Home //
Media Centre
We’re in the news.
Read all about it...
කාගිල්ස් බැංකුව 2025 පළමු අර්ධය සඳහා බදු පසු ලාභය වශයෙන් රුපියල් මිලියන 240 ක් වාර්තා කරයි
Mon, 22 Sep 2025

සුවිශේෂී මූල්‍ය ප්‍රථීඵල:
• 2025 වර්ෂයේ පළමු අර්ධය සඳහා වාර්තා වූ බදු පෙර ලාභය රුපියල් මිලියන 464 ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් මිලියන 158 ක වර්ධනයක් පෙන්නුම් කරයි.
• ශ=ද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් මිලියන 55 කින් වර්ධනය වී ඇත.
• සාධාරණ වෙළඳ වටිනාකම මත පදනම්ව මූල්‍ය වත්කම් ඉවත් කිරීමෙන් සමාගමට ලැබුණු ශ=ද්ධ ලාභය රු. මිලියන 83කින් වැඩිවී තිබේ.
• කාගිල්ස් බැංකුව තව දුරටත් ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතාවය අතින් ශක්තිමත් පදනමක පසු වෙයි.
 මුළු ප්‍රාග්ධන අනුපාතය :CAR- -18.06%.
 ද්‍රවශීලතා ආවරණ අනුපාතය : LCR- රුපියල් සඳහා – 174.93%, සියලූ විනිමය සඳහා – 138.68%.
 ශ=ද්ධ ස්ථාවර මූල්‍ය අරමුදල් අනුපාතය : NSFR- – 127.71%.
 සමස්ත වත්කම් රු. බිලියන 4.2 කින් වර්ධනය වෙයි.
2025 වසරේ ජුනි 30 වැනි දිනයෙන් අවසන් වූ පළමු අර්ධ වර්ෂය සඳහා කාගිල්ස් බැංකුව විසින් බදු පසු ලාභය රුපියල් මිලියන 240 ක් ලෙසින් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ එම අර්ධ වාර්ෂිකයට සාපේක්ෂව රුපියල් මිලියන 104 ක වර්ධනයකි. ඒ අනුව බැංකුවේ ශ=ද්ධ පොලී ආදායම රුපියල් මිලියන 1,836 ක් ලෙසින් වාර්තා වෙන අතර එය පෙර වසරේ මෙම කාල පරිච්ඡේදයට සාපේක්ෂව රුපියල් මිලියන 178 ක වර්ධනයකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශයන් අනුව යමින් වෙළඳපොළ පොලී අනුපාතයන්වල අඩු වීමක් සිදු වූ අතර බැංකුවේ ශ=ද්ධ තැන්පතුවල ද සුළු අඩුවීමක් වාර්තා වී ඇත. වෙළෙඳපොල තත්ත්වයන් නිරූපණය කිරීමට, ශ=ද්ධ පොලී ආන්තික අනුපාතය ප්‍රශස්ත ආකාරයෙන් කළමනාකරණය කිරීමට සහ බැංකුව සතු තැන්පතු හා අත්තිකාරම් ප්‍රමිතිකරණය කිරීම කෙරෙහි බැංකුව අවධානය යොමු කිරීමට කටයුතු කරයි.
මෙම වසරේ පළමු අර්ධ වාර්ෂිකයේදී ශ=ද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් මිලියන 440 ක් වාර්තා කර ඇති අතර එය පෙර වසරේ මෙම කාල පරිච්ඡේදයට සාපේක්ෂව රුපියල් මිලියන 55 ක වර්ධනයකි. ගනුදෙනු ප්‍රමාණය, ණය හා සම්බන්ධ ගාස්තු ආදායම, කාඩ්පත් සම්බන්ධ ගාස්තු ආදායම වර්ධනය කිරීම සඳහා බැංකුව විසින් ගනු ලැබුණු ක්‍රියාමාර්ග සහ විදේශ ප්‍රේෂණ ආදායමේ වර්ධනයන් මෙම 14% ක වර්ධනය සඳහා හේතු සාධක වී ඇත.
මූල්‍ය දේපළ ඉවත් කිරීමෙන් සමාගමට ලැබුණු ප්‍රාග්ධන වර්ධනය පෙරට වඩා රු. මිලියන 83 කින් ඉහළ යමින් රුපියල් මිලියන 361 ක් බවට පත් වී ඇත. ලාභය හෝ අලාභය තුළින් සාධාරණ අගයේදී මනින ලද මූල්‍ය වත්කම්වල ලාභ වටිනාකම රුපියල් මිලියන 113 කින් අඩු වී, 2025 වසරේ පළමු අර්ධ වාර්ෂිකය සඳහා රුපියල් මිලියන 67 ක් ලෙසින් වාර්තා වී ඇත. ඒ අනුව 2024 පළමු අර්ධ වාර්ෂිකයට සාපේක‍ෂව 2025 පළමු අර්ධ වාර්ෂිකයේ සෙසු සමස්ත ආදායම 8% කින් හෙවත් රුපියල් මිලියන 44 කින් අඩු වී රුපියල් මිලියන 477 ක් බවට පත් වී ඇත.
