මුල් පිටුව // පුද්ගලික // ආයෝජන
කෝටිපති ආයෝජන සැලැස්ම
011 7 640 640
සුදුසුකම්
  • වලංගු ජාතික හැඳුනුම්පතක්, රියදුරු බලපත්‍රයක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් සහිත වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම.
විශේෂාංග
  • ආයෝජන සඳහා ඉහළ පොලී ප්‍රතිලාභයක් හිමි වේ.
  • වසර 03 සිට වසර 10 දක්වා ආයෝජන කාලයක් තෝරා ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ඇත.
  • රු. 1,000,000.00 සිට රු. 10,000,000.00 දක්වා ඉහළ වටිනාකමක් ලබා ගත හැකි ආකාරයෙන් මෙය සැලසුම් කර ඇත.
පොලී අනුපාතය
  • වාර්ෂිකව 10%

සෙසු විශේෂතා
  • ගිණුමේ ශේෂයෙන් 90%ක් දක්වා ණය පහසුකම් ලබා ගත හැකි අතර කෝටිපති ආයෝජන සැලසුම් ඉතුරුම් ගිණුම සඳහා ක්‍රමානුකූල මූල්‍ය ප්‍රේෂණ තහවුරු කළ යුතුය.
  • අයදුම් කරන අවස්ථාවේදී ගිණුම් ශේෂයෙන් 90%ක වටිනාකමින් යුතු ණයවර කාඩ්පතක් ලබාදෙන අතර ගිණුම් හිමියන් රු. 200,000.00කට නොඅඩු ගිණුම් ශේෂයක් පවත්වා ගත යුතුය.
  • සිය ආයෝජන සැලැස්මට අඛණ්ඩව මාස 03ක් වාරික ගෙවීමෙන් පසු වසරක් දක්වා ස්ථාවර තැන්පතු සඳහා සම්මත අනුපාතයට වඩා 0.25%ක අමතර අනුපාතයක් ලබා දෙයි.
  • කෙටි පණිවුඩ සේවාව, ජාලගත සහ අන්තර්ජාල බැංකුකරණ සේවා සඳහා ප්‍රවේශය, ස්ථාවර උපදෙස් පද්ධති සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙයි.
අවශ්‍ය ලියකියවිලි
  • නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉතුරුම් ගිණුම් අයදුම් පත්‍රය
  • ජාතික හැඳුනුම්පත් අංකය නිවැරදිව පෙනෙන පරිදි ජාතික හැඳුනුම්පතේ/ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ/ වලංගු රියදුරු බලපත්‍රයේ පිටපතක්
  • පදිංචි ලිපිනය තහවුරු කර ගැනීම සඳහා මෑතකදී නිකුත් කරන ලද උපයෝගිතා බිල්පතක පිටපතක් (බැංකුවට ලබා දී ඇති ලිපිනය ජාතික හැඳුනුම්පතේ, විදේශ ගමන් බලපත්‍රෙය්, රියදුරු බලපත්‍රයේ සඳහන් ලිපිනයට වඩා වෙනම් නම් පමණි)
නියමයන් හා කොන්දේසි

නිෂ්පාදන තොරතුරු අවස්ථානුකූලව වෙනස් විය හැකි බැවින් ළඟම ඇති ශාඛාවට පිවිසීමෙන් හෝ 011 7640 640 අංකයට ඇමතීමෙන් නියමනයන් සහ කොන්දේසි වඩාත් විස්තරාත්මක දැන ගත හැකිය.

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Inquiry Form