඵලදායී ලෙස භාවිතා කර 2018 අගෝස්තු මස සිට 2019 දෙසැම්බර් දක්වා ඉහළතම ඉතිරියක් හිමි කර ගනු ලැබූ හොඳම පාරිභෝගිකයින් පස් දෙනා කාගිල්ස් බැංකුව විසින් තෝරාගන්නා ලදී. කාගිල්ස් ෆුඩ් සිටි තුල පිරිනමනු ලැබූ 15%ක මුදල් ආපසු ලබා දීමේ දීමනාව හරහා කාගිල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතයෙන් කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවන් මගින් භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් හට සෑම මසකම රු. 7,500ක් දක්වා මුදල් ඉතිරි කර ගැනීමේ අවස්ථාව හිමි විය.

මෙම හොඳම පාරිභෝගිකයන් පස් දෙනා ඇගයීමට ලක් කිරීම, කාගිල්ස් බැංකු කළමනාකරණ අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිලධාරී රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතාගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී. තම පාරිභෝගිකයින් අමතමින් ඒ මහතා පැවසූ පරිදි,

“කාගිල්ස් ෆුඩ් සිටි හා එක්ව කාගිල්ස් බැංකුව විසින් ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන් සඳහා ලබා දුන් 15%ක මුදල් ආපසු ලබා දීමේ දීමනාව අත්විඳිනු ලැබූ හොඳම පාරිභෝගිකයින් පස් දෙනා ඇගයීමට ලක් කිරීමට හැකිවීම අප ලැබූ ගෞරවයක් මෙන්ම ඉමහත් සතුටකි. කාගිල්ස් ආයතන පද්ධතිය තුල අපගේ පාරිභෝගිකයින් සඳහා වඩාත් හොඳම දීමනාවන් පිරිනැමීමට අපි උත්සාහ කරන්නෙමු. අප බැංකුව සමග ඔබ අඛණ්ඩව රැඳී සිටීම අප ලැබූ ගෞරවයක් වන අතර තවදුරටත් වඩා ඉහල ප්‍රතිලාභයන් සහ සුවිශේෂී අංගයන්ගෙන් යුත් සේවාවක් ඔබ වෙත ලබා දීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

මෙම හොඳම පාරිභෝගිකයින් පස් දෙනා ලෙස  ඇගයීමට ලක් වූයේ, අතුල පුෂ්පකුමාර මහතා – මාතර, නයෝමාල් බස්නායක මහතා – කොළඹ 02, සුරේන්  ජේකබ් මහතා – කොළඹ 15, සේනක සපරමාදු මහතා – බත්තරමුල්ල, සහ දීඝායු විතානගේ මහතා – වංචාවල යන අයයි.

මෙම සංකල්පය පිලිබඳ අදහස් දක්වමින් සේනක සපරමාදු මහතා පැවසු පරිදි, “ මා මේ වන විට වසරකට අධික කාලයක් කාගිල්ස් බැංකුවෙහි පාරිභෝගිකයෙකු ලෙස ඔවුන් සමගින් සම්බන්ධ වී සිටී. මෙම සංකල්පය ඉතා වටිනා සංකල්පයක් වන අතර එය කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවන්හි භාණ්ඩ මිලදී ගැනීමේදී හිමිවන අමතර බෝනස් දීමනාවක් වේ. තවද, කාඩ්පත සතු ආරක්‍ෂිත අංගයන් ඉතා උසස් මට්ටමක පවතින අතර එයින් පාරිභෝගිකයින්හට ඉතා පහසුදායී සේවාවක් සපයනු ලබයි.”

සුරේන්  ජේකබ් මහතා; “මෙම මුදල් ආපසු ලබා දීමේ දීමනාව, කාගිල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගැනීම සඳහා මා ඇතුළුව තවත් පාරිභෝගිකයින් රැසක් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ අතර එය ලබා ගත් අවස්ථාවේ සිට කාගිල්ස් ෆුඩ් සිටි මගින් මා හට මිලදී ගැනීමට අවශ්‍ය වූ සෑම භාණ්ඩයක්ම කාගිල්ස් ක්‍රෙඩිට් කාඩ්පත භාවිතයෙන් මිලදී ගනු  ලැබිමෙන් එහි අඩංගු ප්‍රතිලාභ භුක්ති විදීමට මට හැකිවුණි.

නයෝමාල් බස්නායක මහතා; “ඔබ වියදම් කල මුදලින් 15%ක් වැනි වටිනා ප්‍රමාණයක් නැවත ඉතිරි කර ගත් බව දැන ගැනීම ඉතා හොඳ හැඟීමකි. මා සහ මාගේ භාර්යාව කාගිල්ස් ෆුඩ් සිටි වෙත නිතර පැමිණෙන පාරිභෝගිකයින් වන අතර එමගින් භාණ්ඩ මිලදී ගැනීමේදී සෑම විටම කාගිල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත පමණක්ම භාවිතා කරන්නෙමු.”