2024 වසරේ පළමු අර්ධ වාර්ෂිකයේදී රුපියල් මිලියන 1,592 ක් වූ මෙහෙයුම් වියදම් මෙම වර්ෂයේදී 15% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 1,831 ක් විය. කාර්යමණ්ඩල සාමාජිකයින් අලූතෙන් බඳවා ගැනීම වැඩි කිරීම, වෙළඳපොළ තත්ත්වයන්ට අනුරූපීව සේවක වැටුප් වර්ධනය කිරීම වැනි හේතු නිසා මානව සම්පත් අංශයේ වියදම් 16% කින් වර්ධනය වී ඇත. ශාඛා ජාලයේ වර්ධනය, අලෙවිකරණ කටයුතු සහ වෘත්තීය ගාස්තු ඇතුළු සෙසු පරිපාලන වියදම්වල වර්ධනය නිසා වෙනත් මෙහෙයුම් වියදම් 19% කින් වර්ධනය වී ඇත. බැංකුවේ වියදම් සහ ආදායම් අනුපාතය 2024 වසරේ පළමු අර්ධ වාර්ෂිකයේදී 58.23% ක ප්‍රතිශතයක සිට 66.59% ක් දක්වා වර්ධනයක් පෙන්වා ඇත.
ණය ආපසු අය කරගැනීමේ ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය මෙන්ම ණය හිමිකරුවන්ගේ තත්ත්වය පිළිබඳව තියුණු අධ්‍යයනයකින් පසුව, සාර්ව ආර්ථීක වාතාවරණයේ ණය අයකර ගැනීමේ ප්‍රතිඵල සළකා බැලීමෙන් පසුව රුපියල් මිලියන 180 ක හානිකරණ අයකිරීම් ගාස්තු අය කරගෙන ඇත. එය පසුගිය වසරේ අය කරගත් රුපියල් මිලියන 440 සිට 59%ක අඩුවීමක් ලෙස හඳුනාගත හැකිය. බැංකුවේ අදියර 03 ණය (අදියර 3 ණය හානිකරණ වෙන්කිරීම්වලට පසු) / මුළු ණය අනුපාතය 7.85% ක් ලෙසින් වාර්තා වූ අතර 2025 ජුනි 30 වැනි දින වන විට අදියර 3 ප්‍රතිපාදන ආවරණය 45.04% ක් ලෙසින් වාර්තා විය.
කාගිල්ස් බැංකුව මහ බැංකුව විසින් පණවා ඇති අවම නිර්දේශයන්ට සාර්ථකව අනුකූල වෙමින් ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතයක් සහ ද්‍රවශීලතා වත්කම් අනුපාතයක් පවත්වා ගෙන යාමට සමත් වී ඇති අතර මුළු ප්‍රාග්ධන අනුපාතය 18.06% ක් ලෙසත් සියලූ ද්‍රවශීලතා අනුපාතයන් නිර්දේශිත අවමයන්ට වඩා ඉතා ඉහළ අගයකත් පවත්වා ගනී.
2025 වසරේ ජුනි 30 වැනි දින වන විට කාගිල්ස් බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම රුපියල් බිලියන 84.5 ක් වශයෙන් වාර්තා වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 4.2 ක හෙවත් 5% ක වර්ධනයකි. පවතින තත්ත්වයන් යටතේ ණය ප්‍රමාණය බිලියන 10.3 ක හෙවත් 22% ක වර්ධනයක් පෙන්නුම් කරයි. එය රුපියල් බිලියන 46.1 සිට 56.4 දක්වා ඉහළ වර්ධනයක් වන අතර අපගේ මුල්පෙළ සාර්ථක ක්‍රියාකාරිත්වය එයින් තහවුරු වේ. සාධාරණ වෙළඳ වටිනාකම මත පදනම්ව පෙන්වා ඇති මූල්‍ය දේපළවල වටිනාකම 20% කින් හෙවත් රුපියල් බිලියන 4.6 කින්, රුපියල් බිලියන 17.8 ක් දක්වා අඩු වී ඇත. ණය ඉල්ලූම වැඩිවීමට ප්‍රතිඵල වශයෙන් ණය පොත් වර්ධනයට අරමුදල් සැපයීම සඳහා නැවත මුදල් කොටසක් වෙන් කරන ලදි. 2025 ජුනි 30 වන දිනට අනෙකුත් විස්තීරණ ආදායම් සංචිත හරහා සාධාරණ වටිනාකම් රුපියල් මිලියන 297 දක්වා පහළ යාමට හේතු වූයේ එතෙක් ලද ලාභයෙන් කොටසක් කල් පිරීමෙන් පසු නැවත මුදාහැරීම හේතුවෙනි. ගනුදෙනුකරුවන්ගේ තැන්පතු ලෙස වසර අවසානය වන විට වාර්තා වූ රුපියල් බිලියන 59.4 ක අගය රුපියල් බිලියන 58.9 ක අගයක් දක්වා 1% ක සුළු අඩු වීමක් වාර්තා කර ඇත.

Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form