සුවහසක් වූ ලාංකීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමෙහිලා ප්‍රජා සවි බල ගැන්වීමේ අරමුණු පෙරදැරි කර ගනිමින්, කාගිල්ස් බැංකුව මෑතකදී දෙහිවල වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් දියත් කළේය. ස්වේච්ඡාවෙන් සහභාගි වූ බැංකු නිලධාරීන් 80 දෙනෙකුට අධික පිරිසක් මෙම වෙරළ තීරය පවිත්‍ර කිරීම සඳහා එක්වූහ. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සාගර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ දෙහිවල නගර සභාවේ සහයෝගීතාවය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම වැඩසටහන හරහා දෙහිවල වෙරළ තීරයේ අපද්‍රව්‍ය තිරසාර ලෙස කළමනාකරණය කිරීම, සහ සාගර පරිසර පද්ධති දූෂණයෙන් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත් අපේක්ෂා කෙරිණි. මෙහි ප්රයත්නය සමාජය සවිබල ගැන්වීම උදෙසා කාගිල්ස් බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් වැඩසටහන් මාලාවක එක් පියවරක් වන අතර, මුල සිටම ජනතාව දැනුවත් කිරීම වැනි ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරුණි.
මෙම අවස්ථාවට එක්වෙමින් කාගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සෙනරත් බණ්ඩාර මහතා සිය අදහස් දක්වමින්: “මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා කැපවූ අපගේ කාර්ය මණ්ඩලයට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. බැංකුවේ අරමුණු තුළ අන්තර්ගත ‘ප්‍රජා සංවර්ධන හැඟීම’ ඔවුන් මැනවින් ප්‍රායෝගිකව පෙන්නුම් කර තිබෙනවා.” යනුවෙන් පැවසීය.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්, ” ශ්‍රී ලාංකීය ප්‍රජාව ශක්තිමත් කිරීමට කාගිල්ස් බැංකුව නිරන්තරයෙන් කැපවී සිටිනවා. එය මෙවන් තිරසාර පරිසර සංරක්ෂණ වැඩසටහන් හරහා මෙන්ම, අපගේ උරුමයක් වන දේශීය කෘෂිකර්මාන්තයට සහ ග්‍රාමීය ප්‍රජාවට සහයෝගය ලබා දීම හරහා ද ඉටු කරනු ලබනවා. මෙවැනි වැඩසටහන් මගින් වෙරළ සංරක්ෂණයේ වැදගත්කම සහ අපගේ සුන්දර වෙරළ තීරයන් පිරිසිදුව තබා ගැනීමේ පණිවිඩය සමාජගත කිරීමට අපට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යැයි පැවසීය.
ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුණු, සෑම ශ්‍රී ලාංකිකයෙක් වෙනුවෙන්ම වෙන් වූ ශ්‍රී ලාංකීය බැංකුව (inclusive) බවට පත්වීමේ දැක්ම සහිත කාගිල්ස් බැංකුව, ෆිච් ශ්‍රේණිගත කිරීම අනුව A(lka) ශ්‍රේණිගත කිරීම හිමිකරගෙන ඇති අතර, එය කාගිල්ස් සමූහයේ මූල්‍ය සේවා හස්තය ලෙස පුළුල් පරාසයක බැංකු සහ මූල්‍ය සේවාවන් සපයයි. බැංකු ශාඛා, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) සහ ඩිජිටල් මාධ්‍යයන්ට අමතරව, දිවයින පුරා පිහිටි කාගිල්ස් රීටේල් (Cargills Retail) අලෙවිසැල් හරහාද කාගිල්ස් බැංකු ගිණුම් වෙත ප්‍රවේශ වීමේ පහසුකම පවතී. මෙම සුපිරි වෙළඳසැල් බැංකු සේවාව යටතේ දිවයින පුරා පිහිටි 530කට අධික කාගිල්ස් අලෙවිසැල් ජාලය හරහා මුදල් තැන්පතු සහ ආපසු ගැනීම්, ගාස්තු රහිතව සිදුකිරීමේ පහසුකම පාරිභෝගිකයින්ට හිමිවේ.
කොළඹ කොල්ලුපිටියේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති කාගිල්ස් බැංකුව, මේට්ලන්ඩ් ක්‍රෙසන්ට්, මහරගම, පරණ යොන් වීදිය, වත්තල, මහනුවර, පේරාදෙණිය, නුවරඑළිය, හලාවත, කොටුව, රාජගිරිය, රත්නපුර, තණමල්විල, මාතර, ගාල්ල, කුරුණෑගල, කදුරුවෙල, වවුනියාව, චුන්නාකම්, යාපනය, නාවලපිටිය, මීගමුව, අනුරාධපුරය, බණ්ඩාරවෙල, කුලියාපිටිය සහ කෑගල්ල යන නගරවල ශාඛා පවත්වාගෙන යයි. මීට අමතරව තෝරාගත් කාගිල්ස් ෆුඩ් සිටි (Cargills Supermarket) අලෙවිසැල් තුළ පිහිටි කාගිල්ස් බැංකු MINI සේවා ස්ථාන 29ක් මගින් ගිණුම් විවෘත කිරීම සහ පාරිභෝගික සහාය වැනි සේවාවන් සපයමින් බැංකුවේ ශාඛා ජාලය තවදුරටත් ශක්තිමත් කර ඇත.

