Home //
Media Centre
We’re in the news.
Read all about it...
කාගිල්ස් බැංකුව සිය නවතම ශාඛාව රාජගිරිය නගරයේදී විවෘත කරයි
Wed, 4 Apr 2018

 

 

 

කාගිල්ස් බැංකුව සිය ශාඛාවන් දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලියෙහි කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර නගරයෙහි සිය නවතම ශාඛාව ලෙස රාජගිරිය ශාඛාව විවෘත කරන ලදී. අංක 395, ශ්‍රී ජයවර්ධනපුර මාවත, වැලිකඩ, රාජගිරිය යන ස්ථානයෙහි කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාව තුල පිහිටා ඇති මෙම ශාඛාව, අභිනවයෙන් විවෘත වූ කාගිල්ස් බැංකුව සතු 18වන බැංකු ශාඛාවයි.

මෙම නවතම ශාඛාව, ප්‍රධාන ආරාධිත සිමාහිත කාගිල්ස් බැංකුවෙහි සභාපති සහ විධායක නොවන අධ්‍යක්ෂක ලුවී පේජ් මහතා, විශේෂ ආරාධිත සීමාසහිත කාගිල්ස් බැංකුවෙහි නියෝජ්‍ය සභාපති සහ විධායක නොවන අධ්‍යක්ෂක රන්ජිත් පේජ් මහතා සහ කොකා – කෝලා සමාගමෙහි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ජේම්ස් ක්වින්සි මහතා අතින් කාගිල්ස් (සිලෝන්) PLC හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී / කළමනාකාර අධ්‍යක්ෂක ඉම්තියාස් වාහිඩ් මහතා, සීමාසහිත කාගිල්ස් Foods Company පුද්ගලික සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී සිදත් කොඩිකාර මහතා, සීමාසහිත කාගිල්ස් Foods Company පුද්ගලික සමාගමෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිරෝෂන් ද සිල්වා මහතා, සීමාසහිත කාගිල්ස් බැංකුවෙහි කළමනාකාර අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිලධාරී රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා, සීමාසහිත කාගිල්ස් බැංකුවෙහි විධායක අධ්‍යක්ෂක ප්‍රභූ මාදවන් මහතා, සීමාසහිත කාගිල්ස් බැංකුවෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රොහාන් මුත්තයියා මහතා, සීමාසහිත කාගිල්ස් බැංකුවෙහි පාරිභෝගික බැංකුකරණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දර්ශන රත්නායක මහතා සහ කාගිල්ස් බැංකු රාජගිරිය ශාඛා කළමනාකාර එරංග සිල්වා මහතා යන අයගේ සහභාගිත්වයෙන් විවෘත කරන ලදී.

සීමාසහිත කාගිල්ස් බැංකුවෙහි කළමනාකාර අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිලධාරී රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා පවසන පරිදි,

“අපගේ නවතම ශාඛාව, සීග්‍රයෙන් සංවර්ධනය වෙමින් වෙනස් වන රාජගිරිය නගරයෙහි විවෘත කිරීමට හැකි වීම පිළිබඳව අපි ඉමහත් සතුටට පත්වෙමු. මෙම නවතම ශාඛාව විවෘත කිරීමත් සමගම අපගේ ශාඛා ජාලයද ක්‍රමයෙන් ව්‍යාප්ත වන අතර වසරේ දින 365 පුරා දීර්ඝ බැංකුකරණ කාලසීමාවන් තුලදී සුපිරි වෙළඳසැල් තුල බැංකුකරණයෙහි යෙදීමේ අවස්ථාව සලසා දෙනු ලබන අනර්ඝ වූ අත්දැකීම, අපගේ බහුතර ප්‍රජාව වෙත ලබා දීමට හැකිවීම සතුටට කරුණකි. මෙලෙස අපගේ ශාඛා ජාලය ව්‍යාප්ත කිරීම මගින්, බැංකුකරණය හා සුපිරි වෙළඳ සැල මගින් භාණ්ඩ මිලදී ගැනීම යන දෙකම එකම වහලක් යටදී සිදු කර ගැනීමට අවස්ථාව සලසා දෙනු ලබන, සුපිරි වෙළඳසැල් බැංකුකරණ සංකල්පය පිළිබඳව අපගේ ඇති කැපවීම පිළිබිඹු කරයි.”

කාගිල්ස් යනු සාරධර්ම සහ සදාචාරය මත පදනම්ව ගොඩනැගුනු, වසර 173ක් පුරා ශ්‍රී ලාංකිකයන් හට විශ්වාසවන්තව සේවය කරනු ලබන සන්නාම නාමයකි. ‘දිරියට පන දෙන බැංකුව’ යන තේමාවෙහි උරුමයන්ට අනුව යමින්, කාගිල්ස් බැංකුව ඉහල ප්‍රවේශ වීමේ හැකියාවක් සහිතව මහජනතාව වෙත බැංකුකරණය රැගෙන යමින් පවතී. පාරිභෝගිකයන් හට අපගේ නවතම කාගිල්ස් කෑෂ් ඉතුරුම් ගිණුම් සේවාව මගින් දිවයින පුර විසිරී පවතින 330කට අධික කාගිල්ස් Food City ශාඛාවන් හරහා සිය භාණ්ඩ මිලදී ගැනීම් මෙන්ම බැංකු කටයුතුද එකම ස්ථානයකදී ඉතා පහසු ආකාරයකින් සිදුකිරීමේ හැකියාව ලබා දී ඇත. විශේෂිත වූ පිරිනැමීම් රැසක් ලබා දෙනු ලබන කාගිල්ස් බැංකු ඩෙබිට් කාඩ්පත, මේ වන විට අපගේ විචක්ෂණශීලි පාරිභෝගිකයින් සඳහා නැතිවම බැරි අංගයක් බවට පත් වී ඇත.

වර්තමානයේදී, කාගිල්ස් බැංකු ප්‍රධාන කාර්යාලය කොල්ලුපිටියෙහි පිහිටා ඇති අතර, මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, මහරගම, පරණ යොන් වීදිය, වත්තල, මහනුවර, පේරාදෙණිය, නුවරඑළිය, රත්නපුර, තණමල්විල, මාතර, ගාල්ල, කුරුණෑගල, කදුරුවෙල, වව්නියාව, චුන්නක්කම්, සහ යාපනය යන ප්‍රදේශයන්හි බැංකු ශාඛාවන් පිහිටා ඇත.

 

ඡායාරූපය : වමේ සිට දකුණට – සීමාසහිත කාගිල්ස් බැංකුවෙහි සභාපති සහ විධායක නොවන අධ්‍යක්ෂක ලුවී පේජ් මහතා, සීමාසහිත කාගිල්ස් බැංකුවෙහි කළමනාකාර අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිලධාරී රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා, කොකා – කෝලා සමාගමෙහි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ජේම්ස් ක්වින්සි මහතා

Source: http://biz.adaderana.lk/%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80-%E0%B7%83%E0%B7%92%E0%B6%BA-%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8-2/

Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form