දීඝායු විතානගේ මහතා ; “මා ආරම්භයේ සිටම කාගිල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කර ඇති අතර මෙම දීමනාව හේතුවෙන් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව හිමි විය. කාගිල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත පිලිබඳ මා සැබවින්ම සෑහීමකට පත්වන අතර මාගේ පවුලේ සාමාජිකයින් සහ හිතමිත්‍රාදීන් හටද මාගේ ජීවිතය පහසු කල මෙම සුවිශේෂී කාඩ්පත ලබා ගැනීමට කටයුතු කරන ලෙස පැවසීය.”

අතුල පුෂ්පකුමාර මහතා; “මෙම කාඩ්පත හඳුන්වාදුන් කාලසීමාවේ සිටම මා එය භාවිතා කිරීමට පෙළඹුනේ මා හට ඉතා සමීපතමයින් කිහිප දෙනෙකු විසින්ම මෙම කාඩ්පත මා හට නිර්දේශ කල නිසාවෙනි.  මා කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවන්හිදී කාගිල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත නිතර භාවිතා කරන පාරිභෝගිකයෙකු වන අතර එය මාගේ මුදල් විශාල වශයෙන් ඉතිරි කර ගැනීමට උපකාරී විය. මෙය දැනට වෙළඳපොළෙහි පවතින හොඳම ක්‍රෙඩිට් කාඩ්පතයි.”

කාගිල්ස් බැංකු සහකාර සාමාන්‍යාධිකාරී – කාඩ්පත් සේවා – මහේෂා අමරසූරිය මහත්මිය පැවසු පරිදි,

“කාගිල්ස් ෆුඩ් සිටි සමග සම්බන්ධව ලබා දුන් 15% ක මුදල් ආපසු ලබා දීමේ මෙම දීමනාව, කාගිල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීම සහ පාරිභෝගිකයින් තව තවත් කාඩ්පත සමග සම්බන්ධ කර ගැනීම ඉහල නැංවීම සඳහා මෙන්ම එම පාරිභෝගිකයින් කාගිල්ස් ආයතන පද්ධතිය සමග සම්බන්ධ කර ගැනීම සඳහා සැලසුම් කරන ලද ප්‍රවර්ධන ව්‍යාපාරයක් වේ. “නැවුම්බව උපරිමයෙන්” යන තේමාව යටතේ අපගේ මීළඟ ආකර්ශනීය ප්‍රවර්ධන වැඩසටහන දියත් කිරීමට නියමිත අතර අපගේ මෙම ගමන් මගෙහි කොටස්කරුවන් බවට පත් වීමට අපගේ වටිනා පාරිභෝගිකයින්හට අපි ඇරයුම් කරන්නෙමු.”

මේ අතරතුර කාගිල්ස් ෆුඩ් සිටි ජාලය සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. සියලුම කාගිල්ස් ෆුඩ් සිටි නව ශාඛාවන් මගින් පාරිභෝගිකයින් හට ක්‍රෙඩිට් කාඩ්පත් බිල්පත් පියවීමේ හැකියාවද ඇතුළුව මුදල් තැන්පත් කිරීමේ හා මුදල් ආපසු ගැනීමේ පහසුකම හිමිවනු ඇත.

කාගිල්ස් යනු සාරධර්ම සහ සදාචාරය මත පදනම්ව ගොඩනැගුනු, වසර 175ක් පුරා ශ්‍රී ලාංකිකයන් හට විශ්වාසවන්තව සේවය කරනු ලබන සන්නාම නාමයකි. ‘දිරියට පණ දෙන බැංකුව’ යන තේමාවෙහි උරුමයන්ට අනුව යමින්, කාගිල්ස් බැංකුව ඉහල ප්‍රවේශ වීමේ හැකියාවක් සහිතව මහජනතාව වෙත බැංකුකරණය රැගෙන යමින් පවතී. විශේෂිත වූ පිරිනැමීම් රැසක් ලබා දෙනු ලබන කාගිල්ස් බැංකු ඩෙබිට් කාඩ්පත, මේ වන විට අපගේ විචක්ෂණශීලි පාරිභෝගිකයින් සඳහා නැතිවම බැරි අංගයක් බවට පත් වී ඇත.

වර්තමානයේදී, කාගිල්ස් බැංකු ප්‍රධාන  කාර්යාලය කොල්ලුපිටියෙහි පිහිටා ඇති අතර, මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, මහරගම, පරණ යොන් වීදිය, වත්තල, රාජගිරිය ,මහනුවර, පේරාදෙණිය, නුවරඑළිය, රත්නපුර, තණමල්විල, මාතර, ගාල්ල, කුරුණෑගල, කදුරුවෙල, වව්නියාව, චුන්නක්කම්, යාපනය, හලාවත සහ කොටුව යන ප්‍රදේශයන්හි බැංකු ශාඛාවන් පිහිටා ඇත.

ඡායාරූපය

සුරේන් ජේකබ් මහතා, අතුල පුෂ්පකුමාර මහතා, දීඝායු විතානගේ මහතා, රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා (MD/CEO – කාගිල්ස් බැංකුව) , මහේෂා අමරසූරිය මහත්මිය (AGM – කාඩ්පත් සේවා – කාගිල්ස් බැංකුව) , නයෝමාල් බස්නායක මහතා, සේනක සපරමාදු මහතා

Source: https://mawbima.lk/feature/4/feature-more/4256

Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form